(විමුක්ති එස් රුද්‍රිගු)
"ශිල්ප 2022 සිර සරˮ බන්ධනාගාරගත රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා කලඑළි දැක්වීමේ කර්මාන්ත හා අලෙවි ප්‍රදර්ශණය විවෘත කිරීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදි සිදුවිණි.
බන්ධනාගාරගත රැදවියන් උසස් වටිනා නිර්මාණ ඉදිරිපත් කර තිබීම සතුටුදායක කරුණක් බවත්, එම තත්වය තවදුරටත් වැඩි දියුණු කරමින් උසස් බන්ධනාගාර පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුර්ණ වෙසකට භාජනය කළ යුතුව ඇති බවත්, ඒ සදහා 1934 වසරින් පසුව ප්‍රථම වරට බන්ධනාගාර රෙගුලාසි වර්තමානයට ගැළපෙන පරිදි සම්මත කර ඇති බවත් එහිදී අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.සිරකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් ප්‍රකාශ කළ පමණින් ඵලක් නොමැති බැවින් ඒ අය දෙස මානුෂිකව සලකා බලා කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
සිරකරුවන් බන්ධනාගාරගත වන වරද හෝ දඩුවම කුමක් වුවත් බන්ධනාගාර නිලධාරීන් සිදු කළ යුතු වන්නේ රැදවියන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වන අතර, ඇතැම් අවස්ථාවන්වලදී සුළු අතපසුවීම් සිදු වුව ද වර්තමානය වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව හැකි උපරිම ආකාරයෙන් සිරකරු අයිතීන් සුරක්ෂිත වන පරිදි කටයුතු කරන බව ද රාජපක්ෂ මහතා සදහන් කළේය.
අද වන විට බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගෙන් සීයයට 85 ක්ම මත් ද්‍රව්‍ය සම්බන්ධ රැදවියන් වන අතර එම සංඛ්‍යාවෙන් සීයයට 95 ක්ම මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් බවත්, ශ්‍රී ලංකාව තුළ මත් ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීම සදහා මත් ද්‍රව්‍ය මහා පරිමාණ ලෙස ගෙන්වන පුද්ගලයින් හා බෙදා හරින්නන් මර්දනය කළ යුතු බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.
මෙරට තුළ මත් ද්‍රව්‍ය මේ තරම් දුරට ව්‍යාප්තවීම සදහා ඇතැම් දේශපාලඥයින්ගේ මෙන්ම ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ගේ සහාය හිමිවී ඇති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
රැඳවියන්ගේ කුසලතා කලඑළි දකියි
කෝසල Wednesday, 28 December 2022 04:48 AM
රැදවියන්ගේ උසස් නිර්මාණ තියෙන්නෙ ඔවුන්ට පුහුණුවක් දුන් නිසා කියලා කියන්න පුළුවන්. රටේ සමාජයේ එහෙම පුහුණුවක් නැතුව විවිධ ආකාරයට අකටයුතු වැඩට යොමුවන පිරිස් ඉන්නවා .ඒ නිසා පාසැල් කාලයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අසමත්ව සමාජයට යන දරුවන්ගේ කුසලතා හදුනාගෙන ඔවුනුත් රටට වැඩදායක අංශයකට යොමුකිරීම කලොත් රැකියා ප්‍රශ්න හොරකම් මැරකම් අඩුවී නිෂ්පාදනය වැඩිවී රට සශ්‍රීක වෙන්න පුළුවන් .බන්ධනාගාර ගතවීම අඩුවෙන්න පුළුවන් .දීර්ඝකාලීන ක්‍රියාවක් වුනත් ප්‍රයෝජනයක් වෙන්න හැකියාව තියෙනවා
Dena Wednesday, 28 December 2022 01:10 PM
තිළිණි ප්‍රියමාලිගේ මැගසින් විශ්වවිද්‍යාල උපාධියෙන් නිර්මාණය කළ ඒවා මොනවාද?