IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


‘‘රනිල් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා අස්විය යුතුයි‘‘

(ඩයනා උදයංගනී)

අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ඩොලර් ආදායම් ව්‍යාපෘති සියල්ල නවත්වන බවත්, ඔහුට සැලසුමක් නොමැති බවත් අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය.

ඔහු මුදල් ඇමතිවරයා ලෙස කරන එම සෙල්ලම නතර කළ යුතු බව ද ඇමතිවරයා පැවසීය.

 



අදහස් (63)

‘‘රනිල් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා අස්විය යුතුයි‘‘

sharm warn Wednesday, 06 July 2022 01:00 PM

ආ... ඔය පැන්නේ මල්ලෙන්... රනිල්ට ඔහොම වෙලා මදි... මුක්කුගහන්න ගියාට රෙද්දකුත් ඇඳගෙන... බැසිල්ගේ බළල් අත දැන් වැඩ පටන් අරගෙන...

:       147       142

AjithWednesday, 06 July 2022 06:35 PM

‘‘රනිල් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා අස්විය යුතුයි‘‘ කියා සිටින්නේ සත් ගුණවත් කැසිනෝ වියපරිකයෙකු වන දම්මික පෙරේරාය

:       0       0

Lanka Wednesday, 06 July 2022 01:01 PM

ඇයි මුදල් අමාත්‍යංශයත් ඔනද?

:       111       117

BamunuarachchiWednesday, 06 July 2022 05:46 PM

ඒ විෂය ගැන දන්නා අයයි එහි අඩුපාඩුම ගැන කතාකොරන්නේ. දම්මිකට එහෙම කියන්න අපි නොදන්නා හේතු ඇති. ඒ හේතු පෙන්වා දෙනකම් අපි බලන් ඉමු. හේතු සාධාරණ නම් රනිල්ට අයින්වෙන්න කියා බලකරාවි. මුදල් ඇමතිකම ගන්න කෙනෙක් නැතිකම නිසයි රනිල්ට මුදල් ඇමතිකම ගියේ. සුදුස්සෙක් හිටියානම් ඔහුට ඒ තනතුර ලැබෙන්නේ නැහැ. දැන් ජෙප්පන්ට බලය ගියොත් පේනතෙක් මානෙක ගොයියෙක් ඉන්නවාද මුදල් ඇමතිකම කොරන්න? එහනම් ජනාධිපතිත් අනුර අගමැතිත් අනුර මුදල් ඇමැතිත් අනුර කොටින්ම මුළු කැබිනට් එකම අනුර. අපිට අරක්කු බෝතලයක්වත් ඔබා ගන්න ඉඩ නැතිවෙයි.

:       0       0

SaththayaThursday, 07 July 2022 07:41 AM

ඇයි පිටරට විෂබීජ කළමනාකරණය භාරව විෂය භාර දෙන්නේ නැද්ද? ඒ විෂයට කිසිම කෙනෙකුට ලංකාවේ උපාධි නැහැ. එකම එක්කෙනයි සමත් වුනේ....

:       0       0

buddhika Wednesday, 06 July 2022 01:04 PM

අපිට රනිල්,ඝෝට, මෙ ආන්ඩුව සහ ඔහෙත් එපා.ඔක්කොම යා යුතුයි. රනිල්ගෙ හොඳ ් නරක කේ වෙතත් ඔහු මෙ රටෙ ඇගමෙති සහ දැනට ලංකාවෙ ඉන්න පලපුරුඩුම දේශපාලකය. පර්ලිමෙන්තුවෙ සහ ඇමති මඩලයට පිලිගත් සම්ප්‍රදායන් සහ ආචාර දර්ම තියනව. මෙ කිසිවක් නොදන්න කැසිනෝ ක්ලබ්කාරයො පර්ලිමෙඑන්තුවට ඇවිත් අද මාධ්‍ය හමුවෙදි රනිල්ගෙ නම කිව්වෙ කිසිම ගරුසරුවක් නැතිව. රනිල්ව හැමදාම දැඩිව විවෙචනය කරන, විමල්, අනුර කුමාර වගෙ මිනිස්සුත් කියන්නෙ "ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැත්නම් ඇගමැතිතුමා කියලයි. මෙ කිසිවක් නොදන්න ක්ලබ් අය්තිකරයෙක්ගෙ කටෙ තරම පේනවද? .ධම්මික කල යුතු හොදම දේ ඇමතිකමින් ඉල්ල අස්වීමයි. අද බ්‍රිතාන්‍යයෙ ඇමතිවරු දෙන්නෙක් ඉල්ල අස් උනා අගමැති විවෙචනය කරමින්. ඒ්කයි සම්ප්‍රදාය. අගමැති විවෙචනය කරල ඇමතිකම් දරන්න දම්මිකට අයිතියක් නෑ. වසර ගානක් නයිට් ක්ලබ් ටිකේ බදු වන්චා කලේ කවුද?

