IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


රනිල් මැතිසබයට?

(සුජිත් හේවාජුලිගේ)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල්  වික්‍රමසිංහ මහතා  මේ වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

එම පක්ෂයේ  ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන්  අයෙකු ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහ මහතාට ඒ සදහා  අවස්ථාව සලසා දෙනු ඇතැයිද   එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔහු පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වික්‍රමසිංහ මහතා සමඟ  සම්බන්ධ වීමට අදහස් කරගෙන සිටින බව  වාර්තාවේ.

විවිධ පාර්ශ්ව  පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස  රනිල් වික්‍රමසිංහ මහතාට දැනටමත්  යෝජනා කර ඇත.

රනිල් වික්‍රමසිංහ  මහතා පසුගියදා ගාල්ල ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේදීද ජනතාව   පාර්ලිමේන්තුවට පැමිණ ජනතා සේවයට එක් වන්නැයි ඔහුගෙන්   ඉල්ලීමක් කළහ. මේ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා “පොඩ්ඩක් ඉවසලා ඉන්න”  යනුවෙන්  ප්‍රකාශ කර තිබිණ.



අදහස් (49)

රනිල් මැතිසබයට?

anura nanayakkara Thursday, 20 February 2025 01:09 PM

රනිල් මහතා නැති පාර්ලිමේන්තුව හරියට ලුණු නැති කැඳ හැලියක් වගේ...!

:       148       101

JayasekaraThursday, 20 February 2025 02:35 PM

අනේද කියන්නේ? කැඳ හැලියක්ම තමයි. තණ්හාව ඉවරයක් නෑ. ආවත් මොනවා කරන්නද? බහුතරය දිනාගෙන ඉවරයිනේ තව කාලෙකට...

:       66       133

Anura Thursday, 20 February 2025 03:34 PM

හත්වලාමේ ගම්මිරිස් ටිකක් දැම්මම කොච්චර හොඳ ද?

:       1       8

janahithaThursday, 20 February 2025 03:36 PM

නොදකින් හත්වලාමේ.

:       4       12

samanThursday, 20 February 2025 06:54 PM

එතුමාගෙන් "ඉල්ලීමක් කළහොත්" පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව සලකා බලනු ඇත.

:       3       6

anura nanayakkara Thursday, 20 February 2025 01:11 PM

රනිල් නැති පාර්ලිමේන්තුව ලුණු නැති කැඳ හැලියක් වගේ !

:       120       64

රත්නායක Thursday, 20 February 2025 01:18 PM

සීයා බලං ඉන්නවා අර එළුවගේ අහවල් එක වැටෙනකං ගිය නරියා වගේ. ඔය මනුස්සයට යන්න එකෙක් නෑ අස් වෙන්න. අස් උනත් මිනිහට යන්න වෙන්නෑ. පව්

:       56       102

පිනා Thursday, 20 February 2025 01:21 PM

කොහොමත් ඔය මනුස්සයට ලජ්ජා නහරේ කියන එක උපතින්ම පිහිටලා නැහැ , කලින් කියුව නේද ජාතික ලයිස්තුවෙන්වත් අපහු එන්නේ නැහැ කියල , තමන් ජනාදිපති වෙලා ඉද්දි තියපු මැතිවරනෙන් දිනන්න තියා දෙවෙනි තැන ගන්න වත් බැරිව ලජ්ජා සහගත පරාජයක් ලබල ඒයිතිහාසික වාර්තාවක් තියපු කෙනා

:       50       131

ගුණරත්න Thursday, 20 February 2025 01:31 PM

එහෙම වුනොත් හොඳයි, දැන් පාලක පක්‍ෂය ළදරුවන් වගෙයි හැසිරෙන්නේ.

:       150       97

Kamal Koyrala Thursday, 20 February 2025 01:33 PM

නියමයි ඔබගේ පැමිණීම... බොහෝ කරුණු කරන අත දැනගන්න.

