IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී බ්‍රහස්පතින්දා  (29) එළිදක්වයි.

"පුලුවන් ශ්‍රී ලංකා " යන දැක්ම මුල් කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කොට තිබේ.

රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා රැගෙන යෑමේ සැලසුම් "පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් වලට යහපත් රටක් ගොඩනැගීම "පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අරමුණක් බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට ගැනීමෙන් පසු තවත් ඉදිරිගාමී පියවරක් තැබීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අවධානය යොමු කර තිබෙන බවද රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.



අදහස් (16)

රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා

Lakmal Tuesday, 27 August 2024 03:17 PM

මොන ප්‍රතිපත්තිද? සාගල රනිල්ට,... රනී සජීට... ඕක තමයි එකම දේ...

:       0       0

K. G. C. Deepal Tuesday, 27 August 2024 03:23 PM

කඩේ බඩු විකුණන්න එපැයි ලාභ හොයන්න... විකුණුම් ප්‍රතිපත්තිය හොඳටම කියලා ඇති... බලපල්ලකෝ නැද්ද කියලා...?

:       0       0

පුරවැසියා Tuesday, 27 August 2024 03:29 PM

අලුතෙන් දෙන්න දෙයක් නැහැ... ඔයාගේ ප්‍රතිපත්තිය අපි දන්නවා ඒක රටත්, ජනතාවත් විනාශ මුඛයට ඇද දාන ප්‍රතිපත්තියක්...

:       0       0

Rata Perata Tuesday, 27 August 2024 03:55 PM

පුළුවන් ශ්‍රී ලංකා - රනිල් එක්ක බෑ ... කියලා ඕක වෙනස් කරන්න.

:       0       0

ගමේ එකාලා. Tuesday, 27 August 2024 04:10 PM

අවුරුදු 47ක් දේශපාලනේ කරලා විවිධ තනතුරු දැරුවා. දැනුයි, පුළුවන් වෙලා තියෙන්නේ? බැරි නම් ශ්‍රී ලන්කා කියලා තමා හිතන්න වෙන්නේ...

:       0       1

රුවන් Tuesday, 27 August 2024 04:21 PM

"අඩු මිලට විකුණන්න පුලුවන් ශ්‍රී ලංකා"...

:       0       0

ජයනාත් Tuesday, 27 August 2024 04:23 PM

ඔයාගේ ප්‍රතිපත්තිය අපි දන්නවා . විකුණලා කෑම...

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 27 August 2024 06:08 PM

මෙයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබුණාද කියලා මුලින්ම කියන්න ඕනෑ.

:       0       1

රනිල් වික්‍රමසිංහ Tuesday, 27 August 2024 06:14 PM

"මම මේ සැරේ ෆොක්ස්වැගන් කොම්පැනිය විතරක් නොවෙයි... රුසියාවට විරුද්ධව යුද්දෙට මහාපරිමාණයෙන් බෝම්බ හදන බෝම්බ කොම්පැනියකුත් මේ රටට ගෙනෙනවා. ගමේ තරුණ තරුණියන්ට නිවසේදීම බෝම්බ හදලා හොඳ ආදායමක් හොයාගන්න පුළුවන්. ඒ බෝම්බවල අතිරික්තයක් අපි මෙහෙ තියාගන්නවා. අපිට විරුද්ධව නැගිටින කොල්ලෝ කෙල්ලන්ට ගහන්න."

:       2       5

Nimal 1 Tuesday, 27 August 2024 07:54 PM

සුරංගනා කතා තවත් නොකියනු මැන මට...!

:       2       5

Lakmal Tuesday, 27 August 2024 09:22 PM

රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක කෙනෙක් කොහොමද ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශ දෙන්නේ ?මුන් නොකරන දෙයක් නෑ බලය රැකගන්න

:       2       4

chandima Tuesday, 27 August 2024 09:37 PM

අන්තිමේ අයි.එම්.එෆ් එකෙන් ඒක හදලා දීලා වගේ...?

:       1       1

de silva berlin Wednesday, 28 August 2024 07:30 AM

පම්පෝරි ගහන්න ඉස්සරවෙලා පාස්පෝර්ට් කන්තෝරුවේ වෙන්නේ මොනවාද කියලා සොයලා බලන්න. පාස්පෝර්ට් එකක් යනු පුරවැසියෙකුගේ මූලික අයිතියක්... ආගමන විගමන පාලක බැඳී සිටිනවා. නීත්‍යානුකූල ලියකියැවිලි ඉදිරිපත් කර, පාස්පෝර්ට් එකක් ඉල්ලන සියලු දෙනාටම නොපමාව එම පාස්පෝර්ට් එක ලබාදෙන්න. කල්වේලා ඇතිව අවශ්‍ය ලිපිද්‍රව්‍ය සැපයුම් කරුවන්ගෙන් ඇණවුම් කරන එක ඔහුගේ වගකීමක්... ඔහුට ජනතා මුදලින්, වැටුප්, දීමනා, වාහන සහ ගොඩනැගිලි පහසුකම්... පුහුණු වැනි මෙකී නොකී සියලු වරප්‍රසාද ලබාදීලා තිබෙනවා... මෙම සිද්ධියේදී ඔහු බරපතල ලෙස තම වගකීම් පැහැර හැරීම නිසා පුරවැසියන් දහස් ගණනකගේ මූලික ඓතිවාසිකම් කඩවෙලා, වහාම මොහුගේ වැඩ තහනම් කර මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන එක විෂය භාර ඇමැතිගේ සහ ජනාධිපතිගේ වගකීමක්. එසේ නොකළොත් ඉදිරි සති කිහිපය තුළ අගතියට පත් ජනතාවගෙන් විශාල පීඩනයක් රජයට එල්ල වෙන එක වළක්වන්න බැහැ...!

:       1       5

RohanaWednesday, 28 August 2024 06:21 PM

පාස්පෝට් ප්‍රශ්ණය නිසාම රජය ගැන කලකිරුණු විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා රජයට පක්ෂ විශාල ඡන්ද සංඛ්‍යාවක් අහිමිවන්නේ ආගමන විගමන දෙපාර්තමේතුවේ දුර්වල පරිපාලනය නිසයි.

:       0       1

සුපුන් චාමර Wednesday, 28 August 2024 08:29 AM

මොනාද ඉතින්. මේ අවුරුදු 2 මිනිස්සුන්ට උපරිම බරක් දුන්නා. මේ ආර්ථික අවපාතය සාමාන්‍ය මිනිසුන් ඇති කළ දෙයක් නොවේ. වත්මන් පාලකයා ඇතුළු රට පාලනය කළ සියලු දේශපාලුවන් මෙයට වගකිව යුතුයි. මොවුන් කුමන ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කළද බලය ලැබුණු පසු පවසන එකම දෙය වන්නේ ඉදිරි සති දෙක අමාරුයි ලෙසයි

:       4       7

de silva Thursday, 29 August 2024 08:51 AM

රනිල්ට කොහෙද ප්‍රතිපත්ති ? රනිල් යනු කිසිම ප්‍රතිපත්තියක් නොමැති බලය වෙනුවෙන්, අසුචි පොහොර හොරු , මාල හොරු , කප්පම්කාරයෝ , කුඩුකාරයෝ, වීසා හොරු සමඟ එකට ළගින මනුස්සයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 18 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 19 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3380 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2480 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3087 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5891 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18721 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site