IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


රනිල් විනාඩි 25ක් එළියේ වාඩි කරලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු බෝම්බ පිපිරුනාට පසු ආරක්ෂක මණ්ඩලයට සහභාගී වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට ගිය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විනාඩි 25ක් එළියේ කාමරයක වාඩි කරවා තැබූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.

තමා ද එදින අග්‍රාමාත්‍යවරයා සමග ආරක්ෂක අමාත්‍යාංශයට ගිය බව කී වජිර අබේවර්ධන මහතා ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉවසීම ගැන පුදුම හිතුන බවද අප වගේ කෙනෙක් නම් ආරක්ෂක මණ්ඩලයේ දොර ඇරගෙන ගිහින් වාඩි වන්නේ යැයි ද කීය.

අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යංශයට පැමිණ සිටින බව දැනගත් ආරක්ෂක මණ්ඩලයේ කෙනෙක් පැමිණ"ඔබතුමා දැනට ඔහොම ඉන්න"යැයි පැවසූ බව කී අබේවර්ධන මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන් එතැන සිටි අතර දේශපාලන අධිකාරියේ කිසිවකුත් නො සිටි බව සඳහන් කළේය.

 ආරක්ෂක මණ්ඩලයේ දොර වැහුනත් රනිල් වික්‍රමසිංහ මහතා පසුව අග්‍රාමාත්‍ය කාර්යාලයට සියලු නිලධාරීන් කැඳවා හවස පහ හය වන විට ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමටත් ඉතිරි ත්‍රස්තවාදීන්  පුපුරුවාගෙන මැරෙන තැනට කටයුතු කෙරුණු බව ද කීය.

 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී  කී කාරණා සියල්ලම එතුමා කැමති නම් ත්‍රිපුද්ගල මහාධිකරණයට ලබාදීමට හැකියාව තිබෙන බව සඳහන් කළ වජිර අබෙිවර්ධන මහතා එසේ ලබා දෙනවා නම් ඉතා වැදගත් බව කීය.

ලංකාවේ බුද්ධි අංශ ගැන දේශපාලකයන්  මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතු බව කී අබෙිවර්ධන මහතා ඇතැම් දේශපාලකයන්ගේ කතා දකින  විට ත්‍රස්තවාදීන් මෙන්ම ලෝකයත් හිනා වෙන බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදය දකින විට  කණගාටුවක් ඇති වන බවද බෙදී වෙන්වී ගහ මරා ගතහොත් විනාශ වන්නේ මුළු මහත් ජාතියම බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ  සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.



අදහස් (18)

රනිල් විනාඩි 25ක් එළියේ වාඩි කරලා

Nimal Friday, 22 September 2023 12:47 PM

මිලේනියම් සිටි මතකද? 

:       24       45

විමානි දහනක Friday, 22 September 2023 12:53 PM

ලංකාවේ බුද්ධි අංශ ගැන දේශපාලකයින් මීටවඩා වගකීමෙන් වැඩ කළයුතු බව කී අබේවර්ධන මහතා... අර මිලේනියම් සිටිවලත් පසුගිය කාලේ මොකද්ද සිද්ධියක් වුණාලු...

:       17       29

Abaran Friday, 22 September 2023 12:57 PM

මොළේ කළඳක් හෝ ඇති කෙනෙකුට තේරෙනවා පොළොන්නරුවේ පොළඟාට ඕනෑ වුනේ රනිල් මහතාව දේශපාලනයෙන් අතුගා දමන්න. ඒකයි ඔය මිනිහා එතුමාට ආරක්ෂක කවුන්සිලය තහනම් කළේ. ඔය කුහක මිනිහාට රනිල් මහතා ගැන ලොකු ඉරිසියාවක් තිබුණා. අද මොකද වෙලා තියෙන්නේ? මිනිහා බලුවෙලා. රනිල් මහතා ජනාධිපති වෙලා. රනිල් මහතා ඔය පොළඟා වගේ පලිගන්න කෙනෙක් නොවන නිසා මේ පහත මිනිහා තාමත් වැල්බයිලා කියකියා ඔහේ ඉන්නවා. නැත්නම් මේකාව අල්ලලා හිරේ දාන්නයි ඕනෑ. දැක්කානේ රනිල් මහතා එක්සත් ජාතින්ගේ සමුළුවේ කතාකළ ආකාරය. ඉස්සර අරයා ගියාම කොහොමද කොළයක් බලාගෙන සිංහලෙන් කතාකරනවා. කවුරුවත් අහන්න කෙනෙක් නැහැ.