:       96       69

රට වැසියා Thursday, 20 February 2025 01:42 PM

අපේ රටේ තිබෙන අවිචාර - අශිෂ්ට සමාජ දේශපාලන සංස්කෘතිය කිසිම ආණ්ඩුවක් විසින් වෙනස් කරන්නේ නැත! එයින් ඔවුන්ව ආරක්ෂා කරන නිසාය.

:       9       57

දීපාල් Thursday, 20 February 2025 01:44 PM

ජීවත් වෙන්න දඟලන තරමක්.... මොකෙක් මරල හරි කමක් නෑ පාර්ලිමේන්තු එන්න තියෙනවනම්...

:       39       105

යෝගා Thursday, 20 February 2025 01:46 PM

ඩබල් පොකට්ව බය කරන්න එපා හලෝ කලිසමේ බොත්තම් දාගන්නත් අමතක වෙයි. දැනටමත් මයිල් කෙලින් වෙලා ඉන්නේ.

:       83       75

Rasika Thursday, 20 February 2025 01:47 PM

ඒ කියන්නෙ තව අවුරුද්දයි මුන්ගෙ නොහැකියාව ජනතාවට හොඳටම තේරෙන්න. ගෝටා කලා වගේ නිකම්ම යයි කියලා නම් හිතන්න අමාරුයි. මේ ගොල්ලන් ඇවිත් තියෙන්නෙ යන්න නෙවෙයි නිසා රට ලේ විලක් වෙයි.

:       91       53

Hasith Thursday, 20 February 2025 02:03 PM

හොර පාරෙන් ජාතික ලැයිස්තුවට මෙයාගේ ගෝලයින් රිංගුවේ මේකට තමයි.

:       26       71

casmir Thursday, 20 February 2025 02:03 PM

RW ගැන විවේචන ගොඩක් තියනවා හැබැයි ලංකාවේ ගොඩක් තැන්වලදී කෙලින් තද තීරණ ගත්තා. ඒ වගේම ක්‍රියාත්මක කළා. JVP හැමදාම කලේ හැමදේම විවේචනය කළ එක.. හොඳ දේට හොඳයි කියන්න පිටකොන්දක් JVP එකට තිබුනේම නැහැ. RW is a leader. JVP එකෙ නැත්තේ ඔය කියන Leadership එක. දැනටත් JVP එකට තියෙන්නේ බොලඳ නියාය පත්‍රයක්... JVP නියාය පත්‍රය ගැලරියට ගොඩක් පක්ෂපාති එකක්... සමහර JVP ඇමැතිලා හරිම ප්‍රාථමික කතන්දර කියන තනිකරම බොරුව පමණක් සමාජ ගත කරපු සෙට් එකක්. හැමදේටම තියෙන එකම විසඳුම අපි අදූෂිතයි. හරි එකට අපි respect කරනවා. හැබැයි රටකට පාලනයක් පාලකයෙක් අවශ්‍යයයි. සෙල්ලම් ආණ්ඩු වලින් වැඩක් නැහැ. තවමත් JVP හිතාගෙන ඉන්නේ විපක්ෂේ කියලා. හැම පුද්ගලයාටම තියනවා රට ගැන කැක්කුමක්.. ඒත් වගකීමක් අරගෙන වැඩ කරන්න පුළුවන් ටික දෙනෙකුට විතරයි.

:       86       90

senaThursday, 20 February 2025 06:27 PM

පාලකයා කියන්නේ මිනිස්සු ආරක්ශා කරන්නා මිසක් මිනී මරන්නා නෙවෙයි. ඔය මනුස්සයා කවදාවත් ජනවාදී තීරණයක් අරගෙනත් නැහැ, කෙරුවෙම එයාගෙ පන්තිය ආරක්ශා කරපු එක. අනික ආවා කියලා මොනා කරන්නද කලිසම උස්ස උස්ස ඉදියි ටික කාලයක්, බටලන්දේ කේස් ඇදුනාම කූරු ගනින්න යාවි.

