IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රනිල්ගෙන් අනුරට ප්‍රශ්න දෙකක්

 

(අංජුල මහික වීරරත්න)

අනුර කුමාර දිසානායකට තමා මූලික ප්‍රශ්න දෙකක් යොමු කරන අතර එම ප්‍රශ්න දෙකට පිළිතුරු දෙනතුරු තමා හැම වේදිකාවකම එම ප්‍රශ්න දෙක විමසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිමඩ දී පැවසීය.

අනුර කුමාර අනුමත කරන්නේ ආනයන ආර්ථිකයද?අපනයන ආර්ථිකයද?යන ප්‍රශ්නයට මුලින් පැහැදිලි පිළිතුරක් දෙන්නැයි කී ජනාධිපතිවරයා දෙවැනිව තම රජය ඉදිරිපත් කළ දුෂණ විරෝධී වැඩසටහනට සහයෝගය දෙනවාද? නැද්ද? එසේ නැතිනම් දූෂණ මර්දනය කිරීමේ වැඩසටහන එක නීතියකට ලඝු කරනවාද? කියා වහා පිළිතුරු දෙන්නැයි කීය.

ආනයන -අපනයන ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නය තමා මොරවකදී විමසූ දිනට පසු දින අනුර කුමාර අසනීප වී ඇතැයි තමාට ආරංචි වූ බව කී ජනාධිපතිවරයා තම ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා ඉක්මනින් සුවපත් වී එන්නැයි ප්‍රාර්ථනා කරන බවද කීය.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මියද ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා වැලිමඩ පැවති ජනරැළියට සහභාගී වූවාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙදින හපුතලේ,මඩකළපුවේ ඔට්ටමාවඩි සහ කල්කුඩා ප්‍රදේශවලද ජනරැළි පැවැත්විණි.

ජන රැළි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

වැලිමඩ උසාවි සංකීර්ණයේ වැඩ ආරම්භ කළේ තලතා අතුකෝරළ මහත්මිය අධිකරණ  අමාත්‍ය ධුරයේ සිටින සමයේයි. අද එතුමිය මේ වේදිකාවේ සිටිනවා.එතුමියට ස්තුතිවන්ත විය යුතුයි.

එදා මීට දෙවසරකට පෙර ජනාධිපතිවරණයක් තියන්න පුළුවන් වේ යැයි සිතුවේ කවුද? එදා ඡන්දයක් තිබුණා නම් ඊට ඉදිරිපත් වන්නේ  මම විතරයි. අනිත් අය බයේ දුවලා.

අභියෝගය බාර ගෙන රටේ දේශපාලනයේ මෙන්ම ආර්ථිකයේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරන්නට අපට පුළුවන් වුණා.මම රට බාර ගන්නා විට හැමතැනම පෝලිම්.බෙහෙත් තිබුණේ නැහැ. ජනතාව ඉතා අමාරුවෙන් ජීවත් වුණා.මුදල් තිබුනොත්  කෑම නැහැ. කෑම තිබුනොත් මුදල් නැහැ.

අපි ඔක්කොම එකතුවී මේ අභියෝගය භාර ගත්තා.ජේ.ආර් ජයවර්ධන එදා රටේ ආර්ථිකය දියුණුව කරා හැරවූ පළපුරුද්ද මත මා ඒ කාර්යය කළා.

අපට මුදල් තිබුණේ නැහැ. ඩොලරය තුන්සිය හැත්තෑවකට කඩා වැටුණා. බඩු මිල දෙගුණයක්  වුණා. නමුත් රුපියලය දෙගුණයකින් වුණේ නැහැ. එදා තව ණය ගත්තොත් ආර්ථිකය කඩා වැටෙන බව මූල්‍ය අරමුදල කිව්වා.තවත් මුදල් අච්චු ගහන්නට එපා යයි මූල්‍ය අරමුදල කිව්වා. බැංකු වලින් ගන්නත් එපා කිව්වා.

ඒ නිසා අපට අකමැත්තෙන් හෝ බදු වැඩි කරන්නට සිදුවුණා. එදා මට බැන්නත් මා රට බාර ගෙන වැඩි කලන් යන්නට පෙර රුපියල ශක්තිමත් වුණා.

