(ට්‍රික්සි කොන්ස්ටන්)
මාරවිල මුදුකටුව පදිංචිව සිටින සිය දියණියගේ නිවසට පැමිණ සිටි දෙදරු මවක අද දහවල් එකට පමණ මාරවිල මූදුකටුව මුහුදු වෙරළේ රැලි පාගමින් සිටියදී මුහුදු රැල්ලකට ගසාගෙන ගොස් මරණයට පත්වී ඇතැයි මාරවිල පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ බත්තරමුල්ල දුටුගැමුණු මාවතේ පදිංචිව සිටි පහලගෙදර ආරච්චිලාගේ චාමි කාංචනා (46) නැමැති දෙදරු මවකි.
ඇයගේ 15 හැවිරිදි පුතාද මුහුදට ගසා ගෙන ගොස් ඇති අතර දෙදෙනාම ප්‍රදේශවාසීන් ගොඩට ගෙන ඇතත් මව මියගොස් තිබුණි. පුතා බේරා ගත හැකි විය.
මෙම මව සහ පුතා 20දා කොළඹ, බත්තරමුල්ලේ සිට දියණිය හා බෑනා වෙසෙන මුදුකටුව රෝමන් පාක් හී නිවසට පැමිණ තිබේ. ඔවුන් 21දා දහවල් විනෝදයට රැලි පෑගීමට මුහුදු වෙරළට ගිය අවස්ථාවේ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත.
මේ දින වල මුදු රැල්ල ප්රචණ්ඩව පවතින බැවින් මුහුදු රැකියාවද අතහැර දමා ඇතැයි ධීවරයෝ පවසති.
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රැල්ල පා ගන්න ගිය දෙදරු මව මුහුදට බිලි
Elvis Sunday, 21 November 2021 06:59 PM
ලොකුම කිල්ල, නොසැලකිල්ලයි... කණගාටුයි...