:       12       14

CassimThursday, 20 February 2025 07:43 PM

ඒක තමා. අර යුද්දේ අවසාන කාලේදී, හමුදාව අලිමංකඩ යනවා කියල පාමංකඩ යනවා කිව්වේ ආර්.ඩබ්ලිව්ගේ තිබ්බ හොඳ දේට හොඳයි කියන විශිෂ්ට ගතිය හින්ද.

:       6       8

suchapa Thursday, 20 February 2025 02:05 PM

සිංහලය කවදත් කුහකයි වැරැදීමක් ගැන කියනවා. නමුත් මුස්ලිම්, දෙමළ ජාතිකයින් එහෙම නැහැ. ඒකට හේතුව ඒ ජාතිය එකයි. සිංහලයා එහෙම නැහැ ඕලන්ද, පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි, පාකිස්ථාන, කාපිරි මේ ඔක්කෝම කලවම් තමයි තියෙන්නේ... කවදත් අඩුපාඩුවක් දකින්නේ කුහකත්වයත් එක්ක ඒකට හේතුව තමා සිංහලයා කියන්නේ... කොක්ටේල් ද කියලා හිතෙනවා..

:       33       17

Sampath Thursday, 20 February 2025 07:52 PM

රටට ගත්තු හින්දා තමයි ඔය කතන්දර අහන්න වෙලා තියෙන්නේ. බොළඳ තර්ක එපා...

:       1       2

Kazi Shajahan Thursday, 20 February 2025 02:19 PM

UNP අපි කැමැති නැහැ රජා වගේ හිටපු රනිල් කවදාවත් දොරටු පාලකයෙක් වෙනවා දකින්න..!

:       19       22

නිසාන් කලුතර Thursday, 20 February 2025 02:23 PM

සල්ලි තිබුණක් ඡන්දේ නැහැ කියපු රනිල් යවන්න ඕනෑ පාර්ලිමේන්තුවට නොවෙයි රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් හිර ගෙදර යට. කෝ මාලිමා ආණ්ඩුව ඒකට පියවරක් ගන්නේ හැති හැඩයි. ඒ වීඩියෝ පටිය බලන්න. සල්ලි තිබුණක් ඡන්දෙ නැහැ කියලා කියන්න රනිල්ට මොකක්ද තියෙන අයිතිය?

:       28       56

Koralage Thursday, 20 February 2025 02:24 PM

මෙයා විසින් මහ දවල් හොරාකාපු බැඳුම්කර මගඩිය 2015 පෙබරවාරි 27 වන දින සිදු වූ මූල්‍ය විශුද්ධිකරණයේ විශාලතම වංචාවක් වන අතර එය රටේ සමස්ත ජාතියට ඇමරිකානු ඩොලර් මිලියන 11 කට වැඩි අලාභයක් සිදු කළේය. ඉතින් වත්මන් ජනාධිපතිවරයාට අපි යෝජනා කරනවා මෙයාට ආයෙත් දේශපාලනය කරන්න බැරිවෙන්න ප්‍රජා අයිතිය අහෝසි කරන්න. ජනාධිපති කොමිශන් වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා.

:       29       60

SamanthaThursday, 20 February 2025 06:51 PM

ඔප්පු කරන්න පුළුවන්ද?

:       3       4

beau Thursday, 20 February 2025 02:45 PM

ගෙම්බා කොපමණ එළෙව්වත්, හීය දිහා බලාගෙන තමයි වැටෙන්නේ...