එමෙන්ම ගෑස් මිල අඩු වුණා. බඩු මිල වුණා. ඒ නිසා රුපියල ශක්තිමත් වුණා.

අපට අපනයන ආර්ථිකයක් අවශ්‍යයි. මගේ වැඩසටහන 2025  සිට ආරම්භ කරන්න පුළුවන්. අනෙක් අය වගේ මා කතා කර කර ඉන්නේ නැහැ.එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 

පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහනට අප අනුමැතිය ගන්නවා.

මට අවශ්‍ය ජීවන බර සැහැල්ලු කිරීමයි.රැකියා ආදායම් මාර්ග ඇති කොට  බඩු මිල සැහැල්ලු කිරීමයි.අස්වැසුම සහ උරුමය ආරක්ෂා කිරීමයි.එමෙන්ම උරුමය වැඩසටහන ලබාදෙන්න අප කටයුතු කර තිබෙනවා. එමෙන්ම අප රැකියා ලබාදෙන්නත් කටයුතු කරනවා.එන වසරේදී රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ලක්ෂයක් ලබා දෙනවා.

ස්වයං රැකියා කරන අය සඳහා වසරකට සහන ක්‍රමයකට ණය ලබා දෙනවා.රැකියා පුහුණුවීම් ක⁣ටයුතු සඳහා පනස්දාහකට මුදල් දෙනවා.අප තරුණ තරුණියන් සඳහා සහනයක් දිය යුතුයි.

රටට සහනය දෙන්න හැකියාව ඇත්තේ  පුලුවන් ශ්‍රී ලංකා වැඩසටහන තුලින්  විතරයි. අනිත් එක වැඩ සටහනකින්වත් එලෙස රටට යහපතක් කරන්නට බැහැ.

අප සංචාරක ව්‍යාපාරය  දෙගුණයක් කරන්න යනවා.එයින් රැකියා උත්පාදනය වෙනවා.වැලිමඩ සිට ඇල්ල දක්වා  කලාපයක් බිහි කරන්නට අප කටයුතු කරනවා.

කෘෂිකර්මය නවීකරණය කරන්නට අප කටයුතු කරනවා.වැලිමඩ ප්‍රදේශයේ එළවලු හා පළතුරු වගාව සඳහා වැඩි  අවස්ථාවක් ලබා දෙනවා.එමෙන්ම බණ්ඩාරවෙල විශාල ශීතාගාර ගබඩාවක් ඇති කරනවා. එයින් ප්‍රදේශයේ එළවළු සහ පළතුරු නාස්තිය වලකා වසර පුරා ආරක්ෂා කරන්නට හැකියාවක් ලැබෙනවා.අප

ඌව කෘෂිකර්මය නවීකරණය කරන බව කිව යුතුයි.එමෙන්ම මේ ප්‍රදේශයේ අධ්‍යාපනය දියුණු කරන්නට අප කටයුතු කරනවා.අප මේ ප්‍රදේශය අමතක කරන්නේ නැහැ.

සජිත්ගේ සහ අනුරගේ වැඩසටහන් ගැන මා ටිකක්  කතා කරන්නම්. මට  සජිත්ගෙන් අහන්න එක ප්‍රශ්නයක් තිබෙනවා ඔහුට ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් තිබෙනවා.එහි කරුණු පරස්පරයි. මේ දෙකෙන් තෝරා ගත යුත්තේ කුමක්ද?

අපනයන ආර්ථිකයක් ඇති කරන්න මා බලාපොරොත්තු වුණා.අපනයන කර්මාන්ත ඇති කරන බව අනුර කුමාරත් කැලණියේදී පැවැසුවා. නමුත් නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කරන බව අනුර කුමාර කියනවා. නිදහස් වෙළෙඳ  ගිවිසුම් නැතුව අපනයනය කරන්නේ කොහොමද? අපනයන කර්මාන්ත සඳහා නිදහස් වෙළෙඳ  ගිවිසුම් තිබිය යුතුයි.ඒවා අහෝසි කරන බව අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා.

එමෙන්ම සුනිල් හඳුන්නෙත්ති මා අපනයන කර්මාන්ත ඇති කිරීමට යන විට ඊට  විරුද්ධ යැයි කියා නඩු දැම්මා. මේක හරි ප්‍රශ්නයක්.