:       17       51

SaraFriday, 22 September 2023 03:03 PM

100% ඇත්ත

:       6       21

Sudath jayaratne Friday, 22 September 2023 04:25 PM

රනිලුත් බලුවෙන දවස ඉතාමත් කිට්ටුයි.

:       25       23

chandanaFriday, 22 September 2023 05:59 PM

ආයේ අලුතෙන් පහත් වෙන්න දෙයක් නැහැ. ප්‍රංශයට ගිහින් මදි නොකියන්නම එහෙම වුණා. මෙයා බලෙන් ගිය මීටින් එකේ කතාකරන්න අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ හැරත් එදා ඉඳලම මේ කට්ටිය කලේ අන්ත බලු වැඩ.

:       5       11

සබරන්Friday, 22 September 2023 09:03 PM

පළි ගන්න එක වෙනයි, රටේ නීතිය ක්‍රියාත්මක කරන එක වෙනයි. රනිල් කියන්නේ පිනට හරි ජනපති. එහෙම තියෙද්දී 300ක් අහිංසක ජනතාව වලපල්ලට යවපු අයව බේරෙනවා කියන්නේ ඉස්සල්ලාම එයාව එළවන්න ඕනේ. පාස්කු ප්‍රහාරය කියන්නේ අසල්වැසියෝ දෙන්නෙක්ගේ රණ්ඩුවක් නෙවෙයි සමාව දෙන්න. ඒකට ගෑවිච්ච හැම කෙනාටම උපරිම දඬුවම් දෙන්න ඕනේ...

:       2       14

Mohan Mapa Friday, 22 September 2023 02:01 PM

බෝම්බ පිපිරෙන තැන වාඩිවෙලා හිටියා නම් කොච්චර හොඳයිද?

:       17       25

Rata Perata Friday, 22 September 2023 02:04 PM

එහෙම කළා නම් ඒකට විරුද්ධව එළියට බැහැලා කතාකරන්නවත් බැරි දුර්වලයෙක්ද ජනාධිපතිකම ගත්තේ?

:       19       21

Sameera Friday, 22 September 2023 02:55 PM

තව බෝම්බයක් පිපිරෙනතුරු වාදවිවාද වෙවි! ISIS යනු ඉතාමත් භයානක ත්‍රස්තවාදී කණ්ඩායමකි. අවාසනාවට ශ්‍රී ලංකිකයන් මේය තේරුම් ගෙන නොමැත

:       7       19

අරවින්ද මොනරවිල Friday, 22 September 2023 03:42 PM

බලයට තියෙන කෑදරකමට අගමැති තනතුරේ එල්ලිලා හිටියා ආත්ම ගෞරවයක් තියෙන මිනිහෙ නම් එවලේම අගමැතිකමෙන් ඉල්ලා අස්වෙනවා.එයා අගමැතිවෙලා හිටියා කියලා පාස්කු ප්‍රාහරය වලක්වා ගන්න බැරි උනා වගේම අද පිං ජනාධිපතිවෙලා හිටියට ඒ අපරාධය කරන්න අනුබල දුන්න එවුන්ට දඬුවම් කරන්නත් බැහැ.

:       19       19

chandima Friday, 22 September 2023 05:27 PM

ඒ කාලේ දන්සැල් පෝලිම්වල උන්නු පලපුරුද්ද උපකාර වෙන්න ඇති...

:       2       3

de silva Friday, 22 September 2023 05:59 PM

වජිර, උඩ බලාගෙන කෙළ ගහන්න එපා... අගමැතිවරු බලු වෙනවද එහෙම නිලධාරීන් ඉස්සරහ? ප්‍රේමදාස, මහින්ද වැනි අගමැතිවරුන්ට මෙහෙම සැලකුවා නම් එවෙලේම නිලධාරින්ට කනේ පාර බැගින් ලැබෙනවා, ජනපති රටින් පිටවූ වෙලාවක තමන් රටේ ප්‍රධානියා බව නොදන්න කොන්ද පණ නැති මනුස්සයෙක්...