:       18       51

Asela Thursday, 20 February 2025 02:55 PM

මෙතැන කෙනෙක් කිව්වා සිංහල අය කොක්ටේල් වගේ කියලා. නෑ. ඒක වැරැදියි. දේශපාලනික වශයෙන් අව්‍යාජ, බොහෝ සිංහල අය ඉන්නවා. ලෝකයේ හැම තරාතිරමකම දේශපාලනඥයෝ එක වගේ. මෙතැන තියෙන ප්‍රශ්නේ තමයි රට සංවර්ධනය කරන්න අපි අඩු දූෂිත දේශපාලනඥයින් සහ කණ්ඩායමක් හොයාගන්න රනිල් කරන හැම දෙයක්ම මම අනුමත කරනවා කියලා මම කියන්නේ නැහැ. ඔහු 1000 වතාවක් වැරැදියි.. නමුත් රට සංවර්ධනය කරන්න අපිට ඔහු අවශ්‍යයි. ඔබට කවුරු හරි නම් කරන්න පුළුවන්ද? නැත්නම් මේ වෙනකම් ඔප්පු කරපු කෙනෙක් ඉන්නවාද?

:       28       22

Nihal Dharmatileke Thursday, 20 February 2025 03:11 PM

ලුණු තිබ්බත්, නැතත් පාර්ලිමේන්තුව කැඳ හැලියක් කරන්න මෙයාට පුළුවන්...

:       18       41

Srinath priyantha karunarathna Thursday, 20 February 2025 03:27 PM

රනිල් රියල් මෑන් කෙනෙක් නම් මහජන ඡන්දයකින් එන්න මුස්ලිම් කවදාවත් ඒගොල්ලන්ගේ ජාතිය, ආගම පාවාදුන්නේ නෑ. ඒකට සිංහල සහ දෙමළ...

:       5       11

සනත් Thursday, 20 February 2025 03:53 PM

මේක AKD සහ RW කුමන්ත්‍රණයක් වගේ

:       0       2

sugath Thursday, 20 February 2025 03:54 PM

අර රවී පාර්ලිමේන්තුවට රිංගුවේ ඔය කොන්ත්‍රාත් එකට තමා.

:       0       7

fairoos Thursday, 20 February 2025 04:01 PM

ගෝඨාභය ආණ්ඩුවේ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවද? අනේ පව්.

:       4       4

Harmanis Thursday, 20 February 2025 04:27 PM

ප්‍රභාකරන්ගේ කියමන 10000000%කින් නිවැරදියි කියන්න ඉහත කියමන් හා ඩිස්ලයික් වලින්ම පැහැදිළිව පේනවා.ගෝඨයියා රට අගාධයක දමා පස්සේ දොරෙන් පැනපු වෙලාවෙ රටේ මොකක්ද වුනේ කියලා.

:       3       3

ගමේ එකාලා Thursday, 20 February 2025 04:30 PM

රනිල් කියන්නේ බල ලෝබීයෙක්..මහා බැංකු බැදුම්කර වංචා කරපු රවි කරුණානායකත් ඉන්නවා රනිල්ට හරියන්ඩ?

:       3       9

මැක්ස් Thursday, 20 February 2025 04:33 PM

මේ කෝඩුකාර විහිලු රෑනට වඩා නම් රනිල් මහතා ගව් ගාණක් ඉදිරියෙන්!

:       7       6

චන්දිම Thursday, 20 February 2025 04:59 PM

මම නම් දොස් කියන්නේ ජේ.ආර්ට. මොකද නිකාන් අපරාදේ මේ මනුස්සයව මේ දේසපාලනයකට ඇදගෙන ආවේ. ඔය ඉගෙනගෙන තියෙන ඒවයි පවුලෙන්ම ආපු ඉංග්‍රීසි කතාවයි ඔය තියෙන ටයි කෝට්වලට හරියන උසයි මහතයි, බබා ළදරු මුනයි වගේ අංගෝපාංග ටිකෙන් වෙන හොඳ ජොබ් එකකට යන්න තිබුණනේ. අඩු ගානේ චිත්‍රපටි නළුවෙක් වත් වෙන්න තිබුණනේ. මොකද නරකද මිනිහා කෙල්ලෙක් පස්සේ මල් වත්තක මල් ගස් අස්සෙන් ජෝතිගේ හරි මිල්ටන් පෙරේරාගේ හරි ගීතයකට නට නටා දිව්ව නම්. මිනිස්සුන්ට විනෝදයක් හරි ලබන්න තිබුණනේ. මේ මේ වැඩකට නැති දේසපාලනයකට ඇවිත් මිනිස්සුන්ට වෙච්ච දෙයකුත් නැහැ. රටටය කියලා ආයේ අමුතුවෙන් වෙච්ච සෙතකුත් නැහැ. කෝටි ප්‍රකෝටි ගණන් රටේ සල්ලිත් මිනිහට වියදම් වුණා හරියට නිකම් ගිහින් ගිහින් අන්තිමට පුස්ස බින්දා වගේ තමයි වුණේ.