:       187       126

සලීම් Wednesday, 06 July 2022 02:54 PM

මෙන්න තක්කඩි රනිල්ව සුද්ද කරනව.අපි අහුවෙය් ඕවට.උබල ඔක්කොම තක්කඩි කමින් මේ කරන්නෙ රට තව තව වලපල්ලට යවන එක.මේ සමස්ත ආන්ඩුවම හෝර කල්ලියක්...අද මහජනතාව අපා දුක් විඳිනව.මොන පවක්ද මේ........වහාම ආන්ඩුව විපක්ෂයට දීල තොලොන්චිවෙලා පලයල්ල.පස්සෙ ලෝකෙන්ම ආදාර ලැබිල රට ගොඩ එය්.

:       0       0

kamalWednesday, 06 July 2022 04:11 PM

අපිට හොරු ටික ඉන්නකම් ඩොලර් හොයල දෙන්න උවමනාවක් නෑ . කට්ටිය ගියාම අපි විසදුම් හොයමු . ඩොලර් හොයල හොරුන්ට දෙන්න අපිට පිස්සු නෑ .

:       14       43

sugathWednesday, 06 July 2022 05:34 PM

ඔය "ගරු" කටයුතු දේශපාලකයන්ගේ පළපුරුද්ද සහ කෙරුවාව ඔය තරම් හොඳනම්, අද මේ රට බංකොලොත් රටක් වුනේ කොහොමද? අද රටට සිදුවී ඇති විපතින් දැන්වත් ඉගෙන ගන්ට මිනිසුන්ට නිකම් "ගරු" කිව්වට රටක් දිව්නු වෙන්නේ නැති බව. කව්රු කෙසේ කීවත්, ධම්මික පෙරේරා යනු ආසියාවේ සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔහුගේ පළපුරුද්ද සහ අත්දැකීම් වලින් මේ රටට යහපතක් සිදුවිය හැක. ඔහු එම කාර්යයේ අසාර්ථක වුවොත්, ඇමති ධුරයේ තව දුරටත් සිටිනු නොමැත.

:       0       0

ranjith Wednesday, 06 July 2022 01:06 PM

මහබැංකු හොරකමට ගෑවුන කෙනෙකුට මුදල් ඇමතිකම තියාගන්න සාධාරණ කමක් තියෙනවද?

:       68       122

චන්දිම Wednesday, 06 July 2022 01:07 PM

මොකාටද මෙයා මේ ඒ පාර එන්න හදන්නේ?

:       9       106

Hafeel Wednesday, 06 July 2022 01:49 PM

එන්නේ වෙන මොනවටත් නොවේ. බදු වංචාවට සහ කුණු කන්ටයිනර් ගේන්නත්. රනිල් හොඳ මිනිහකුත් නොවේ. ඒ වගේම මෙයාත් හොඳ කෙනක් නොවේ. මේ දෙදනාම රාජපක්ෂලා ආරක්ෂා කරනවා මිස රටට යමක් කරන්න නොවේ.

:       0       0

siri Wednesday, 06 July 2022 01:08 PM

රට මෙ තරම්ම අගාදයකට ඇද දැම්මෙ රනිල් ඇවිත්, තවත් හිටියොත් ජනතාවට දෙයියන්ගෙම පිහිටයි.

