(සුජිත් හේවාජුලිගේ)
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට මැතිසබයේ වෙන් කෙරුණු ආසනයට යාබද ආසනය වෙන් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඔහුට බොහෝ දුරට විපක්ෂයේ ඉදිරි පෙළ 16 වැනි ආසනය හිමිවනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි .
මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා විපක්ෂයේ ඉදිරි පෙළ 16 වැනි ආසනය දැනටමත් වෙන් කර ඇති බවයි .
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂය සඳහන් කර ඇතත් ඒ තීරණය මැතිවරණ කොමසාරිස්වරයාට තවමත් දැනුම් දී නැති බවත් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම්දී අදාළ ගැසට් නිවේදනය නිකුත්වූ වහාම නියමිත අසුන් වෙන් කිරීම සිදුකරන බවත් වේත්‍රධාරිවරයා කීය .
කෙසේ වෙතත් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනෙනු ඇතැයි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය .
එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පුරප්පාඩුවී මේවනවිට ගත වී ඇති කාලය වසරකට ආසන්නය.
විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල්ට අනුරකුමාර ළඟම ආසනය
SUNIL MILANO Friday, 11 June 2021 01:48 PM
වෙනසක් හොදයි හොදයි
Sanath KandyFriday, 11 June 2021 05:09 PM
තමන් ගේ දූෂිත පාලනය නිදහසේ කරගෙන යාමට ආණ්ඩුවට ඇති ලොකුම හිසරදය අනුර කුමාර සහෝදරයාට මඩ ගැසීමේ තවත් කුමන්ත්‍රණයක්...!!!
VajiraFriday, 11 June 2021 05:12 PM
රනිල්ගේ නීච පාවාදීම් නොවෙන්නට මේ ආණ්ඩුවේ වැඩි පිරිසක් අද ඉන්න ඕනෑ වැලිකඩ..
NissanakaFriday, 11 June 2021 05:16 PM
ලජ්ජා නැතිව මේ මිනිහා ආපහු එනවනේ. දැන් ඉතින් රනිල් කරපු ද්‍රෝහී පාවාදීම් ළඟ තියාගෙන මූණටම කියලා දෙන්න අනුර මහත්තයෝ...!!!
chandima Friday, 11 June 2021 02:08 PM
අනුර කුමාරගේ අන්තිම දවස් ටිකද දන්නැ
වාසුදේව Friday, 11 June 2021 02:08 PM
හැමෝම බලන් ඉන්නේ මෙක සජිත්ට දීලා ගෙදර යනකල්
Raveendra Friday, 11 June 2021 02:14 PM
ඇති යාන්තම් කාලෙකට පස්සේ
බුද්ධික Friday, 11 June 2021 02:15 PM
අනුර කුමාර මහත්තයො පුලුවන් නම් හිටපු අගමැතිතුමාවත් පක්ෂයට ගන්න
ජයන්ත මිලානො Friday, 11 June 2021 02:34 PM
කෙසේවෙතත් පරණ නාඩගම්... කලාවේ නාඩගම ගැන අනුර කුමාරට කියාදෙයි...
Kule Friday, 11 June 2021 02:35 PM
කරපු දේවල් නැවත සමාලෝචනය කිරීමට කදිම අවස්ථාවක්...
Tharindu Perera Friday, 11 June 2021 02:38 PM
ආන්දෝලනයකට තුඩු දී ඇති වාහන තොගයක් ආනයනය කිරීමට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය පිළිබඳ අනුරගේ මාධ්‍ය සාකච්ඡාවත් බලන්න.
මුණසිංහ Friday, 11 June 2021 03:25 PM
දැන් අරලියගහ මන්දිරයේ කරපු සාකච්ඡා ටික කාලෙකට පස්සේ අතළඟින් ඉඳන් කරන්න පුළුවන්. අතිජාත මිතුරන් එක ළඟින්...
Raveendra Friday, 11 June 2021 03:53 PM
දුෂ්ටයන්ට දුෂ්ටයන් එකතු වෙනවා කියන පැරණි කියමන අදටත් වලංගු බව මොනවාට කියමුද
Dilshad Friday, 11 June 2021 04:13 PM
අනුර කුමාරට ලැජ්ජා නැතිකම ගැන කියලා දෙන්න.
Gamini Friday, 11 June 2021 04:18 PM
හොදට ගැලපෙනවා
යාපා Friday, 11 June 2021 04:38 PM
හාමු මහත්තයා සමග ගජ මිතුරා
Kule Friday, 11 June 2021 05:11 PM
කුණු ගොඩට කුණු... මඩ ගොඩට මඩ... බොරු ගොඩට බොරු... වීසා ගොඩට වීසා... හරි පුදුමයි..
chandima Friday, 11 June 2021 05:36 PM
පාර්ලිමේන්තුවේ කොට කලිසම් අදින්න දෙන්නේ නැ නේද ?
මැක්ස් Friday, 11 June 2021 05:41 PM
සුදුස්සන්ට සුදුසු තැන!
Kumara Friday, 11 June 2021 06:54 PM
කොහොමත් ලැජ්ජා නහරෙ කපලානේ තියෙන්නේ...!!!
Rohana Friday, 11 June 2021 08:30 PM
රනිල්ට තිබුනේ බොරු නොකර ආණ්ඩු පක්ෂයේම ආසනයක් තෝරාගන්න.
Saman Friday, 11 June 2021 09:17 PM
පැරණි යුවළක් !
Sri Lanka Friday, 11 June 2021 09:31 PM
ඒක හොඳයි... ජවිපයේ 60000ක් මැරුවා ඒක ගැන විස්තර ඉල්ල ගන්න.
Dharmatileke Saturday, 12 June 2021 04:13 PM
රාජපක්ෂලා කොපමණ හිටියත් හැන්ද තියෙන්නේ රනිල් ළඟ. දැන් යුරෝපා රටවල් ලංකාවට දෙන බදු සහනේ නවත්වන්නට යන්නේ..මේක නවත්වන්න පුළුවන් රනිල්ට විතරයි.