IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රනිල්ට සහාය දෙන බව පොහොට්ටු මන්ත්‍රීවරු මහින්දට කියති

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණයේදී පොදුජන මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද (25)දැනුම් දී තිබේ.

කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව සිදුවී ඇත. මේ මොහොතේ පක්ෂයේ බහුතරයක් දෙනා ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර ඇති බැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් එය පක්ෂයේ ඡන්ද පදනම⁣ට හානි විය හැකි බවද ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

එබැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන ලෙසද ඔවුන් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් පක්ෂය සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් ලබා දෙන බවයි

 



අදහස් (10)

රනිල්ට සහාය දෙන බව පොහොට්ටු මන්ත්‍රීවරු මහින්දට කියති

Rohana Thursday, 25 July 2024 09:50 PM

ඔන්න දැන් පොදුජන පෙරමුණේ සැගවුන අපේක්ෂකයා එලියට ඇවිත්.

:       26       4

chandima Thursday, 25 July 2024 11:07 PM

මාර ගේම නේද තරහා වෙලා වගේ අනික් පැත්තට සපෝට් එක දෙන්න යවන විදිය අපූරුයි .ඔය මොනවා කලත් මිනිස්සු රට බංකොලොත් කරපු උන්ට චන්දෙ දෙනවද ?උන් යන පැත්තකටවත් චන්දෙ දෙන්නේ නැහැ

:       17       6

Samarasinghe s Friday, 26 July 2024 12:29 AM

මහින්දට විකල්ප නොමැත, එය මෙසේ අවසන් වේ යැයි කිසි දිනක සිතුවේ නැත

:       13       5

Prabha Friday, 26 July 2024 12:35 AM

ඔය නොකිව්වට මහින්ද සපෝට් රනිල්ට තමා

:       10       18

amila Friday, 26 July 2024 01:35 AM

යන්ඩ මෙයා යන්ඩ .ගැලවුම්කාරයා ගාවට යන්න ?අරුන් ආවොත් අපි ඔක්කොම හිරේ

:       56       6

Pradan Friday, 26 July 2024 02:09 AM

මේ රනිල්ට සහාය දෙන්න හදන පොහොට්ටු මන්ත්‍රීවරු බහුතරයක් දූෂිතයෝ. ඒ අය නිසා තමයි මහින්දට වැරදුනේ. මේ අයට කොහොමත් අපි ඡන්දෙ දෙන්න හොඳ නෑ. මේ කරන්නේ රනිල්ගෙන් ඇමතිකම් ගන්න ඒත් රනිල් මේ අයට සලකාවිද එයාගේ යූඑන්පී අය ඉඳිද්දි. මේ අය නිසා රනිල්ට ලැබෙන්න තියන ඡන්ද ටිකකුත් නැතිවෙනවා වගේම පොදු පෙරමුණට ලැබෙන්න තියන ඡන්ද ටිකකුත් නැතිවෙනවා. කප්පම් කාරයෙක් අගමැති වෙන්න දඟලන නිසා තමයි මේ ඔක්කොම.

:       34       6

thilak Friday, 26 July 2024 02:29 AM

සිහි තබාගත යුතු වැදගත්ම කරුණ නම්, රටේ මහජනයාගේ සහාය කාටද යන්නයි.

:       15       32

මරික්කාර් Friday, 26 July 2024 06:07 AM

මේ ඊනියා මන්ත්‍රීවරු ඔක්කොම ඉන්නේ මිත්‍යාවක දවල් හීන දකිමින්. ඒ කිසිවකුට ඉදිරි මැතිවරණයේදී ජනවරම ලැබෙන්නේ නැත.

:       32       7

රංබොඩ Friday, 26 July 2024 11:05 AM

තක්කඩි වාසි පැත්තට හෝයියා කියලා රනිල් දිණුවොත් ඇමති කම් අරගෙන නැවත මුළ ඉඳන් හොරා කන්න තමයි සැළසුම් කරන්නේ. නැතිව ඔය එක්කෙනෙක්වත් රට ගැන හිතන්නේ නෑ.ජනතාවත් පක්ෂ බදාගෙන ඉන්නෙ නැතිිවවඩා සුදුසු පුදගලයාට ඡන්දය දිය යුතුයි

:       19       4

ගමේ එකාලා Friday, 26 July 2024 11:51 AM

පොහොට්ටුවේ දූෂිත දේසපාලුවෝ රැකෙන්නේ රනිල් ආවොතින් විතරයි .

:       22       6

ඔබේ අදහස් එවන්න

දියත

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1504 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1990 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 469 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3091 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2503 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1832 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34724 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site