:       136       124

සමන්ත Thursday, 07 July 2022 02:15 AM

සමන්ත හරි .දැන් අපි කියමුකෝ ධම්මිකල, බැසිල්ලා ගෝටා ල නෙමේ රනිල් තමයි රට මේ තත්වෙට ඇදලා දැම්මේ කියලා. ඒ කොහොමද? මොනවා කරලද කියලා කියන්න පුලුවන්ද? දැන් කියයි මහා බැංකු හොරකම කියලා. රනිල් එතන මහේන්ද්‍රන්ව ගෙනාව එක, රැක්ක එක වැරදියි තමයි. හැබැයි දන්නවද කියක් රටට අහිමි වුනාද කියලා? සත පහක්වත් නෑ. ඒ සල්ලි ඔක්කොම සහ වැඩියෙනුත් රඳවා ගත මුදල් වලින් ඇලෝසියස් ගෙන් ලබා ගන්න මුල්වුණේ රනිල්. ඇයි එක නොකියන්නේ? අර මොකක්ද එකක් හංගගෙන තව එකකින් ගහලා අනාගන්න එපා. රනිල් කරපු දේවල් ගැන ඇයි නොකියන්නේ? තරුණ සේවා සභාව, නිදහස් වෙළඳ කලාප, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විශ්ව විද්‍යාල සහ ගුරු අධ්යාපන පීඨ ඇති කිරිඉම, මෙගපොලිස් ව්‍යාපෘතිය යටතේ කල සංවර්ධන, කටුනායක ගුවන් තොටුපල සංවර්ධනය, මහනුවර අධි වේගී මාර්ගය හැදීම,19 වැනි ව්‍යවස්ථා සංශෝදනය විතරක් නෙමේ කොටි පරාද කරන්නත් මුල්ම ප්ලැන ගහල වැඩ පටන් ගත්තේත් රනිල්. ඒ නිසා මේ ධම්මික පෙරේරා ලා , රාජපක්සලා වගේ රස්තියාදු කාරයොන්ගේ බයිලා අහල ඇත්ත නැත්ත කරන්න හදන්න එපා. ඉගෙන ගෙන එනවා.

:       0       0

චින්තක Wednesday, 06 July 2022 01:09 PM

ඉතිරිව සිටින පාක්ෂිකයින් සියයට 75ක් පමණ රනිල් කරපු දේ හෙලා දකිනවා. රනිල්ට ශාප කරනවා.. මෙම ඇමැතිවරයා කියනදේ හරි වෙන්න පුළුවන් අතරේ මීයක් කඩන්නේ අතවත් ලෙවකන්න කියලා කියනවා නේද? එහෙම වෙයිද බලමුකෝ...?

:       37       79

Bandara Wednesday, 06 July 2022 01:11 PM

හරි හරි මෙයා ආවෙ මොකටද කියල තේරෙනවා. බදු අඩුකරලා 2020 ලංකාවටම කෙළ වුණේ සහ ඔයා ගොඩගිය හැටි අපිට මතකයි...

:       113       90

fairoos Wednesday, 06 July 2022 01:14 PM

තවත් වියත් මගේ කෙනෙක් වගේ... සර් සහ නඩය ෆේල් වහාම ඉල්ලා අස්වෙන්න.

:       11       75

Ranil Wednesday, 06 July 2022 01:20 PM

රනිල්ගේ දේශපාලන ජීවිත කාලේ කොච්චර කොමිස් ගහලා ඇතිද? ගෑස් ඩීල් ඒකට මෙයා සම්බන්ධ බව දැන් කෝප් එකෙන් එළියට එනවා. එල්ලා දැමීය යුතුයි... එලවා මදි.

:       45       25

sena Wednesday, 06 July 2022 01:21 PM

අපි නම් කියන්නේ ඔයාලා ඔක්කොටෝම යන්න කියලා..

:       10       63

Shammi Perera Wednesday, 06 July 2022 01:33 PM

මම උපන්නෙ කැසිනෝ වෙනුවෙන්....මම එය දිවිපුදා රැකගනිමි......

:       0       0

සිල්වා Wednesday, 06 July 2022 01:33 PM

මෙයා අර පරන ආයෝජකයින්ට වීසා දෙනකොට තේරුම් ගියා මෙයාගෙ තරම. අගමැතිටත් විදින්න වගේ.

:       0       0

Chandima Wednesday, 06 July 2022 01:45 PM

ඇත්ත කතාව. මෙයා ආවට පස්සේ අයි.එම්.එෆ්. සරණං ගච්ඡාමි කියනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කළේ නැහැ. අයි.එම්.එෆ්. ණය අරන් මොකද කරන්නේ කියලා වැඩපිළිවෙළක් නැහැ. පින් පඩි නොගෙවා වාහන ගෙදර යවන්න...

