IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


රනිල් නැවත ජනපති වෙන බව කීවේ විහිළුවට නොවෙි

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ ලබන ජනපතිවරණයෙන් ඡන්ද ලක්ෂ සීයක් ගෙන ජනපති පුටුවේ වාඩිවෙන බව තමා ප්‍රකාශ කළේ විහිළුවට හෝ ආවට ගියාට නොව ඔහු යන ගමන ගැන පැහැදිලි දැක්මකින් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ජනාධිපති රනිල් හුදෙක් දේශපාලකයකුට එහා ගිය ආර්ථික විශේෂඥයකු නිසා ලබන අප්‍රේල් වන විට රට තිබිය යුතු තැන ගැන පැහැදිලි දැක්මක් සහිතව කටයුතු කරන බව කී අබේවර්ධන මහතා රනිල් නැවත ජනාධිපති පුටුවේ වාඩි වන්නේ මෙතෙක් ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයකු නොලැබූ තරම් ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන යැයි සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

"දැන් තිබෙන විපක්ෂයත් අපේ" යැයි කී එජාප සභාපතිවරයා අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් විරුද්ධ පක්ෂයක් තිබෙන්නේ යැයි ද මැතිවරණයකදී ඇත්ත විරුද්ධ පක්ෂය ජනතාව විසින් තෝරා ගනු ඇතැයිද කීය.

අවසාන මොහොතේ සියලු දේශපාලන පක්ෂ එක තැනකට පැමිණෙනු ඇතැයි ද අබේවර්ධන මහතා සඳහන් කළේය.



අදහස් (27)

රනිල් නැවත ජනපති වෙන බව කීවේ විහිළුවට නොවෙි

සිරිමෙවන් Monday, 18 December 2023 01:24 PM

කිව්වේ විහිලුවට නෙමෙයි නම් මොහු වහාම හීන්නෝන්මාදය රෝගයට ප්‍රථිකාර ගත යුතුයි.

:       19       65

RawanaMonday, 18 December 2023 02:26 PM

ඇයි සිරිමෙවන්, රනිල්ට බෑ කියලාද කියන්නේ රට තිබ්බ තැන මතක නෑ වගේනේ හැසිරෙන්නේ, වෙන අය කේන්දර බලද්දී, බයෙන් පස්ස ගහද්දී රනිල් විතරයි හිටියේ..!

:       71       22

රාලහාමි Monday, 18 December 2023 06:21 PM

ඔබ හරි, මොවුන්ට බෙහෙත් තියෙන්නේ මහා පාරේ... බෙහෙත් දෙන්න එන්නේ මහාජනතාව. ඡන්දෙ ඉවරවුණාම මේකයි මෙයාගේ නායකයා පිම්පියයි... එයාගේ සුන්දරියි. ඔක්කෝම ගුටිකාලා මැරෙනවා මහපාරේම...!

:       5       14

ගමේ එකාලා Monday, 18 December 2023 01:36 PM

කෙප්ප සුමනේ වගේ අනාවැකි කාරයෙක් වෙන්ඩ හදනවා. ආසනයෙනුත් පැරැදිලා රාජපක්ෂලා රකින පින් ජනපති කියලා රටම දන්නවා...

:       18       56

කේප්ප සුමනේMonday, 18 December 2023 04:00 PM

ගමේ එකාලා කියන්නේ කිසිදාක ගමෙන් පිට කිසිවක් නොදන්නා ළිඳේ ඉන්න ගෙම්බන් වගේ එකෙක් මිස වෙනත් කෙනෙක් නොවෙයි. ඉතින් ගමේ එකාලා දන්නේ ගමේම දේවල් විතරයි... එහෙම මිනිස්සු ලංකාවේ 2019 වෙනවිට ලක්ෂ හැටනවයක් හිටියා... උන්දැලා මැරෙන හැටියට අඩුවෙනවා. ඇත්තටම ගමේ එකෝ ප්‍රභාකරන් සිංහලයින්ට යමක් මතකයේ තියෙන්නේ දින හතයි කියලා කියා ඇත්තේ ඔයා හමුවෙලා ගිය දවසට සතියකට පස්සේ නේද? යකෝ ඔහෝම අදහස් දාලා ප්‍රභාකරන් කියපු දේ සත්‍ය කරන්න එපා...!

:       0       1

Srilanka Monday, 18 December 2023 01:43 PM

හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ... හාම්පුතා ගොනාට අන්දවලා බඩවඩාගත්තු අය... එදත් ඉන්නවා... අදත් ඉන්නවා. බඩුත් හාමුදුරුවන්ගේ. නඩුත් හාමුදුරුවන්ගේ...

