(ප්‍රදීප් කුමාර කුලරත්න)
වෙසක් සිරි නරඹා නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් ත්‍රී රථයක් අද (07) හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේදී පෙරළී යාමෙන් එහි ගමන් ගත් ගැබිනි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කහතුඩුව පොලිසිය පවසයි .
මෙසේ රෝහල් ගත කර ඇත්තේ කිරිවත්තුඩුව තලගල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ අඹු සැමි යුවලක් හා එම කාන්තාවගේ මව , සොහොයුරියන් දෙදෙනෙකු බව පොලිසිය කියයි .
මොවුන් ඊයේ ( 06 ) සවස නිවසේ ත්‍රිරෝද රථයෙන් බෞද්ධාලෝක මාවත ඇතුළු කොළඹ අවට වෙසක් සිරි නැරඹීම සඳහා නිවසින් ගොස් ඇති අතර පසුව එය අවසන් වී නිවසට එමින් සිටියදී අලුයම 2.30 පමණ කිරිවත්තුඩුව අඹගස් හන්දිය ආසන්නයේ පිහිටි පල්ලමේ දී රියදුරුට නින්ද යාමෙන් මාර්ගයෙන් ඉවතට පැන විරුද්ධ මංතීරුව අසල ඉදිකර තිබූ විදුලි කණුවක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් එහි ගමන් ගත් ගැබිනි කාන්තාව සිහිසුන් ව සිට ඇති අතර පසුව එම මාර්ගයෙන් කොළඹ දෙසට ගමන් කරමින් තිබු වෑන් රථයක රියදුරු අනතුර දැක පසුව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලැබූවන් අතර ගැබිනි කාන්තාව ඇතුළු දෙනකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
අනතුරෙන් ත්‍රිරෝද රථයට ද හානි සිදුව තිබේ.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රිය අනතුරින් ගැබිනි මව ඇතුළු 4ක් රෝහලේ