(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සහ කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී අද (3) නව වසරේ වැඩ ඇරැඹීය.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,සභාපති වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප නිලධාරීහුද හිටපු සහ වත්මන් රාජ්‍ය නිලධාරීහුද පාක්ෂිකයෝද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා සාම්ප්‍රදායික පොල්තෙල් පහන් දැල්වීමෙන් අනතුරුව කැවුම් කිරිබත් සංග්‍රහයකටද සහභාගී විය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙසතියක ඉන්දීය සංචාරයකින් අනතුරුව ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේය.
හොරණ කඳන උතුර සුසාන භූමිය ඉදිරිපිට මාර්ගයේ නිවසක් පිටුපස ගල්තලාවක නිධානයක් ගැනීමට කැනීම් කරමින් සිටි සැකකරුවන් පස් දෙනකු සහ ගල් විදීමට යොදාගන්නා වාය
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ 70 කට අධික වියළි ඉගුරු තොගයක් සැකකරුවන් සිව් දෙනෙකු සමග කල්පිටිය පොලිස්
රුපියල් කෝටි ගණනක් වියදම් කර පසුගිය රජය මගින් නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති බලංගොඩ මද්දෙගම - පිඬලිගන්නාවෙල මාර්ගයේ කොටසක් අධික වර්ෂාවත් සම
ගාල්ල බන්ධනාගාරයේ එච් වාට්ටුවේ සිදු කරන ලද සෝදිසියකදි රැදවියන් ලඟ තිබු ජංගම දුරකතන තුනක් චාජර් හතක් බැටරි පහක් ඇතුළු උපාංග රැසක් අද (1) සවස සොයාගත් බව බ
බලංගොඩ නෙල්ලිවල අලකොළ ඇල්ල ග්‍රාම නිළධාරි වසමේ තරුණ ගොවි මහතෙකුට කුඹුරු අක්කරයක් සදහා රජය විසින් ලබාදෙන රුපියල් 10,000 ක පොහොර සහනාධාර මුදල වෙනුව
කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේ බස් රථ තුනක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රනිල් නව වසරේ වැඩ අරඹයි
Gunendra Friday, 03 January 2025 04:01 PM
ඔබතුමාගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි...!
සෙනෙවිරත්න Friday, 03 January 2025 04:48 PM
මුන්නැහැට සී.අයි.ඩි.යට යන්න විතරයි කකුල් කඩිත්තුව...
පිටරටවැසියා Friday, 03 January 2025 05:16 PM
රටේ ජනතාව විසින් කිහිප සැරයක්ම ප්‍රතික්ෂේප කරලා ගෙදරටම ගාල් කළාට පස්සේ, දැන් අරඹන්න තියෙන වැඩේ මොකක්ද? කොටින්ම පිනට ලැබුණු මන්ත්‍රී පට්ටම් දෙකටවත් ඵල ඇති වැඩක් කරගන්න පිනක් නැති වුණානේ...
pjSaturday, 04 January 2025 12:56 AM
බොරු කප්පරක් අල්ලස් වශයෙන් දී 69 ලක්ෂයකගේ මනාපය වංචනික ලෙස ලබා ගනිමින් හිත් දූෂණයකින් බලයට පැමිණි අයට වැඩි ආයුෂක් නොමැත. තණකොළ බුදින 69 ලක්ෂය ගාල කඩාගෙන යන දිනය වැඩි ඈතක නොවේ.
Samantha Friday, 03 January 2025 05:37 PM
රනිල් යනු කවරෙකු දැයි කිසි දිනෙක තේරුම් නොගත් ජනතාවක් වසන, වෛරයෙන්, ක්‍රෝධයෙන් පිරී ඉතිරී ගිය සමාජයකට, වැඩිකල් නොගොස් එහි ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවනු ඇත. ජ.වි.පෙ සහ එන්.පී.පී වහලුන් ඔබව තව තවත් අන් දා රට අඳුරටම හෙලනු ඇත. සුබ ආරම්භයක් සමග සුබ නව වසරක් වේවා...!
ලක්විදුFriday, 03 January 2025 08:53 PM
හලෝ සමන්ත, මහ බැංකුව කැඩුවේ රට අඳුරෙන් එළියට ගන්නද? ඒක වහන්න බොරු කොමිසම් දැම්මේ කවුද? ගෝලයන්ට හිතූ හිතූ විදියට හොරකම් කරන්න ඉඩ දුන්නේ රට අඳුරෙන් එළියට ගන්නද? ඔහේ නොදන්නවාට රටේ මිනිස්සු දන්නවා එයාගේ තරම...
M.G.Chithrananda Saturday, 04 January 2025 06:11 AM
රනිල් යනු කවරෙකුද යන වග අප හොඳින් දනිමු. රටේ සම්පත් විකිණීම, බදු දීම එකම ප්‍රතිපත්තිය කරගත් අසමත් මේ පුද්ගලයා අවසානයේදී රාජපක්ෂ රෙජීමය සමග එකතු වී රට සංවර්ධනය කිරීම නොමැති ඊනියා පාඨයට මුවා වී ඔවුන්ව ආරක්ෂා කරගත් කපටි ආරක්ෂක චරිතය රඟ පෑ බව අප හොඳින් දනිමු. ජනාධිපති අරමුදලෙන් මාලනී ෆොන්සේකා වැනි අයට ආධාර ලබාදුන්, විදෙස් සේවා අමාත්‍යාංශයේ මුදල් හිතු ලෙස කාබාසිනියා කරන්නට මනූෂලා වැනි තක්කඩින් හට අවස්ථාව ලබාදුන් රනිල්ගේ එකම අරමුණ වූයේ කෙසේ හෝ බලය ලබාගැනීම පමණකි. ජනතාව බුද්ධිමත්ව ගත් තීරණය හේතුවෙන් අගමැතිට වෙන් කර තිබූ රෝහල් පද්ධතිය පිළිබඳව හෝ ජනතාවට හෙලිදරව් විය. ජේ.ආර්. නොමැති රට විනාශ කළ ඒකාධිපති පාලකයාගේ අඩි පාරේ යමින් රට විනාශ මුඛයට ඇද දැමූ රනිල් ඇතුළු යූඑන්පී නඩය නැවතත් බලයට ගෙන ඒමට ජනතාව කිසිසේත්ම සූදානම් නැති බව සඳහන් කළ යුතුමයි...
Geeth Meeella Friday, 03 January 2025 07:44 PM
කිරිබත් හදන්න හාල් තිබුණැයි ඉතිං...!
Perera Saturday, 04 January 2025 07:06 AM
මෙය අසාර්ථක බවේ පරිසමාප්තිය... පිට පිට පැරැදුණු ඡන්ද සංඛ්‍යාව ලෝක වාර්තාවක් බවට නොඅනුමානයි.