මම මොරවක රැලියේ දී මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන්නැයි අනුරට කිව්වා.නමුත් ඊට පසුවදා එතුමා අසනීප වුණා යැයි  ආරංචි වුණා.ඒ නිසා මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඉක්මනට සුව වේවා කියා අනුරට මා කියනවා.

ආනයනය - අපනයන ප්‍රශ්නයට පිළිතුරු නුදුන්නත් මා යාපනයේ කළ කතාවට අනුර  පිළිතුරු දී තිබුණා.මේ රටේ ජනතාව දැනගත යුතු කාරණයක් තිබෙනවා. ඔබ යන්නේ අපනයන ආර්ථිකයකටද? ආනයන ආර්ථිකයකටද?

අපනයන ආර්ථිකයකට යන බව අනුර කියනවා. ආනයන ආර්ථිකයකට යන බව  සුනිල් හඳුන්නෙත්ති  කියනවා.

බැඳුම්කරය ගැන චෝදනා කර තිබුණා. බැඳුම්කරය  ගැන විභාග කරන්න කිව්වේ මම. අප කොමිසමක් දැම්මා.බැඳුම්කරයට වැරදිකරුවන්ද කියා විභාග කර බලන්න නඩු දාන්න කිව්වා. මහාධිකරණය හමුවේ වරදකරුවන් වුනේ නැහැ.පසුව  අභියාචනාධිකරණයට ගියා.එයිනුත්  නිදහස් වුණා.

බැඳුම්කරයට වැරදිකරුවන් කියා මේ අය කියනවා.ඊට නිවැරදි කරුවන් කියා උසාවිය කියනවා .මේ සම්බන්ධයෙන් කතා කරමින් නොසිට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඇපෑලක් දාන්න.අනුර කුමාරට වුවමනා නම් එතුමාගේ නීතිඥයන් ඊට  යවන්න පුළුවන්.

දූෂණය නැති කරන බව අනුර කියනවා .දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරන බව කියනවා.දූෂණ විරෝධී පනත ප්‍රමාණවත් නැහැ. තවත් ඒවා තියෙනවා.මගේ" පුළුවන් ශ්‍රී ලංකා" වැඩසටහනේ දූෂණ මර්දනයට ගත යුතු පියවර සියල්ල කියා තියෙනවා.

අපරාධයකදී අත්පත් කරගන්නා දේපළ පිළිබඳ පනත් කෙටුම්පත අප ඉදිරිපත් කර තිබෙනවා.මේ පනතට අනුර  සහයෝගය දෙනවාද?නැද්ද? කියා කියන්න.

2025 සිට ජාතික දූෂණ විරෝධී සැලැස්ම ක්‍රියාත්මක කරන්න තිබෙනවා. ඒකට සහයෝගය දෙනවාද?

විගණකාධිපති බලතල පුළුල් කිරීම සඳහා ජාතික විගණන පනත සංශෝධනය කිරීමට අනුර  එකඟද?

වත්කම් හා බැරකම් තොරතුරු පිළිබඳ වෙබ් අඩවිය දැන් ප්‍රසිද්ධියේ බලන්න පුළුවන්. ඒකට පක්ෂද? නැද්ද?

මුදල් විශුද්ධිකරණ නීතිය දැඩි කරන්න එකඟද? සමාගම් නීති දැඩි කරන්න එකඟද?

අනුර කුමාර දූෂණ විරෝධී වැඩසටහන එක පනතකට සීමා කර තිබෙනවා. ඒ අප සම්මත කළ පනතට පමණයි. ඒ සඳහා පණත් මාලාවක් වුවමනයි.ඒ ගැන නිහඬ ඇයි?

මුලින්ම අපනයන ආර්ථිකය ගැන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.

එමෙන්ම අපේ දුෂණ විරෝධී වැඩසටහනට සහයෝගය දෙනවාද? නැද්ද?නැතිනම් එය එක නීතියට සීමා කරනවද? කියා කියා අහන්න කැමතියි.

අනුර කුමාර මිතුරා මෙම ප්‍රශ්න වලට පිළිතුරු දෙනතුරු හැම වේදිකාවකම මම මේ ප්‍රශ්නය අහනවා. හරි නම් එක වේදිකාවක ප්‍රශ්නය ඇසූ විට ඔහු අනෙක් වේදිකාවේ පිළිතුරු දිය යුතුයි.