:       42       19

SamanWednesday, 06 July 2022 02:24 PM

මහත්තයෝ.. IMF නැත්නම් වෙන මොකක්ද විසදුම මේ වෙලාවෙ? ඒක කියන්නකෝ

:       49       59

chandimaWednesday, 06 July 2022 06:28 PM

අයි. එම්. එෆ්. විසදුම නය ගන්න නෙ? ඒ් සල්ලි වලිනුත් මිනිස්සුන්ට වන්දනාවෙ යන්න අතිවෙන්න තෙල් ගෙන්නල ඒ් සල්ලිත් අරාබියට පුජාකලාම ගෙවන්න ඔන අපිමයි. අන්න එ සල්ලි ගෙනත් රටට ඩොලර් උපයන දෙයකට යොදවනව නම් කමක් නැහැ. නමුත් රනිල් සල්ලි ගේනව කිව්වට එව්වබෙන් රටට මුදල් උපයන වැඩක් කරන්න හිතේ කොනකවත් වැඩ පිලිවෙලක් නැහැනෙ? එක් එක් කෙන එක් එක් වැඩ වලට තමයි සමත්. රාජපක්ෂල යුද්දෙ නවත්වන්න අභීතව නායකත්වය දුන්න. රනිල් දන්න අදුනනව කියන නායකයින්ට කියල නය ගෙවනව. එ සල්ලි වලින් ව්‍යාපාරික දැනීමක් ඇති දම්මික පෙරේරාට කියල රටට මුදල් උපයන වැඩක් කරමු. එක්කෙනෙක් පස්සෙ ගියාට ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත කියන නිසා එකෙකුට සෑම දේකටම සමත් පුද්ගලයෙක් වෙන්න බැහැ. ඔනනම් පස්සෙ රජපක්සලාගෙ, රනිල්ගෙ, දම්මිකගෙ පින්තුර එකට පෙලට එල්ලමු. ක කොට ගන්න එප. රිලෙ එකක් දුවද්දි එකපිලෙ තරග කරුවො ඔක්කෝටම හුරෙ දාන්න ඔන. එකෙකුට හුරේ දාල අනිකට හු කිව්වොත් පිලම පරාදයි.

:       0       0

Sunil Wednesday, 06 July 2022 01:52 PM

මුදල් ඇමැතිකමෙන් පමණක් නෙවෙයි, දේශපාලනයෙන්ම විශ්‍රාම ගත යුතුයි. කරන්න හැකි ඉටි ගෙඩියක් නැහැ.

:       37       76

akalanka malabe. Wednesday, 06 July 2022 02:15 PM

රනිල් ඉවත්කර වහාම ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ නවතාගෙන ආ යුතුයි.

:       46       28

SaththayaWednesday, 06 July 2022 09:52 PM

එතකොට ආයෙත් අපිට හොර්න් ගහගහ යන්න වෙනවා . ලැජ්ජාවක් නම් නැහැ . මේ සෙල්ලම අත අරින්නෙම නැහැ වගේ තාමත් .

:       0       0

AkilaThursday, 07 July 2022 12:25 PM

කපුටා ඉතිරි සල්ලි ටිකත් අරන් මාරු වෙයි ඉක්මනට

:       0       0

Bandara Wednesday, 06 July 2022 02:50 PM

රනිල් ඔයාලගෙ අඩු කරපු බදු වැඩි කරානේ. දෑන් අවුල් වෙලා වගේ.

:       0       0

ravin Wednesday, 06 July 2022 03:02 PM

ඔය එන්නෙ. කසිනෝ ප්‍රවර්දනය. මෙයාගෙ කලු සල්ලි සුදු කරන්නයි හදන්නෙ. කොහෙන්වත් සල්ලි හම්බවෙන්නෙ නැතිකොට කීය කීය හරි ටිකක් හොයාගන්න ක්‍රමවේදය හැදෙනකොට කටු ඇනෙනවා නේද? අර පවුල කරපු හොරකම් වහන්න තමා මෙයා ආවෙ. මෑත අතීතයෙ හිටපු ඔක්කොම මුදල් ඇමති වරුන්ට ඔයදේම තමා කවුරු කවුරුත් කිවෙ. ඔස්ට්‍රෙලියානු සූදු කාරයා පිටිපස්සෙ හිටියෙ කවුද?

