(සමන් පාලිත නානායක්කාර)
දිගින් දිගටම සවස් කාලයේ පවතින අධික වැසි සමග නාය යාමේ අවදානමක් ඇති රාමක්‍රිෂ්ණ වත්තේ පවුල් 22ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කළ බව කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය කේ.ඒ.ජේ ප්‍රියංගනී මහත්මිය පැවැසුවාය.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයකට අනුව අද 31 සවස මෙම පියවර ගෙන ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මෙම ස්ථානය කළ භූමි පරීක්ෂාවකදී භූමියේ විශාල පැලුම් කිහිපයක් නිරීෂණය කිරීමෙන් පසු අධික වැසි අවස්ථාවකදී ඒ ආශිතව අධි අවදානම් කලාපවල පිහිටි නිවාස වල පුද්ගලයන් පදිංචිව සිටීම නුසුදුසු බවට ලබාදුන් නිර්දේශ අනුව මෙම පියවර ගත් බව ප්‍රාදේශී ලේකම් ප්‍රියංගනී මහත්මිය කීවාය.
මේ අතර බෙරගල කොස්ලන්ද මාර්ගයේ පහළ විහාරගල ගල්කන්ද ප්‍රදේශයෙන් අද 31 සවස ඉහළ කන්දේ සිට දැවැන්ත ගල්පර්වතයක් සමග පස් කන්දක් මාර්ගයට පෙරළී ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි පොලිසිය කියයි.
විශාල ගල් පර්වතයක් වීම හේතුවෙන් කඩා ඉවත් කිරීම හෝ පෙරළා දැමීම අසීරු වී ඇති බව ද පොලිසිය කියයි.
කෙසේ වෙතත් මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය එම මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රාමක්‍රිෂ්ණ වත්තේ පවුල් 22ක් ඉවත කරයි