ඉක්මනින් සනීප වී පැමිණ මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.

අප ඔබ සමග විවාද කරන්න මා කැමති යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය:-

මට අද ඉතාම සතුටු දවසක්.මා අද නිවැරදි තීරණයක් අරගෙන ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය දක්වන්න තීරණය කර තිබෙනවා.මා වසර විස්සක් පාර්ලිමේන්තුවේ සිටි කෙනෙක්.වසර දාසයක් රනිල් සමගත් වසර හතරක් සජිත් සමඟත් සිටියා.

මේ නායකයන් දෙදෙනාගේ අඩුපාඩු සහ සාර්ථකත්වය මා දන්නවා. හැට නව ලක්ෂයක් ලබපු ජනාධිපතිවරයෙක් ඔබ සියල්ලම අතරමං කර පලා ගිය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ඔබේ වගකීම බාර ගත්තා.

එවන් නායකයා ජයග්‍රහණය කිරීම මගේ එකම අරමුණයි.අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් වෙනවා.

මෙලෙස  රට අර්බුදයට ලක් වූ හැම අවස්ථාවකම අර්බුදයෙන් රට ගලවා ගත් නායකයා නැවත ජනාධිපති ධුරයට පත් කරමු.

(ඡායාරූප-ප්‍රදීප් පතිරණ)



අදහස් (18)

රනිල්ගෙන් අනුරට ප්‍රශ්න දෙකක්

පුරවැසියා Monday, 09 September 2024 12:01 PM

සීයේ ඔයා දැන් නාකියි තරුණයින්ගේ අනාගතය කාබාසිනියා නොකර ගෙදර යන්න...

:       125       92

ලසන්ත Monday, 09 September 2024 12:13 PM

කද මළුද ගෙන අනේ.. වැඳ ඡන්ද හිඟමනේ.. කැඳ නොමැති දරුවනේ.. විඳ මන්ද පෝෂණේ .. මේ ගොල්ලෝ මාරුවෙන් මාරුවට අවුරුදු හැත්තෑ ගානක් රට කරලා, රටේ දරුවන්ගෙන් තුනෙන් එකකට මන්දපෝෂණේ හැදුනේ කොහොමද? කියන ප්‍රශ්නයට පිළිතුරු කෝ...?

:       112       71

රංබොඩ Monday, 09 September 2024 12:30 PM

මේවා නිකම් දේශපාලන විහිළු විතරයි. අනුරට බලේ දුන්නා කියමුකෝ... කැහි ගෑණි දීලා... හොටු ගෑණි ගත්තා වගේ වෙයිද දන්නේ නෑ... මොනවා වුණත් අපක්ෂපාතීව බලා ඉඳිමු. රටට හොඳක් කරනවා නම් කවුරු වුණත් කමක් නෑ...!

:       28       91

chinthaka Monday, 09 September 2024 12:52 PM

ඔයාට දැන් ප්‍රශ්න අහ අහ ඉන්න කාලයක් නැහැ. 22 ගෙදර යන්න බලාගෙන ඉන්න...

:       73       58

අරවින්ද මොනරවිල Monday, 09 September 2024 12:57 PM

අපිටත් තියෙනවා ඔයාගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න, ඒවා ඔයා අහන ඒවා වගේ ගොන් ප්‍රශ්න නොවෙයි. ඒ නිසා ඒවාට ලබන 22 දාට පස්සේ උත්තර දෙන්න ලැහැස්ති වෙන්න...

:       78       53

Chandima Monday, 09 September 2024 01:07 PM

ඔයිට වඩා නරකද "අනුර කුමාර මම පිරිමියෙක්ද? නැතිනම් ගෑනියෙක්ද?" වගේ ප්‍රශ්නයක් ඇහැව්වා නම්?

:       68       41

dhanushka Monday, 09 September 2024 01:23 PM

පිස්සුද මේ මනුස්සයට? දූෂණ විරෝධී වැඩසටහනක් තිබුණා නම් මහ බැංකු හොරු කොහොමද නිදැල්ලේ ඉන්නෙ?