:       9       45

ඉන්දික Monday, 18 December 2023 01:53 PM

මේ වගේ අයට තමයි අංගොඩ පැත්තේ විශාල රෝහලක් හදලා තියෙන්නේ...!

:       14       51

Pubudu Monday, 18 December 2023 02:13 PM

කරුණාකර ඡන්දයට සුදුසු පිළිවෙළක් යොදන මෙන් ඉල්ලා සිටිමි...

:       4       34

ලාල් Monday, 18 December 2023 02:18 PM

එය එසේ විය යුතුයි.. ගං ගොඩයන් ජනාධිපති කරලා ආයේ නා ගන්න බෑ...

:       36       16

Wajira gala Monday, 18 December 2023 02:53 PM

යන්න ... රනිල් එක්කම...!

:       0       0

ප්‍රියා Monday, 18 December 2023 03:06 PM

කටු, ඉඳුල්, තණ, පුන්නක්කු කන පරිණාම නොවූ අය..

:       0       1

Nimal Monday, 18 December 2023 03:12 PM

මෙවර මුළු කොළඹින්ම 35000ක් ඡන්ද ලබාගෙන, වාර්තාවකුත් තබමින් ජනාධිපති වුණා. නැවත ඡන්දයකට ආවොත් මුළු රටෙන්ම එපමණ ලැබෙන්නේ නැහැ...

:       0       1

ස්‍රී ලාල් Monday, 18 December 2023 03:22 PM

මේ සොමියක්... ඉතින් මචං ලක්ෂ 100 ක් මිනිස්සුන්ගේ අඳෝනාවද ඇසුනේ..? හිතුවාද මේක සත්වෝද්‍යානයක් කියලා... මේ මිනිස්සු බං ඉන්නේ ඒ අය දැන් සත්තුවෙලා ඇහිදගෙන කන තත්වයට පත්වෙලා..

:       0       1

SILVA Monday, 18 December 2023 03:33 PM

මේ වගේ අයට තමයි අංගොඩ පැත්තේ විශාල රෝහලක් හදලා තියෙන්නේ..!

:       0       1

සුපුන් චාමර Monday, 18 December 2023 04:03 PM

ඒ කාල‍ේ රජවරුන්ගේ හොඳ හිත දිනාගෙන රජාව මුරුංගා අත්තේ තියලා තෑගිබෝග ගන්න හිටිය අයට කිව්වේ වන්දිභට්ටයෝ කියලා නේද?

:       0       1

Chathuri Monday, 18 December 2023 04:05 PM

කෝවිඩ් වලට විද පු. එන්නතෙවරදින් තමයි මු. මේ විකාර කියවන්නෙ. අනුර කුමාර කිව්වානම් මේ වගෙ කතාවක් හිතට දුක නැහැ. රනිල්ට පුලුවන්නම් ඇයි තමුන්ට බැරි. රනිල්. ගෙදැනුමෙන් රට දුනුකෙරුවා. මෝඩ හරකෝ රටේ දේපලෞබලා විකුනන් කාලා. අඩු මුදලට. ඒවායින් කප්පමුත් කාලාඉතුරු සොච්චමෙන් තම්යි. රට රිම් එකෙන් දුවන්නෙ ගුඩ් ය ටයරයක් ජිවිතේට ගන්න බැහැ. දන් මොනවද් රටට ජනතාවටතියෙන්නෙ. ගොබ්බ රැල සේරම විකුනුවා. උබලවත් චිනෙට විකුනන්න ඕන. කුබුරු හාන්නමී හරක් රෑනක් විදියට. බඩ කටයි විතරයි මොලේ නැහැ. රනිල්ව රජපුටුවෙ තියලා. පින් ගුත්තරයො සැප විදින්නද බලන් ඉන්නෙ. උබලව අතු ගාලාම දානවා. රටකාපු නුග්ස්ත් කාලකන්නි. ඔය සුදු රේද්ද නැතිවහෙලුවෙන් කිව්වානම් තමයි ලස්සන. උගත් කමක් තියෙන ජාතික කැක්කුම තියෙන එකම නායකයා අනුර කුමාර විතරයි. උබලව හොද චිනට. කුබුරු වලට දාන්න චන්දෙට තව කල් තියෙනවා. ච්න්ද ප්‍රතිපල කියනකොට. මේ ගොබ්බ රැලෙන් කීයක්. රෝහල් ගතවෙයිද කියලා බලමුකෝ මේදා සැරේ තමයි. රියල් පීපල් රියල් වෝට්. කියන්නෙ. මහින්දයා මලුත් අරගෙන කියයි අයියෝ සාමිනි එරික වේනා. පව් නේ

:       6       21

Hafeel Monday, 18 December 2023 05:38 PM

මේ රටේ ජනතාව ඔයාවත්, ඔයාගේ රනිල්වත් පාර්ලිමේන්තු මායිමට පවා එන්න වරමක් දුන්නේ නැති දෙදෙනා. ජනතාව විසින් අතුගා දාපු දෙන්නක්. ඉතින් කොහොමද ජනාධිපතිවරණය දිනන්නේ? අනුරව විපක්ෂයේ ඉන්න හරි ජනතාව වරමක් දුන්නා. අනුරට අභියෝග කරන්නට ලැජ්ජාවක් නැද්ද?