:       4       15

ලුම්බිණි Saturday, 23 September 2023 06:04 AM

එන්න එන්නම පිස්සුව වැඩි වෙනවා වගෙයි...

:       0       4

sarath Saturday, 23 September 2023 12:14 PM

රනිල් මුල ඉඳලාම ජයවර්ධන ප්‍රේමදාස ජනාධිපතිවරු වගේ කෙළින් වැඩ කළා නම් එහෙම එකඑකා ඉස්සරහා දෙකට නැමෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රශස්ත පිළිතුරක් තියෙනවා. නිවටයා දැක්කාම එළුවත් නිකට පානවා කියලා...

:       1       3

de silva Saturday, 23 September 2023 02:17 PM

වජිර දොඩවන විකාර සතියෙන් සතිය මාධ්‍යවල පලවනකොට එජාපයේ 3% ඡන්ද ප්‍රතිශතයත් ක්‍රමයෙන් පහළ බහිනවා. වජිරට හෝ රනිල්ට ජාතික ලැයිස්තුවෙන් හැර පාර්ලිමේන්තු මැතිවරණයක් ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තු එන්න ලැබෙන්නේ නැහැ.

:       3       5

මොට්ටපාල Saturday, 23 September 2023 05:19 PM

මන්ත්‍රීතුමා ඔහේ හිටපු රාජ්‍ය පරිපාලන ඇමැති කෙනෙක් නේද? ඉතින් ඔහේලා නිකුත්කළ චක්‍රලේඛ ගැන දන්නවා ඇති නේද? එහෙම නම් නිලධාරින් දේශපාලන අධිකාරියේ පහළම එකාට පවා සලකන්න ඕනෑ ක්‍රමය කියලා තියෙනවා නේද? එහෙම නම් එකල අගමැතිට එහෙම කරපු එවුන්ට දඬුවමක් නොදෙන්නේ ඔහේලා චක්‍රලේඛ නිකුත් කරන්නේ නිකං ඉන්නවාටද කියන්න...! 

:       0       6

Raveen Sunday, 24 September 2023 03:34 PM

ඕවා දැන් කියලා වැඩක් නෑ... අනුර කුමාර කීවා මතකයිනේ ඔය ජනාධිපතිතුමාගෙන් ලැබෙන ප්‍රතික්ෂේප වීම් පාර්ලිමේන්තුවේ කිසිම මොහොතක ඒ ගැන ඔය රනිල් රාජපක්ෂ කතාකළේ නෑ. හරි නම් ඒ පිළිබඳව කතාකරන්න ඕනේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ... ඒ හරහා විසඳුම් සෙවිය යුතුව තිබුණා. එළියේ වාඩිවෙලා හිටපු එක නෙමේ කරන්න තිබ්බේ.. ..සේරම කෙල වෙනකම් බලන් ඉඳලා දැන් මෙතන මගුල් කියවනවා. ජනාධිපතිකම අගමැතිකම ඔබලාගේ බූදලේ නෙමෙයි. මේක ජනවරමකින් දෙන්නේ රටට කෙලවෙනකම් එළියේ වාඩිවෙලා ඉන්න නෙමේ.. ඔබලාගේ පුද්ගලික ප්‍රශ්න රටේ ප්‍රශ්නත් නෙමේ කරන්න බැරි තත්වයක් තිබුණා නම් ඕක දාලා වෙන කෙනෙක්ට දුන්නා නම් ඉවරනේ.. බලන්න නෝණ්ඩ් වෙවී ඉන්නේ බල පෙරේතකමට... ඒක නෙමේ රනිල් රාජපක්ෂට ඕනේ බලය තානාන්තර විතරයි. නැතුව රට හදන්න කිසිම වුවමනාවක් නෑ. ඒකේ එල්ලීගෙන ඉන්නේ හරියට කූඩැල්ලා වගේ.. කොහොම හරි නුඹලා සේරම එකතුවෙලා කෑවා රට... අහිංසක මිනිස්සු මැරුණා සිය ගානක් . බල තන්හාවේ තරම තමා ඔය...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 345 0

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2214 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2909 6

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1768 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 9560 4

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2617 7

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40135 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25982 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 260 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1322 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site