:       4       11

චතුරි Thursday, 20 February 2025 05:25 PM

ජනතාව කිව්ව නිසාද එන්නේ. ඇයි ජනතාව 35 වතවකටත් වැඩි වාරයක් පරදින්න වැඩ සැලැස්සුවේ. මෝඩ හැතිකරේ උඩ පැන්නට දෙවිකෙනෙක් ඉන්නවා බලාගෙන. දෙවියන් කවදත් ඉන්නේ එඩිතර අවංක හොරු බොරු නැති පුද්ගලයත් සමඟ. මෙයා එන්නෙ මහ බැංකු හොරකම දැන් උසාවියට කැදවන්න කලින් ඇලෝසියස්ලව බේරගෙන මෙයත් සුදනා වෙන්න. නාකි රනිල් දන්නවා හිතුවටත් වැඩිය වේගෙන් අනුර රට ඉදිරියට ගෙනියනවා. ලෝක නායකයෝ ඉල්ලන්නත් කලින් උදව් කරනවා. මෙයා හිරෙනොගිහින් ඉන්න පාරක් කපාගන්න එන්නෙ සමහර විට කජු කන්න කෝකියන්ට කියලා උයන් කන්න ජනතාවගෙ රටේ මුදල් වලින් සැපවිදලා නාකි නඩෙටත් සැප දෙන්න නාකි නඩේගේ දෙවියෝ රනිල්. ජනතාවගේ දෙවියො අනුර කුමාර.

:       3       6

ප්‍රියා Thursday, 20 February 2025 05:52 PM

පාර්ලිමේන්තුව ඊජිප්තු පිරමීඩයක් නොවේ.

:       0       4

Dumudu Thursday, 20 February 2025 06:06 PM

මෙයයි රාජපක්ෂයි දෙන්නම එකයි. මුන්ට නිකන් කාලා පුරුදු ඒවා අතහරින්න බෑ. ඒකයි මේවටම රිංගන්න හදන්නේ. යකෝ තරුණයන්ට ඉඩ දීපල්ලකෝ.

:       3       8

ඇම්. ඒ. ඇම් ඉල්‍යාස් Thursday, 20 February 2025 06:33 PM

ඒක හොදයි. වැරැද්ද නිවරදි කරගන්න.

:       2       1

Sharm Thursday, 20 February 2025 07:09 PM

ආ.. හිතං ඉන්නෙ එහෙමද? මේ සොම්බියා මැරිච්ච දාට පාර්ලිමේන්තුවේ මාසයක් පිරිත් කියන්න වෙයි බූතයා එලවන්න.. මෙච්චර කාලයක් රට ට කෙලවලා පුරුදු තාලෙට හොර පාරෙන් එන්න හදන්නෙ හැලෙන කලිසමත් නැතුවද?

:       3       8

ගුණරත්න Thursday, 20 February 2025 08:45 PM

මාලිමාවුන් සෑහෙන්න බය වෙලා සීයාට.

:       5       4

Malika Thursday, 20 February 2025 09:27 PM

දෙවියෝවත් මේ රට රැකදේවා. මේ කාලකන්නි වසංගත ටික සදහටම නැති වුණා මිසක් මෙයාලාගෙන් රට බේරා ගැනීම හීනයක්. කජු කාලා තෙල වැඩි වෙලා ඉහෙන් බහින රෝගයක් මෙයාට නෑ. ඡන්දයකින් ජීවත් වෙලා ඉන්න තුරා මෙයාට පාර්ලිමේන්තු එන්න බෑ. දැන් මේ විදියට ඇවිත් එතැන අනලා වනසන්න හදයි. තාමත් මෙයාට කත් අදින නඩයක් ඉන්නවනේ...