:       0       0

Buddhika Wednesday, 06 July 2022 03:06 PM

කැසිනෝ වලින් අය විය යුතු බදු අයකරගන්න ඕනෑ කියලා යෝජනාවක් රනිලා කැබිනට් එකට ගෙනාව කියලා පහුගිය දවස්වල නිවුස් එකක් යනවා දැක්කා.

:       0       0

Muditha Wednesday, 06 July 2022 03:09 PM

රනිල් ඉවත්කර, බැසිල්?

:       24       17

thush Wednesday, 06 July 2022 03:13 PM

ඔයාලා ඔක්කෝම යන්න....

:       6       34

Amara Wednesday, 06 July 2022 03:24 PM

කාක්ක ගියා කණු කාක්කා ආවා

:       0       0

Rohan perera Wednesday, 06 July 2022 03:45 PM

කැසිනෝ බදු පනතක් එනවා ඒකනේ මේ කැසිල්ල

:       48       43

ධම්මිකා Thursday, 07 July 2022 03:02 PM

ඒක ඇත්ත නිසා ඒකෙන් ධම්මිකට කෙලවීම වළක්වා ගැනීමට මෙහෙම කරනවා කියලා සාකච්ඡා කීපයක් අහන්න ලැබුණා....

:       0       0

dhamneth Wednesday, 06 July 2022 04:29 PM

ඔයා ආව කියල තවම මොනවද කලේ? අයෝකයන් කිදෙනෙක් ගෙන්නුවද? ඔබ මැයි මාසයෙ 12වෙනිදට පෙර පර්ලිමෙන්තුවට අවනම් මුදල් ඇමතිකමයි අගමැතිකමයි දෙකම ගන්න තිබුන . ඔය දෙකම ගන්න කෙනෙක් නොසිටි නිසයි රනිල්ට ඔය තනතුරු දෙක දී තිබෙන්නෙ. වැඩ නොකොලොත් ඔය 225ම එපාකියන ගොඩට ඔබත් ැටෙනව

:       8       58

චමින්ද Wednesday, 06 July 2022 05:01 PM

2002 දී ඉතා කෙටි කාලයකින් රටෙහි ආර්ථිකය ගොඩනගන ලද හා එතුමා දරනලද සෑම අමාත්‍යාංශයක්ම ඉතා සාර්ථකව හසුරුවන ලද පරිණත නායකයෙකු හට දූෂිත කැසිනෝ ව්‍යාපාරිකයෙකුට ලබාදීමට ඇති උපදේශය කුමක්ද?

:       67       35

chandimaWednesday, 06 July 2022 08:48 PM

බස් එකේ, පාපුවරුවේ එල්ලිලා යන කොන්දොස්තරත් වසර ගාණක අත්දැකීම් ඇති බස් රියදුරෙන් කියන රටක් තියෙනවද? මතක නැතිද උපන් ගෙයි අපලේ නිසා යන යන තැන ඉස්සෙල්ලා වැටුණා..

:       12       9

pjThursday, 07 July 2022 03:18 AM

ඔයාගෙ නම " රනිල් අරහං " කියල වෙනස් කර ගන්න.

:       0       0

චමින්ද Thursday, 07 July 2022 06:33 AM

2002 වනවිටත් ලංකාවෙ විදුලිය කැපිල්ල මෙයටත් වැඩියෙන් තිබුනා රනිල් අගමැති වෙලා එවිට තිබුනු සියලු ප්‍රශ්න විසදුවා.නමුත් ඔහුට ආර්ථිකය චුට්ටක් සාර්ථක වෙනවිට චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවා නැවතත් බලය ගත්තා .ධම්මික පෙරේරා කියන්නෙ ගෝඨාභය කිව්වා වගේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය මදි කියලා 20න් තවත් බලයක් ගත්තා වගේ මුදල් ඇමති වෙන්න ඕන කියලා කොටින්ම කිව්වොත් පරංගියා ගෙරි සමක ප්‍රමණය ඉල්ලා ගෙන කලාවගේ ඉල්ලීමක්.එහෙම බලයක් ලැබුනොත් පසුගිය කාලයේ එංගලන්තයේ කුණු ගෙනාවට අන්ත වැඩ අනන්ත කරාවි මිනිහා ලොකුම ධනවතා නිසා ගෝලයො යොදා ඩිස්ලයික් දමා ඇත්ත යට කරාවි

:       0       0

RakithaThursday, 07 July 2022 09:57 AM

2015 ඉඳලා ආර්ථික වර්ධනය අඩුකළේ රනිල්. රනිල්ට කරන්න පුළුවන් දෙයක් නෑ. බොරුවට පුම්බලා තියෙන්නේ... මේ අර්බුදයේ ප්‍රධාන වග උත්තර කරුවෙක් තමයි. ධම්මික පෙරේරා ඊට වඩා ලොකු වැඩක් කරයි.

