IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරින් අයෙක් මරුට

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර, පාදෙණිය ඒ 28 මාර්ගයේ පොතානේගම හන්දිය ආසන්නයේදි බන්ධනාගාර නියාමකවරයෙකු විසින් පදවන ලද යතුරු පැදියක ගැටිමෙන් 65 හැවිරිදි පා පැදිකරුවෙකු  අද (27) දින මිය ගිය බව අනුරාධපුර පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ අනුලාමාවත,පංඩුලගම,අනුරාධපුර යන ලිපිනයේ පදිංචි ආර්.සිරිල්(65) නැමති ගොවියෙකි.

මියගිය අය තලාවේ සිට අනුරාධපුය දෙසට සිය පා පැදියෙන් එමින් සිටියදි පොතානේගම හන්දිය ආසන්නයේදි බන්ධනාගාර නියාමකවරයා පැමිණි යතුරු පැදිය හා ගැටි ඇතැයි පොලිසිය කියයි.

මෙම අනතුරින් 65 හැවිරිදි ගොවියා සහ 29 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව 65 හැවිරිදි ගොවියා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

බමුණුවත්ත,දොරවක,වාරියපොල පදිංචි 29 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයා තවදුරටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. මෙම බන්ධනාගාර නියාමකවරයාට විරැද්ධව ඉදිරියේදි නිතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා  බවද මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන අනුරාධපුර පොලිසිය පැවසිය.

 

 



අදහස් (0)

රිය අනතුරින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙන් ගෙට බෙදීම ඇරඹේ
2025 අප්‍රේල් මස 17 16 0

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම අද(17) සිට ආරම්භ කෙරිණ.


දළදා වන්දනා සමයේ මහනුවරට එන වාහන නවතන්න රථ ගාල් 10ක්
2025 අප්‍රේල් මස 17 36 0

සිරි දළදා වන්දනාවට පිට පළාත්වල සිට මහනුවර නගරයට පැමිණෙන රථ වාහන නැවැත්වීම සඳහා ස්ථාන 10කට අධික ප්‍රමාණයක් වෙන් කර ඇතැයි මහනුවර පොලිස් මූලස්ථානය කියයි.


අපි ආණ්ඩුවේ සල්ලි බලාගෙන වැඩ කරන්නෙ නෑ
2025 අප්‍රේල් මස 17 144 0

පළාත් පාලන ඡන්දයේදී සමග ජන බලවේගය ජයග්‍රහණය කරන සභාවලට ආණ්ඩුවේ ප්‍රතිපාදන මත යැපෙන්නට අවශ්‍ය නැති බවත් එම සභාවලට සේවය කිරීමේ වගකීම තම පක්ෂය භාරගන්නා


’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
2025 අප්‍රේල් මස 17 548 0

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැන


දළදා වඳින්න ඊයේ සිට දිගු පෝලිම්
2025 අප්‍රේල් මස 17 810 0

හෙට සවස 3.00ට ආරම්භ වීමට නියමිත දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් ඊයේ (16) සවස් වරුවේ සිට පොලිම්වල රැඳී සිටින අයුරු ලංකාදීප කැමරාවේ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 175 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1040 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site