(ඉන්දිකා රාමනායක)
2023 වසරේ මේ දක්වා දිවයිනපුරා සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 564 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
ජනවාරි මස 01 දින සිට අප්‍රේල් 09 දක්වා කාලය තුළ සිදු වු මාරක රිය අනතුරු 534 න් මෙම පිරිස මියගොස් ඇති බවද හෙතෙම පැවසීය.
මෙම අනතුරු වලින් ඉහත පිරිස මියයාමට අමතරව 1345 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවත්, තවත් 2446 දෙනකු සුළු තුවාල ලබා ඇති බවත් පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ගත වු දින 5 ක කාලය තුළ පමණක් සිදු වු මාරක රිය අනතුරු 21 න් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් සිටි බවද හෙතෙම කීය.
රිය අනතුරු වලින් සිදු වු මරණ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශයේ දී රිය අනතුරු වලින් දිනකට පුද්ගලයන් 10-5 අතර පිරිසක් මිය යන බවද හෙතෙම කියා සිටියේය.
මෙය ඉතාමත් අවසනාවන්ත තත්ත්වයක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
බොහොයමක් අනතුරු වලින් සියයට 90 සිදුව ඇත්තේ රියදුරාගේ සහ පදිකයාගේ නොසැලකිල්ලෙන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකතවරයා කීය.
නොසැකිලිමත්කම, බීමත් කම,අධික වේගය, මාර්ග නීති උල්ලංඝනය කිරීම හා පදිකයන් නොසැලකිලිමත් කමින් පාර හරහා ගමන් කිරීම හේතුවෙන් මෙම බොහොමයක් අනතුරු සිදුව ඇති බවද හෙතෙම කීය.
බීමත්ව වාහන පැදවීම් , වේගයෙන් රථ පැදවීම, සිදු නොකළ යුතු බවත්,, වාහන පැදවීමේ රථවාහන නීති ආරක්ෂා කරමින් මාර්ගයේ ගමන් ගන්නා වාහන හා පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානයෙන් යුතුව කරන ලෙසට සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී තරුණයෙක් මියයෑමේ සිද්ධිය හේතුවෙන් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත්කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහ
ඉඩම් ආරවුලකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතියකු ඇතුළු පිරිසක් අම්පාර උහන 24 උදාගිරිගම ගම්මානයේදි පුද්ගලයන් පිරිසක් පහරදිම නිසා කාන්තාවක සහ තවත් පුද්ගල
ඇමෙරිකන් ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාර්ශ්වීය රටවලට පමණක් නොව, ප්‍රතිවාදී රටවලට ද තීරු බදු පැනවීමක් කළේ පසුගිය අප්‍රේල් දෙවැනිදාය. තීරු බදු පැන
රාම දෙවියන්ගේ ජන්ම දිනය ලෙස සැලකෙන රාම නවමි දිනය අදට යෙදී ඇති අතර, ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් යළි ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තමිල
රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද(06) කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ක
රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
රිය අනතුරුවලින් මාස හතරට 564ක් මිය ගිහින්