:       0       0

සෑම් Wednesday, 06 July 2022 06:05 PM

රනිල් අස්විය යුතු බව ඇත්ත, ඊට වඩා කිසිම සැලැස්මක් තියා රටේ ආර්ථිකය ගැන අන්දෝ සංසාරයක් දන්නේ නැති රටට ඩොලර් බිලියන 1.6 ක් එන්න තිබුණු ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියත් නවත්වපු රට සහ මුලින් විනාස කල නන්දසේනයටත් පුළුවන්නන් යන්න කියන්නකො.

:       0       0

බද්රානි Wednesday, 06 July 2022 06:16 PM

මුන් ඔක්කොම හොර තක්කඩි. මෙවුන් හිතාගෙන ඇති තක්කඩිකම් කරලා ලෝකෙට තව එකක් කියලා රජ වෙන්න. අර කතාවක් තියනවනේ " කකුළුවා නටන්නේ හැලිය රත් වෙන කම් විතරයි" කියලා. ඒ නිසා තව උඩ පනිමින් නටාපල්ලා. දැක්කනේ, අර කිරිබත් කකා නටපු එවුන්ට දැන් වෙලා තියන දේ?

:       0       0

විජිත් Wednesday, 06 July 2022 07:37 PM

රනිල් කියන්නේ මහාම උද්දච්ච පිස්සෙක්.තමන්ව ජනතාව ප්‍රතික්ෂේප කරලා තිබුන මොහොතක බලයට ඇති පෙරේතකමනිසා අගමැතිකම බාර ගත්තා.දැන් ...කොහෙවත් හිටපු බුරු පොළවල් වල තෝන් ගත්ත කැසිනෝ කාරයෙක්ව පාර්ලිමේන්තුවට ගත්තා.මිනිහාගේ නම ලිස්ට් එකේවත් නැහැ.නම අඩුම වශයෙන් ලිස්ට් එකේවත් තිබිය යුතුයි කියා වියවස්තාවේ සඳහන් වුනත් ..පොහොට්ටුවේ ' ජරාව කාපු 'නඩු කාරයින්ගේ තීන්දුව අනුව මොහු පාර්ලිමේන්තු ආවා. දැන් ධම්මික හදන්නේ රනිල්ව එළවලා මුදල් ඇමති වෙන්න එහෙම නැතිනම් අගමැති වෙන්න.වෙන දෙයක් වුනාවේ කියලා මම රනිල් නම් මරාගෙන මැරෙන ක්‍රියාන්විතයක් කරනවා ධම්මිකට විරුද්ධව - පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඔක්කොම ඇමැතිලාගේ ඇමතිකම් ඉවරයි.ධම්මිකත් ඉවරයි.නමුත් තමන්ව බේරාගන්න අගමැතිකම ගත්ත රනිල්ට කෙලෙහිගුණ සලකන්න තරම් " මිනිස් ගතියක් " ගෝටාභය නම් නොමිනිසා සතුව තිබේද...? තවත් අර්බුදයක ආරම්භයක් ... එකම විසඳුම නව මැතිවරණයක් පමණයි. ඒ සමගම ජනාධිපති අනිවාර්යයෙන් "ඉල්ලා අස්විය " යුතුයි.එහෙම නැතිවුනොත් ලබන සතිය වෙනවිට " අල්ලා අස්කරන්න " ඉඩ තිබෙනවා. අරගලයට ජය වේවා...!!!

:       0       0

de silva Wednesday, 06 July 2022 08:57 PM

අපේ රටේ මිනිස්සු රට රකින විරුවෙක්... ගියපාර ගෙනත් කෙළවා ගත්තා... ලබන පාර අපි ආර්ථිකය රකින විරුවෙක් ගැනත් ප්‍රශ්නෙ ගොඩයාවිද? එහෙම නොමැති නම් වැඩේ වනකරගනීවිද?

