(ටී.කේ.ජී.කපිල)
ක්‍රෙඩිට් කාඩ් ලෙස සැකසූ රුපියල් කෝටි 11කට අධික වටිනා රන් තොගයක් රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවාය. .
විවිධ වානිජ බැංකු විසින් නිකුත් කල ක්‍රෙඩිට් ලෙස බැලූ බැල්මට හැගී යන ආකාරයටම මේවා සකස් කර තිබේ . මේ ආකාරයට ශ්‍රී ලංකාවට රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ගෙන ආ පළමු අවස්ථාව මෙය බැව රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීවරයෙක් පැවසීය .
කැරට් 24 රත්තරන්වලින් සකස් කරන ලද ස්වර්ණාභරණ ශ්‍රී ලංකාවට ගෙන ඒම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් ද පළ කර ඇත්තේ මේ ආකාරයට නීතිවිරෝධී රත්තරන් ජාවාරම් මැඩලීමටය .
මෙම රත්තරන් තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙන කාන්තාවකි .
ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය .
ඇය මුලින්ම ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ , එතැන් සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමටය .
ඇය මේ වනවිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හරහා ඩුබායි වෙත ගුවන් ගමන් 04 වරක් පමණ සිදු කර ඇති බව ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කළ රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .
මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ
රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන
අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං
ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස
රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
රන් හොරෙන් ගේන අලුත් ක්‍රමයක්
Asela Saturday, 14 January 2023 11:22 PM
කැරට් 24 න් රත්‍රං බඩු සෑදිය නෙහැක. කැරට් 24 ට රිදී හෝ තඹ යම් ප්‍රමිතියකට අනුව මිශ්‍ර කර කැරට් 22 හෝ ඊට අඩු කැරට් ප්‍රමාණයෙන් යුතු ස්වර්ණාභරණ සෑදිය හැක්කේ. කොහොම නමුත් හොඳ ගේමක් දීලා තියෙන්නේ.
චන්දිම Sunday, 15 January 2023 09:31 AM
සමහරු ඔහොම නෙමෙයි කෙලින්ම ගුවන් මාර්ගයෙන් ගේනවා වෙනුවට ගුද මාර්ගය ඔස්සේ රත්රන් ගෙන්න ට්‍රය් කරනවා.