:       64       44

Prabha Monday, 09 September 2024 01:42 PM

ආනයන ආර්ථිකය කියන්නේ රටේ කෑලි විකුණා රටට බඩු ගේනවා කියන එකනේ

:       58       32

Duminda Udayakumara Monday, 09 September 2024 02:10 PM

අපිටත් සෑහෙන්න ප්‍රශ්න තියනවා අහන්න.... එක්කෝ ඕන නෑ 21 පස්සේ උසාවියෙන් අහයි....

:       36       22

ගමේ එකාලා Monday, 09 September 2024 03:09 PM

අපිටත් අහන්ඩ ප්‍රශ්න නැතුව නෙවෙයි. අවුරුදු 47 ක් දේශපාලනේ කරලා කියපුවා කරපුවා ගැන ඕන තරම්... වැඩක් නැහැ අහලා... මේ දවස්වල මොලේ කොලොප්පම් වෙලා තියෙන්නේ...

:       33       15

Athula k Monday, 09 September 2024 03:09 PM

මෙයා කරන්නේ අපනයන ආර්ථිකයක් හදනවා කියලා කටින් කියන එක විතරයි... අපනයන කරන්න නිෂ්පාදන වලපල්ලට යවනවා. සරුංගල්, වෙසක් කූඩු, කිරි අල පවා රටින් ගේනවා.

:       32       17

පොඩිඑකා Monday, 09 September 2024 03:14 PM

අපනයන ආර්තිකේ කියන්නේ අර ඔයා ඔයාගේ බැංකු හොරා සිංගප්පූරුවට අපනයනය කළා වගේද?

:       34       18

Amara Monday, 09 September 2024 03:37 PM

ඔව්.. නෑ... බෑ.. උත්ත‌ර දෙන්න මොකෝ මේ මහබැංකුව හදපු කෙනාද? වයසට ගිහින් හිරේ යන්න වුවමනායි...!

:       34       14

pakeer Monday, 09 September 2024 04:49 PM

මොකක්ද සීයේ ඇහුවේ...?  මට ඇහුණේ නැහැනේ...!

:       25       10

Rata Perata Monday, 09 September 2024 06:28 PM

ඊට වැඩිය හොඳයි ගෙදර ගිහින් අඹුවගෙන් අහන්න මම තව විහිළු සපයන්න... නැතිනම් ඉල්ලා අස්වෙන්න... කියලා...

:       0       0

fairoos Monday, 09 September 2024 06:54 PM

නාමල්ගෙන් අහන්න මොනවත් නැත්ද?

:       13       6

Chathuri Tuesday, 10 September 2024 01:31 AM

රටේ දරුවන්ට. බොන්න කිරිපිටි. නැහැ කියන්නේ බොරුවක්නේ මේතරම්. විසාල ගවපට්ටියේ. සේරම වද කට්ටියද. අනුරගෙන් ප්‍රශ්න අහලා වැඩක් නැහැ රට විනාස කෙරුවේ හොරා කාලා අනුරද. තමන් ඇතුළු නඩේ නේද. අනුර මේවාට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. ඉට වැඩිය ලොකු ප්‍රශ්න ජනතාවගේ දැවෙන ප්‍රශ්න ඒවාට පිළියම් යොදන්න කොහෙවත් යන හොරුන්ට උත්තර බදින්න පිස්සු නැහැ 21 වෙනිදායින් පස්සෙ. පෙනෙයි. අල වගේද ගෝවා කියලා

:       0       0

Nishan Tuesday, 10 September 2024 03:04 AM

ඕවාට උත්තර දෙන්න අනුරට තියා ඒ පක්ෂේ කාටවත් බෑ. එයාලා ඕවා ගැන හිතලවත් නෑ. දැන් දිනන චූන් එකේ ඉන්නේ. ආණ්ඩුව ගත්තම තමයි ඕවා ගැන කල්පනා කරන්න පටන් ගන්නේ. ඒත් උත්තරයක් නැති වෙයි. කොහොම වුණත් අනුර පොරොන්දු වුණ වැට් බද්ද නැති කරන එකයි උපයන විට ගෙවන බද්ද නැති කරන එකයි නම් කිසිදාක කරන්න වෙන්නේ නැති දේවල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 795 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1800 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2277 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5689 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1697 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6243 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18143 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site