IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රනිල් ජනපති කළ යුතු බව උතුරු මන්ත්‍රී කියයි

(අංජුල මහික වීරරත්න)

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බව පවසමින් බොහෝ ජනාධිපතිවරු ධූරයට පැමිණියද එම කිසිවකු ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු කළේ නැතැයි ද ආර්ථික අර්බුදයක් හමුවේ වුවද ජනාධිපති උතුරේ ජනතාවගේ බොහෝ ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට කටයුතු කර තිබෙන්නේ යැයිද ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් මහතා පැවසීය.

මීට වසර දෙකකට පෙර රටේ වගකීම බාර ගැනීමට බිය වූ පිරිස් අද ජනාධිපතිවරයාගේ සංවර්ධන වැඩපිළිවෙළට බිය වී විවිධ චෝදනා එල්ල කරමින් සිටින බවද තිලීපන් පෙන්වා දුන්නේය.

තිලීපන් මහතා මේ බව කීවෙි "උරුමය" වැඩසටහන යටතේ වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවට සින්නක්කර ඔප්පු ප්‍රදානය වෙනුවෙන් වව්නියාව මෝජෝ උත්සව ශාලාවේ පැවති වැඩසටහනකදීය.

සියලු දෙනා එකතු වී රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති ධූරයට පත් කර ගත යුතු බවද තිලීපන් මහතා කීය.

 



අදහස් (16)

රනිල් ජනපති කළ යුතු බව උතුරු මන්ත්‍රී කියයි

රංබොඩ Monday, 27 May 2024 11:44 PM

ඔව් ඔව්. ඊළමම දෙයි බන්දේසියක තියලා. ඒ නිසා කොහොම හරි එයාටම දෙන්න. හැබැයි ගියපාර පුතානෝට තමයි ඒ ඡන්ද ටික වැටුනෙ.

:       0       3

විජිත් Monday, 27 May 2024 11:45 PM

මෝඩයා, උඹ දන්නවාද 1983 කළු ජුලිය අවිලුවේ කවුද කියලා ? 1981 දී යාපනේ පුස්තකාලේ ගිනිතිබ්බේ කවුද කියලා ? උඹ ඔය ඔලුව උඩ තියාගෙන ඉන්න දෙයියා..රනිල් වික්‍රමසිංහ , ගාමිණි දිසානායක, ජයවික්‍රම පෙරේරා , ගාමිණි ලොකුගේ ..ඇතුළු මිනීමරුවන් කණ්ඩායමක්. කොහොමත් තරුණ දෙමල ජනතාව තීරණයක් අරගෙන ඉන්නේ මේ ක්‍රමය එහෙම පිටින්ම වෙනස් කරන්න.

:       0       6

ගමේ එකාලා Tuesday, 28 May 2024 12:04 AM

රනිල් ට ..රටේ වගකීම දූෂිත පවුල් පාලනේ උන් විසින් බාර දුන්නා.එයා කරන්නේ අදිකරණයෙන් පවා වැරදි කරුවන් කියලා තීන්දු කරපු දූෂිත දේසපාලුවෝ රකින එක..

:       0       4

Ruvan Tuesday, 28 May 2024 01:14 AM

බලල්ලු මලුවලින් එළියට එන්න අරගෙන.

:       0       2

Bamunuarachchi Tuesday, 28 May 2024 02:05 AM

රනිල් උඹලව ගොනාට අන්දනවද උඹලා රනිල්ව ගොනාට අන්දනවද කියන එක තාම දකුණේ අපිට ප්‍රශ්නයක්. ඒත් මහින්ද උඹලව ගොනාට අන්දපු බව අපි දැක්කා.

:       5       8

lelwala Tuesday, 28 May 2024 03:19 AM

ඔහු නිවැරදි ය.

:       8       9

සෝමේ Tuesday, 28 May 2024 06:04 AM

ඔයගොල්ලෝ එකතුවෙලා එයාව ඊළමේ ජනපති කරගන්න , 2001 දීත් බුද්ධි අංශ පාවාදීලා සැහෙන්න උත්සයක ගත්ත්ටනේ ඊළම දෙන්න

:       10       14

siri Tuesday, 28 May 2024 06:45 AM

පළාත් සභා මැතිවරණයෙන් උතුරේ මහ ඇමති බවට පත්කරගන්න

:       7       11

Perera Tuesday, 28 May 2024 06:57 AM

අවුරුදු 45 ක් පාර්ලිමේන්තුවේ ඉඳලා,රටට ඵලදායි මෙලෝ වැඩක් කරගන්න බැරි උන ,අන්තිමට පාර්ලිමේන්තුවේ පඩියක් උඩවත් වාඩිවෙන්න චන්ද ගන්න බැරිඋන අභීත අසහාය නායකයාව ජනපති කරන්න අපි පුල පුලා බලාගෙන ඉන්නවා

:       6       12

Rose Tuesday, 28 May 2024 07:01 AM

හේ ඔහොම කීවට දෙමල චන්ද ඔක්කොම ඔය පින් ජනාධිපති ලැබෙන්නේ නැහැ .හැබැයි සිංහල චන්ද නම් මෙයාට ලැබෙන්නේ නැහැ, මෙයා පස් පාරක් හෝ හය පාරක් අගමැති වෙලා හිටියා .දෙමල ජනතාවට මොනවාද කලේ .සිංහල ජනතාවට මොනවාද කලේ .කලේ එකම දෙය නම් ඇමති ගොල්ලන්ට හොරකම් කරන්න ඉඩ දීලා තමන්ගේ තනතුර ආරක්ෂා කරගන්න අත්දෙක බැදගෙන බලාගෙන හිටියා. දැනුත් ඒකමයි කරන්නේ

:       8       14

Nimal 1 Tuesday, 28 May 2024 08:43 AM

ප්‍රකාශිත ඡන්ද වලින් සියයට දහයකුත් අඩු ප්‍රමාණයක් ලැබ ගනිමින් පත්කර ගනී කෙසේද පහදා දෙන්නේ.. කුලියට කහින කාලකන්නි

:       6       10

අරවින්ද මොනරවිල Tuesday, 28 May 2024 11:20 AM

හරි හොදා.......යි අපි එහෙමම කරන්නම් !

:       0       0

Fairoos Tuesday, 28 May 2024 11:52 AM

ලංකාවේ වහල්ලු ඉන්නකල් ඕන දෙයක් වෙන්ඩ පුළුවන්... නැත්නම් ඔය වැඩ බැරි ටාසන් ගෝඨා කොහොමද ජනපති වුණේ

:       4       8

Rata Perata Tuesday, 28 May 2024 12:02 PM

මහින්ද ,රනිල් දන්න චන්ද සෙල්ලම් තමයි මේ.රට ගැන තැකීමක් නෑ .එකෙක් කොටින්ට සල්ලි දීලා චන්දෙ ගන්නවා ,අනිත් එකා සිංහල ,දෙමල ජනතාව බෙදලා චන්දෙ ගන්න හදනවා .මේ වගේ කාලකන්නි

:       2       1

sam Tuesday, 28 May 2024 12:35 PM

මෑන් ට හොඳ ගානක් හම්බ වෙලා වගේ .බැංකු ගිණුම් පරීක්ෂා කළා නම් පුහුල් හොරා කාර්ම අල්ල ගන්න පුළුවන්

:       0       3

Saman Tuesday, 28 May 2024 02:59 PM

යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බේ කවුද කියන එක මේ දෙමළ ජනතාවට අමතක වුනාද?

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2467 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 429 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1722 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5072 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3405 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3756 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site