:       0       0

dhamneth Wednesday, 06 July 2022 09:00 PM

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කියන එකවත් මෙයා නොදන්න බවයි පෙනෙන්නේ...!

:       0       0

K Perera Wednesday, 06 July 2022 09:09 PM

දැන් කතා නොකර වැඩ පෙන්වන්න. ඔබ දැන් අමාත්‍යවරයෙක්... නැතිනම් ඔබලාත් අලුවෙන දවස වැඩි ඈතක නැහැ.

:       0       1

බද්රානි Wednesday, 06 July 2022 09:39 PM

සිංගප්පුර් කුණු කාපු බල්ලොත් දැන්, ලංකාවේ ලොකුලොකු පුටුවල නේද හලෝ? දුප්පත් මනුස්සයෙකුට අඩු ගානට බාත්රූම් එකක් හදාගන්න තිබුණු අවස්ථාව අහිමි කළා. ටයිල් මාෆියාව මෙහෙයවන පුද්ගලයා... හොර අමන තක්කඩින් ලංකාවේ හැසිරෙන්නේ ආර්ථික ඔස්තාර්ලා වගෙයි නේද? මේ වගේ තුප්පහි නම් මේ මුළු ලෝකයේම නැහැ....

:       0       3

Asela Wednesday, 06 July 2022 09:58 PM

අයියෝ අරගලයෙන් ඩොලර් හොයන හැටි අපි කියලා දෙන්නම්. අංක 1. ගෝඨාභය ගෙදරට පැන්නිය යුතුයි. අංක 2. ඊට පස්සේ පිටරට වල ඉන්න අපි ඩොලර් පොම්ප කරනවා. ඒකෙන් මිලියන 750 ත් 800 ත් අතර ප්‍රමාණයක් රටට ලැබෙනවා. දැනටමත් ඩොලර් ready. . .. හරිම සිම්පල්

:       0       0

pakeer Wednesday, 06 July 2022 10:11 PM

හොරු යනකොට වැඩේට සෙට් වෙනවා වගේ...!

:       0       0

Prabha Thursday, 07 July 2022 01:53 AM

දෙන්නාම ආවේ ජාතික ලැයිස්තුවෙන්... දෙපළම කරන්නේ අනුන්ගේ කොන්ත්‍රාත්තු...

:       0       0

සමන්ත Thursday, 07 July 2022 02:16 AM

හරි .දැන් අපි කියමුකෝ ධම්මිකල, බැසිල්ලා ගෝටා ල නෙමේ රනිල් තමයි රට මේ තත්වෙට ඇදලා දැම්මේ කියලා. ඒ කොහොමද? මොනවා කරලද කියලා කියන්න පුලුවන්ද? දැන් කියයි මහා බැංකු හොරකම කියලා. රනිල් එතන මහේන්ද්‍රන්ව ගෙනාව එක, රැක්ක එක වැරදියි තමයි. හැබැයි දන්නවද කියක් රටට අහිමි වුනාද කියලා? සත පහක්වත් නෑ. ඒ සල්ලි ඔක්කොම සහ වැඩියෙනුත් රඳවා ගත මුදල් වලින් ඇලෝසියස් ගෙන් ලබා ගන්න මුල්වුණේ රනිල්. ඇයි එක නොකියන්නේ? අර මොකක්ද එකක් හංගගෙන තව එකකින් ගහලා අනාගන්න එපා. රනිල් කරපු දේවල් ගැන ඇයි නොකියන්නේ? තරුණ සේවා සභාව, නිදහස් වෙළඳ කලාප, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විශ්ව විද්‍යාල සහ ගුරු අධ්යාපන පීඨ ඇති කිරිඉම, මෙගපොලිස් ව්‍යාපෘතිය යටතේ කල සංවර්ධන, කටුනායක ගුවන් තොටුපල සංවර්ධනය, මහනුවර අධි වේගී මාර්ගය හැදීම,19 වැනි ව්‍යවස්ථා සංශෝදනය විතරක් නෙමේ කොටි පරාද කරන්නත් මුල්ම ප්ලැන ගහල වැඩ පටන් ගත්තේත් රනිල්. ඒ නිසා මේ ධම්මික පෙරේරා ලා , රාජපක්සලා වගේ රස්තියාදු කාරයොන්ගේ බයිලා අහල ඇත්ත නැත්ත කරන්න හදන්න එපා. ඉගෙන ගෙන එනවා.

