(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ගාස්තු අය කිරීමකින් තොරව වැඩසටහන් 80 ක් විකාශනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් තුන් කෝටියකට වැඩි මුදලක් 2020 වර්ෂයේදී අහිමිව ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙම වැඩසටහන් වෙනුවෙන් පැය 119 කට වැඩි ගුවන් කාලයක් වැය කර තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි අක්කර 8 ක පමණ ඉඩම සහ ගොඩනැගිලි සංකීර්ණයේ නෛතික අයිතිය පවරාගෙන එහි වටිනාකම මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට සංස්ථාව අපොහොසත්ව තිබූ බවද එහි සඳහන් වේ.
එසේම රුපියල් හත් කෝටි අසූ හතර ලක්ෂයකට වැඩි මුදලක ණය ගැතියන් 153 දෙනකුට එරෙහිව සංස්ථාව නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව විගණන අංශ පෙන්වා දෙයි.
ඉතාලිය සහ යුරෝපයේ මැදිරියක රූපවාහිනී නාලිකාවක් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යෑමට රූපවාහිනී සංස්ථාව රුපියල් තිස් හතර ලක්ෂයකට වැඩි මුදලක් පෞද්ගලික සමාගමකට මුදල් අමාත්‍යාංශ එකඟතාවයෙන් තොරව ගෙවා තිබුණද 2015 වර්ෂයෙන් පසු එම කාර්යය සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබූ බව පවසන විගණන කාර්යාලය එම අත්තිකාරම අයකරගැනීමට 2020 වර්ෂය අවසානය දක්වා කටයුතු කර නොතිබූ බවද සඳහන් කරයි.
මේ අතර රූපවාහිනි සංස්ථාවේ ස්ථිර තනතුරු පුරප්පාඩු එකසිය අසූ දෙකක් හා වැඩ බලන තනතුරු 28 ක් 2020 වර්ෂය අවසානය දක්වා පැවතුණු බව විගණන වාර්තාවේ දැක්වේ.
තවද සංස්ථාවේ සභාපතිවරයාට ගෙවිය යුතු දීමනාවට අමතරව පන් ලක්ෂ හතළිස් අට දහසක විශේෂ දීමනා හා වෙනත් දීමනා 2020 වර්ෂයේදී ගෙවා තිබූ බව පවසන විගණන කාර්යාලය ප්‍රවාහන සහ ඉන්ධන දීමනාවට හිමිකම් නොමැති නිලධාරීන් අනු නව දෙනකුට රුපියල් කෝටියකට ආසන්න මුදලක් දීමනා වශයෙන් ගෙවා තිබූ බවද සඳහන් කරයි.
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රූපවාහිනී වැඩසටහන් අසූවක් පිනට කරලා
kamal Wednesday, 05 April 2023 04:32 PM
මේවාගේ පාඩු ලබන ආයතන පුද්ගලික අංශයට විකිණීම ජාති ද්‍රෝහී වැඩක්. මේවා ජාතියේ අභිමානය විදහා දක්වන ජාතියේ කැටපත්. මේවා අපි ඉනට නොඇඳ කුසට නොකා හරි රැකිය යුතුයි. එහෙම නේද සහෝදරයා, එහෙමනේද අපේ හාමදුරුවනේ?
ලුම්බිණි Wednesday, 05 April 2023 04:55 PM
මෙහෙම තමයි කට්ට්ටිය එකතුවෙලා හොරා කන්නේ.
අමර Wednesday, 05 April 2023 05:31 PM
චිචී රාජපක්සත් සින්දුවක් දාල ගෙදර අයව පුදුම කළා
ප්‍රේක්ෂකයෙක් Thursday, 06 April 2023 12:49 PM
ඕවා කරපු උන්ගෙන් ඕවා අයකරගන්නා. අපේ පිටට ඒවගේ ගානත් අල්ලලා බදු ගහන්නේ නැතිව.
wije Thursday, 06 April 2023 02:05 PM
ලොක්කන්ට පක්කලිකම් කරලා දැන් අවජාතිකේ වෙන්නයි යන්නේ... මේවා කාටත් පාඩම් බොලව්...