(අංජුල මහික වීරරත්න)
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තා කරන ලෙස නියෝග ලබාදී ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කිරීමෙන් පැය කිහිපයකට පසුව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් ආරක්ෂාවට සිටි සියලු නිලධාරීන් ආරක්ෂක රාජකාරී වල සිටින බවත් ප්‍රකාශ කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මේ පිළිබඳව විධිමත් අවධානයක් යොමුකර කටයුතු කළ යුතු බවද විජයවර්ධන මහතා කීය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව කීවෙි කොළඹ දී අද (07) කොළඹදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
ඉකුත් ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරමින් අඛණ්ඩව අපහාසාත්මක දුස් තොරතුරු රැසක් සමාජගත කරමින් තිබෙන තත්ත්වයක් පෙනී යන බවත් එකී පදනම් විරහිත ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂය ලෙස තරයේ හෙළා දකින බවත් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අවධාරණය කළේය.
එසේම කිසිදු අවස්ථාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය ජනාධිපති මන්දිරය පෞද්ගලික පරිහරණය සඳහා යොදා නොගත් අතර එය භාවිත කළේ නිල රාජකාරි කටයුතු සඳහා පමණක් බව පෙන්වා දුන් විජයවර්ධන මහතා සුඛෝපභෝගී ආහාර සහ විදේශීය සූපවේදීන්ගේ සේවය ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ ද අසත්‍ය මෙන්ම මුළුමනින්ම දේශපාලන වෛරයක් පිරිමසා ගැනීම සඳහා කරනු ලබන පහත් ගනයේ ප්‍රකාශ පමණක් බවද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරමින් අඛණ්ඩව අපහාසාත්මක අසත්‍ය තොරතුරු රැසක් සමාජගත කරමින් තිබෙන බව පෙනී යනවා. එක්සත් ජාතික පක්ෂය ලෙස අප එකී ප්‍රකාශ තරයේ හෙලා දකිනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා. ඒ වගේම පසුගිය සමයේ කඩා වැටී තිබූ මෙරට ආර්ථිකය ධන පැත්තට හරවා දුන්නේ ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි. නමුත් එතුමා ඉලක්ක කර කිසියම් අපහාසාත්මක අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් සිටිනවා.
ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ඉවත් කර තිබෙන බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙනවා.
ඊයේ, එනම් ඔක්තෝම්බර් මස 06 වන සඳුදා සවස වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති - මානව සම්පත් කළමනාකරණ, සිසිර කුමාර විසින් ස්ථාන මාරුවීම් දක්වමින් ලිඛිත නියෝගයක් නිකුත් කර තිබෙන බවත් එහි සඳහන් වුණ. ඊට අනුව අටවන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන්ට නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තා කරන ලෙස නියෝග ලබාදී තිබෙනවා.
නමුත් මේ පිළිබඳව සමාජමාධ්‍ය වාර්තා කිරීමෙන් පැය කිහිපයකට පසුව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත්, ආරක්ෂාවට සිටි සියලු නිලධාරීන් ආරක්ෂක රාජකාරි වල සිටින බවත් ප්‍රකාශ කර තිබෙනවා.එතුමා මේ පිළිබඳව විධිමත් අවධානයක් යොමුකර කටයුතු කරනු අැතැයි අප සිතනවා.
ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් කිසියම් වෛරයක් ඇති කරවීමට ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයක් ක්‍රියාකරන බවක් පෙන්නුම් කරනවා.
පසුගිය දින කිහිපයේදී වර්තමාන ආණ්ඩුවට හිතවත් පාර්ශවයන් විසින් හිටපු ජනාධිපතිවරයා විසින් භාවිතා කළ ජනාධිපති මන්දිරයේ මුලුතැන් ගෙය යැයි සඳහන් කරමින් විදේශ රටක මුලුතැන් ගෙයක වීඩියෝවක් සමාජගත කර තිබෙනවා.එවැනි තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය නිසි ලෙස වටහාගත නොහැකි අඩු බුද්ධි මට්ටමක් සහිත පුද්ගලයින් විසින් එය සමාජජාල මාධ්‍ය තුල හුවමාරු කරමින් සිටිනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරය දැරූ සමයේදී කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය භාවිත කරනු ලැබුවේ දේශීය සහ විදේශීය නිල රාජකාරිමය අවස්ථාවන් හිදී පමණයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වික්‍රමසිංහ මහත්මිය වාසය කළේ ඔවුන්ගේ පෞද්ගලික නිවසේ බවත් සඳහන් කළ යුතුයි.
ඒ වගේම ජනාධිපති මන්දිරයේ නිල උත්සව අවස්ථාවන් වලදී පැමිණෙන අමුත්තන්ට දේශීය ආහාරපාන වලින් සංග්‍රහ කිරීම සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගනු ලැබුවේ ජනාධිපති මන්දිරයේ සේවය කරන සූපවේදීන්ගේ උපදෙස් මත දේශීය සැපයුම්කරුවන් මාර්ගයෙන් වන බවත් අවධාරණය කළ යුතුයි.
කිසිදු අවස්ථාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෝ වික්‍රමසිංහ මැතිණියගේ අවශ්‍යතාවයන් මත මුද්‍රිත ආහාර වට්ටෝරු, විදේශීය සුඛෝපභෝගී ආහාර පිළියෙල කිරීම හෝ විදේශීය සූපවේදීන්ගේ සේවය ලබාගැනීම සිදුකර නොමැති අතර ඒ සම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය ප්‍රකාශයන් මුලුමුනින්ම දේශපාලන වෛරයක් පිරිමසා ගැනීම සඳහා කරනු ලබන පහත් මඩ ප්‍රචායක් පමණක් බවත් මා සඳහන් කරනවා.
ශ්‍රී ලංකාව මුහුණ දුන් අසීරුතම අවස්ථාවකදී වගකීමෙන් පලා නොයා දැවැන්ත අර්බුදයකින් රට ගොඩගත් නායකයාගේ චරිත ඝාතනය සඳහා දියත්කර ඇති පහත් පෙළේ මඩ ව්‍යාපාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය වශයෙන් අපි අතිශය කණගාටුවට පත්වන අතරම, මේ රටේ ජනතාවට සත්‍ය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න පිළිබඳව වටහාගැනීම සඳහා වන විචාර බුද්ධිය ඇතැයි අපි විශ්වාස කරනවා.
ඒ වගේම මඩ ගහමින් කාලය කා දමන්නේ නැතුව තමන් ලද ජනවරම ප්‍රකාරව රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න කැපවීමෙන් ක්‍රියාකරන ලෙස අප වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා යැයි රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග
කළුතර , කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසක් තුලදී පපුවට තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ති
නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
Nana Tuesday, 08 October 2024 08:12 AM
කෙලෙහිගුණ නොදත් ජාතියක්, ජන්මයක් නැති ජෙප්පන්ට ප්‍රතිවිපාක ලබේයි ළඟදීම
අශානි Tuesday, 08 October 2024 01:02 PM
මාලිමාව ජන්ද ගන්නේ වයිරය වපුරලා. වෙන වැඩක් මොවුන්ට කරන්න බෑ