:       0       0

සංහිද Thursday, 07 July 2022 07:12 AM

ඔක්කොම කාකොටා ගනිල්ලා. එතකොට රට මේ අගාධයෙන් නිකන්ම ගොඩ එයි. මෙවන් දේශපාලුවන් රටට වාසනාවන්...!

:       0       0

චන්දන Thursday, 07 July 2022 08:03 AM

මේකේ පෝස්ට් වලට ඩිස්ලයික් දාලා තියෙන හැටි බලපුවාම හිතන්නේ ධම්මික පෙරේරාගේ සල්ලි දැන්ම වැඩ කරනවා කියලා තමයි..

:       0       0

Dammika Thursday, 07 July 2022 08:39 AM

ඔයා ඹසිල්ගෙ කොන්තරත්තු කරන්න ආවනම් එක ලෙහෙසි වෙන්නෙ නෙ අපිට ඔව හොඩට තෙරෙනව. ඔයා කොහොමඩ රනිල්ට යන්න කියන්නෙ ඔයාට පර්ලිමෙන්තු එන්න එක චන්දයක් වත් කවුරැවත් දීල නෑ. අඩුමතරමෙ ඔයාගෙ චන්දෙවත් නෑ කැසිනො වලට ටැක්ස් ගහන හින්ද බයද?

:       0       0

ජයත් Thursday, 07 July 2022 10:35 AM

අනිවාර්යයෙන්ම අයින් වෙන්න ඕනෑ... මෙයා මේ අර්බුදයේ කොටස් කරුවෙක්...

:       0       0

සිරි Thursday, 07 July 2022 10:42 AM

මුට්ටිය විසින් කේතලය අරභයා කියන ලද.. ඔයා ගොඩාක් කළු පාටයි ... කීම සිහි ගන්වයි...

:       0       0

Kumara Thursday, 07 July 2022 10:48 AM

ඔක්කොම ටයි, කෝට් ගහපු හොරුන් තමයි.

:       0       0

Gagana Thursday, 07 July 2022 11:34 AM

හැමදාම IMF සහ අනෙකුන්ගෙන් හිඟාකන්න නෙමෙයි අප බැලිය යුත්තේ... අප වෙරළ තීරය, විශේෂයෙන් කොළඹ, කැසිනෝ නැව්, නැන්ගුරම් දාන්න මාසෙකට එක නැවකට ඩොලර් මිලියනයක කුලියක් ලබාගන්න පුළුවන් නම් නැව් 25ක් ගල්කිස්ස සිට ගාලුමුවදොරට සහ ගාල්ලට, මාතරට, හික්කඩුවට දැම්මොත් ආදායම ඩොලර් මිලියන 25යි. ගෙදර උන්දැට කන්න නොදී කැසිනෝ ගැසීමට අප මිනිසුන් හට මෙවැනි ස්ථානවලට ඇතුළු වීමට අවශ්‍යතාවයක් නොමැත. මෙවැනි ව්‍යාපාරවල විවිධ ප්‍රොටෝකෝල් ඇත. මෙය හුදෙක් විදෙශිකයින්, විශේෂයෙන් ඉන්දියානුවන් ගෙන්වා ගැනීමට කදිම උගුලකි. අප සැමදා 2500 ඉතිහාසේ කටපාඩමින් කියව කියවා හිඟමනේ යායුතුද? මෙවැනි ව්‍යවසායක ව්‍යාපෘති වලින් අපට නැතිවන්නේ කුමක්ද? යනෙකා මොකා මොනවා කිව්වත් යන්නේ ඔවුන්ගේ වුවමනාවට පමණකි...

:       0       0

ඉන්දික Thursday, 07 July 2022 04:12 PM

සැබෑ කපුටු කාක් කාක් හඬ නිකුත් විය.

:       0       0

LGPJ Friday, 08 July 2022 06:46 AM

මේ අවස්ථාවේ කැසිනෝවට ප්‍රමුඛත්වය ලැබෙනවාද?

:       0       0

Perera Friday, 08 July 2022 06:59 AM

රනිල් කසිනො වලට නව බදු ගහනව කියපු ගමන් දම්මික කලබල වෙලා!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1079 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 277 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 2137 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 256 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 610 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2519 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site