:       0       0

Lakmal Monday, 18 December 2023 05:43 PM

වරෙන්කෝ පාරට බැහැලා ඔච්චර ගැම්මක් තියෙනවා නම්...

:       0       0

namal jayaweera Monday, 18 December 2023 05:54 PM

එයාට පුළුවන් නම් ඔයාටත් පුළුවන්, මටත් පුළුවන්... අනුන්ට කඩේ යන්නැතිව ඔයා ඉල්ලලා මිලියන 10 ගනින්කෝ.. එක්කෝ ඔයා ගංජා ගහලා නැත්නම් අයිස් ගහලා .. ඔයත් අර දකුණේ බත්කන හරකෙක්නේ... එයාට පුළුවන් නම් ඔයාටත් පුළුවන්, මටත් පුළුවන්... අනුන්ට කඩේ යන්නැතිව ඉල්ලලා මිලියන 10ක් ගන්නකෝ...

:       0       0

Amal Monday, 18 December 2023 06:03 PM

අපිත් ඡන්දෙ නොදෙන බව ප්‍රකාශ කළේ විහිළුවට හෝ ආවට ගියාට නොව, පැහැදිලි දැක්මකින් බවත්, පිං ජනාධිපතිවරයා සහ තක්කඩි ගෝලයෝ සියලුදෙනා සමග පාර්ලිමේතු හැතිකරේ සදහටම තොලොන්චි කරන බවත්, සපථ කරමු.!!! ටිකක් ඉන්න... ඔය ටික දැනගෙනයි, ඡන්දපොලට යන්නේ. තේරුණාද ලොක්කා..?

:       1       18

de silva Monday, 18 December 2023 07:31 PM

හොර ඡන්ද දමන්න ප්ලෑන් කරලා තිබෙනවා වෙන්න පුළුවන්...!

:       1       15

Gamini Monday, 18 December 2023 08:29 PM

ලොකු මොලේ අමාරුවක් තියනවා වගේ පේනවා...!

:       0       0

Rata Perata Monday, 18 December 2023 10:20 PM

ජාතික පුවත්පතකින් මානසික රොගින්ටත් අවස්තාව ලබාදීම අගේ කරනව.

:       0       0

විපරමා Monday, 18 December 2023 11:02 PM

මහින්දයා බලයේ ගිටපු කාලේ වගේ ගේම් ගහන්ඩ කොම්පියුටර් ජිල්මාට් දාන්ඩ ප්ලෑන් කරනවා ඇති .වෙන ආණ්ඩුවක් ආවොත් ෂුවර් එකටම හිරේ යන්ඩ වෙන බව දන්නවා.

:       1       1

Ahmed (Gulf) Tuesday, 19 December 2023 12:31 AM

මූට අමු කැවිලා ,පාලම් හොරා

:       1       1

Nandasena gr Tuesday, 19 December 2023 06:02 AM

මේ යකාට හොඳටම පිස්සු.අඩුම ගානේ බුද්ධි අංශ වාර්තා,සමීක්ෂණ වාර්තා ටික කියෙව්වනම් වජිරයා කියන සට්ටම්බිරාලට දැනගන්න තිබ්බා රටේ ජනමතය කාටද තියෙන්නේ කියලා.අපි කොහොමත් දන්නවා අන්තිමේදී ඔය නයි මුගටි වගේ දැන් හැසිරෙන පක්ෂ ටික එකට එකතු වෙලා හරි මාලිමාව පරද්දන්න කටයුතු කරනවා කියලා.හැබැයි අපි ඒක කරන්න ඉඩ දෙන්නෙ නැහැ බොසා.අපේ සංවිධාන ජාලය බොසාලට හදාගන්න බැහැ.ගමකට එන්න එපායැ ජන්දෙ ඉල්ලන්න.

:       1       1

K D SUJEEWA Tuesday, 19 December 2023 07:06 AM

විහිලු නෙවෙයි කියල වුනත් විහිලු කරන්න එපා සර් බාගෙටබඩගින්නෙ ඉන්න වුන් මැරෙයි හිනාවෙලා. බිත්තරේ 60 වුනාම උත්තර හොයනව අපිට පේනව

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 363 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 940 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1416 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 191 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 785 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 903 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site