(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)
භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් රියදුරන් නොමැතිව කිලෝ මීටර 70 ක් පමණ ගමන් කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා විය.එම දුම්රිය රියදුරන් නොමැතිව පැයට කිලෝ මීටර 100 ක වේගයකින් දුම්රිය ස්ථාන පහක් පසුකර තිබිණ.
එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස මේ වනවිටත් ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජම්මු හා කාශ්මීර් පළාතේ කතුවා නගරයේ සිට පන්ජාබ් ප්‍රාන්තයේ හෝෂියාපූර් දිස්ත්‍රික්කය තෙක් එම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය රියදුරන් නොමැතිව ධාවනය වී ඇත.
ගල් කැබලි ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන මැදිරි 53 කින් යුත් දුම්රිය පන්ජාබ් සිට ජම්මු දක්වා ධාවනය වී ඇති බවත් සේවා මුරය මාරුවීම සඳහා කතුවා නගරයේදී දුම්රිය නවතා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.සේවා මුරය මාරු වීම සඳහා රියදුරන් දුම්රියෙන් බැස්ස අවස්ථාවේදී ස්වයංක්‍රීයව දුම්රිය ගමන් කිරීම ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
කිසිවෙකුටත් හානියක් නොවී දුම්රිය නතර කර ගැනීමට ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව සමත්වී ඇතත් ඒ වනවිටත් පැයට කිලෝ මීටර 100 ක වේගයෙන් දුම්රිය ස්ථාන 5 ක් පසුකර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.රියදුරන් නොමැතිව දුම්රියක් ධාවනය වන බව දැනගත් වහාම දුම්රිය මාර්ගය වසා මාර්ගයට ලී කොටන් දමා එම දුම්රිය නතර කර ගැනීමට බලධාරීන් සමත් වූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රියදුරෙක් නැතිව දුම්රියක් කිලෝ මීටර 70ක් ගිහින්
පිටරටවැසියා Monday, 26 February 2024 06:09 PM
ඉන්දියාවේ එහෙම වුණත්, ලංකාවේ එහෙම වෙන්නේ නෑ... මොකද, ඊට කලියෙන් 70 පාරක්වත් පීලි පනිනවා.