(ෂේන් සෙනෙවිරත්න,ජේ.ඒ.එල් ජයසිංහ, රංජිත් රාජපක්ෂ සහ සුදත් එච්. එම් හේවා)
දිවයිනටම බලපා ඇති දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට රන්දෙණිගල, මාඋස්සකැලේ සහ කාසල්රී ජලාශවල ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළ බැස ඇතැයි ජලාශ බාර නිලධාරිහු පවසති.
මාවුස්සකැලේ ජලාශයේ ජල මට්මට පහළ බැසීමත් සමග පැරණි මාවුස්සාකැලේ පැරණි නගරය මතු වී ඇති අතර එහි පිහිටි පැරණි විහාරස්ථාන, කොවිල් හා පල්ලි යළි මතුව ඇත. ඒවා වැඳපුදා ගැනීමට විශාල පිරිසක් පැමිණෙති.
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම අඩි 120කි. මේ වන විට එය සිට අඩි 39.09 දක්වා පහළ බැස ඇත. මාවුස්සකැලේ මුළු ජල ප්‍රමාණය අක්කර අඩි 95400ක් වන අතර කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජලවිදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපැයෙන්නේ මාවුස්සාකැලේ ජලාශයෙනි.
කාසල්රී ජලාශයෙන් විමලසුරේන්ද්‍ර ජලාශයට සහ පොලිපිටිය යන ජලාශ දෙකකට ජලය සපයයි. කාසල් රී ජලාශයේ පිටාර මට්ටම අඩි 155ක් වන අතර එය මේ වන විට අඩි 42දක්වා පහළ බැස ඇත.
රන්දෙණිගල ජලාශයේ මුළු ජල ධාරිතාව ඝන මීටර් කෝටි 80 වන අතර (ඝනමීටර් මිලියන 800) මේ වන විට එහි මුළු ජල ධාරිතාව ඝන මීටර් කෝටි 30 දක්වා පහළ බැස ඇතැයි එහි උසස් නිලධාරියෙක් පැවැසීය. රන්දෙණිගල ජලාශයෙන් සාමාන්‍යයෙන් මෙගා වොට් 120ක විදුලියක් නිපදවන අතර මේ වන විට ජලය අඩුවීම නිසා ගිගා වොට් පැය 1කට සීමා වී ඇත.
රන්දෙණිගල ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයනුයේ වික්ටෝරියා ජලාශයෙනි. රන්දෙණිගල ජලාශයෙන් විදුලි උප්පාදනයට යොදා ගන්නා ජලය රන්ටැඹේ ජලායට මුදා හරින අතර රන්ටැඹේ ජලාශයෙන් පිටවන ජලය මිනිපේ අමුණ දක්වා පැමිණි එතැනින් වම් ඇළ සහ දකුණු ඇල වශයෙන් දෙකට බෙදී වම් ඇළ මහියංගනය දක්වා ගමන් කර කුඹුරු පෝෂණය කරයි. දකුණු ඇළෙන් ගමන් ගන්නා ජලය උල්හිටිය සහ මාදුරු ඔය හරහා කුඹුරු පෝෂණය කරයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රන්දෙණිගල, මාඋස්සකැලේ , කාසල්රී ලෙල්ලටම හිඳිලා
Perera Thursday, 24 August 2023 08:41 AM
ලංකාවට මෙ ලබල තියෙන්නෙ දේව සාපයක්. මිනිස්සු හැම අතින්ම දඩුවම් විදිනව.