IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රබර් පාලන පනත පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න)

රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද නීතිපති අනුමත කළ පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා 2024-02-26 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

එකී පනත් කෙටුම්පත2024-05-22 වන දින රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබ තිබේ. එහෙත්, 2024-09-24 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත. 

එබැවින්, 1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්‍පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

 



අදහස් (2)

රබර් පාලන පනත පාර්ලිමේන්තුවට

කෙබර කුමාර Tuesday, 29 April 2025 05:44 PM

රබර් පාලන පනත, 1960 අගභාගයේ තඹුත්තේගම පැත්තේ හරියට ක්‍රියාත්මක වුනානම්, මේ කිසි ප්‍රශ්නයක් නැහැ !

:       2       4

Ajith Ananda Wednesday, 30 April 2025 04:55 AM

මේවනවිට සබරගමුවේ සමහර ප්‍රදේශවල කුරුදු කර්මාන්තශාලා ඇතිකර තියෙනවා ඒවාට කුරුදු ගස්පිටින් කිලෝ ගණනට මිලට ගන්නවා මෙනිසා අස්වැසුම හෝ සමුර්ධි ග්න්නා නිකම්මු අනුන්ගෙ වතුවල වවා තියෙන කුරුදු හොරෙන් කපා විකුණගෙන කනවා එනිසා වගාකරුවන්ට වගාව එපාවෙලා තියෙන්නෙ එනිසා කුරුදු මිලට ගැනීමේදී සැකසූ කුරුදු පමණක් නොවෙයි කුරුදු ගස් ගැනිමේදී වගාකරුවන්ගේ වගා ආරක්ෂාවට ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් අගෙයි එයට කුරුදු වගා ලියාපදිංචිය හරහා ප්‍රතිකර්ම යොදන්න පුලුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site