:       5       7

ranjith Thursday, 20 February 2025 09:31 PM

රනිල්ගේ ප්‍රතිපත්තිම ඉදිරියට ගෙනියනවා නම් පාර්ලිමේන්තු හිටියත් වරදක් නෑ.

:       8       2

ඡන්දදායකයින් Thursday, 20 February 2025 09:46 PM

අඩේ කොච්චර එලෙව්වත් ගේ ගෙම්බා වගේ හොර පාරෙන් එන්නමයි බලන්නේ. මේ පාර ගියපාර වගේ පිං පොටක් ගන්න හම්බෙන්නේ නෑ. රටේ මිනිසුන් දැන් එදාට වඩා ගොඩක් බුද්ධිමත්. කොහෝමත් මෙයා තියා කවුරු ආවත් 159 හොල්ලන්න හීනෙකින්වත් බෑ. යථාර්ථය දැනගෙන මිනිසුන් ඇන්දවීමට දරන උත්සාහයක් නිසා ඉදිරියේ එන්න ඉන්න ඒ පක්ෂයේ අයටත් අනාගතයක් නැති කරන්න යන්නේ...

:       3       6

Fer Thursday, 20 February 2025 09:56 PM

මළකුණ නැවතත් එයි වගේ.

:       4       8

Chandima Thursday, 20 February 2025 11:27 PM

ගිය ආත්මේ කූඩැල්ලෙක් වෙන්න ඇති.

:       5       8

පොඩිඑකා Friday, 21 February 2025 07:52 AM

අපි මෙයාට පාර්ලිමේන්තුවෙ හැඩේට සෙල්ලං ගෙයක් හදල දෙමු!

:       0       3

Mohan Mangala Mapa Friday, 21 February 2025 10:46 AM

මටනම් අප්පිරියම සතා

:       0       2

Rata Perata Friday, 21 February 2025 05:58 PM

මෙයා කරපු දේවල් දැනගන්න ඕනෙ නම් මේ දවස්වල කෝප් මීටින් බලන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

තරුණ සේවා සභාවේ කෝටි 18ක් ඡන්ද වැඩට අරන්
2025 පෙබරවාරි මස 21 499 0

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වි


වෙඩි තැබීමකින් කොටහේනේ අයෙක් මරුට, වෙඩික්කරුත් අල්ලයි
2025 පෙබරවාරි මස 21 1845 0

කොටහේන කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.


ලෝක බැංකු ආසියානු නියෝජිතයෝ අග්‍රාමාත්‍ය ලේකම් හමුවෙති
2025 පෙබරවාරි මස 21 106 0

ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂ වර්ගිස් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාඅග්‍රාමාත්‍ය කාර්යාලයේද


’’වැලිවිට සුද්දාගේ’’ දේපල මුදා හරින්නැයි නියෝග
2025 පෙබරවාරි මස 21 1001 0

වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බස්


ත්‍රීරෝද රථයක් ලක්‍ෂ 20 ක් වෙයි
2025 පෙබරවාරි මස 21 900 0

පෙට්‍රල්වලින් ධාවනය කරන නව ත්‍රීරෝද රථයක් රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න මුදලක් දක්වා මිල ඉහළ ගොස් තිබේ.


අලුත්ගම වෙළඳසැලක ගින්නක්
2025 පෙබරවාරි මස 21 155 0

අලුත්ගම ඩිපෝ හන්දියේ ප්‍රාදේශීය සභා සුසාන භූමිය ඉදිරිපිට වෙළඳසැලක අද(22) රාත්‍රියේ ඇතිවුණු ගින්නකින් එම වෙළඳසැල ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි අ


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 106 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 386 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 167 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site