IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රිලව් පන්නන්න උපකරණයක්

(දයාරත්න ඇඹෝගම)

ඩුබායි රටේ විදුලි ඉංජිනේරැවරයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයකු  රිලවුන් ගෙන් හා වදුරන් සිදුවන හානිය වලක්වා ගැනිම සදහා නව උපකරණයක් නිෂ්පාදනය කොට තිබේ.

මෙම නව උපකරණය ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්තද සිල්වා මහතා  නිශ්පාදනය කර ඇති අතර මෙම උපකරණය පිළිබඳව ලුණුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනය මේ වනවිට එහි සාර්ථකත්වය පිළිබඳව පරිකෂා කිරිමේ කටයුතු නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරයි .

රිලවුන්ගෙන් හා වදුරන්ගෙන් සිදු වන හානිය වළක්වා ගැනිම සදහා නිශ්පාදිත නව උපකරණය පිළිබඳව අදහස් දැක්වු ඉංජිනේරු මනතුංග  මහතා ඒ පිළිබදව අදහස් දක්වමින් මෙසේ පැවසිය.

‘රිලවුන් වඳුරන් පලවාහරින උපකරණය නිශ්පාදනය කළේ ලුණු විල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ ඉල්ලීම මතයි. මම මීට පෙර වන අලි පලව හරින උපකරණයක් නිශ්පාදනය කළා.එය දැකලා වෙන්න ඇති රිලවුන් වඳුරන් පලවාහරින උපකරණයක් නිශ්පාදනය කරන්න ඉල්ලීමක් කරන්න ඇති .ලංකාවේ පොල් වගාවෙන් 30% වැඩි ප්‍රමාණයක් රිලවුන් වඳුරන් විසින් විනාශ කරනවා .ඒනිසා ඔවුන් පලවාහරින උපකරණයක් නිශ්පාදනය කරන්න කියා ඉල්ලීමක් කළා.ඒ අනුව මා විසින් ඒ සදහා පර්යේෂණ සිදු කර උපකරණයක් නිශ්පාදනය කරනු ලැබුවා.’



අදහස් (14)

රිලව් පන්නන්න උපකරණයක්

dubai Friday, 28 April 2023 08:17 AM

එලවන්නේ කොහෙටද එහෙන් මෙහෙන් එහෙට කොහාට ගියත් එකයි

:       0       15

කසුන් Friday, 28 April 2023 08:36 AM

ඉංජිනේරු මහතාගේ වෑයමට තුති. මේ කියන්න යන දේ එතුමාගේ වරදක් නෙවෙයි. අපේ රටේ හැබැයි කිසිම ප්‍රශ්නයකට සැබෑ විසඳුම් දෙන්න උත්සහයක් නැහැ. පැලැස්තර ඇලවීම තමයි කෙරෙන්නේ. රිලවුන් එලවා දැමීම ඒ වගේ තාවකාලික පැලැස්තරයක්. උන් අදාළ තැනින් යනවා වෙනත් තැනකට. ගිහින් එතැන විනාශ කරනවා. වල් අලි ප්‍රශ්නයත් එහෙමයි. රිලා මොනර ආදීන්ගේ ගහණය පාලනය කිරීම කල යුතුමයි. දඩයම් කිරීම, වඳ කිරීම, රට පැටවීම හෝ වෙනත් ක්‍රමයකින්. තමන්ගේ වගාවෙන්, ප්‍රදේශයෙන් උන් එලෙව්වා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැති බවත්, එවැනි පැලැස්තරවලට යන වියදම සහ ශ්‍රමය නාස්තියක් පමණත් බවත් ඉහලම නිලධාරියා‌ගේ සිට පහලටම වටහා ගැනීමයි කල යුත්තේ.

:       3       30

nimalFriday, 28 April 2023 05:11 PM

ඊට කලින් බුද්ධාගම අදහන, රිලව් මරන්න කියලා කෑගහන මෝඩ ගොවීන්ට වැඩක් දෙන්න ඕනෑ. ඒ ගොල්ලෝ දෙකෙන් එකක් තෝරාගත යුතුයි. එක්කෝ බුද්ධාගම නැත්නම් රිලව්...

:       1       4

CK.Lankaputhra Friday, 28 April 2023 08:51 AM

මේ රටේ ජීවත්වෙන අහිංසක මිනිසුන් හූරා කන කාලකන්නි දේශපාලු හැතිකරය පලවා හරින මැසිමක් අපට හදලා දෙන්නකො මහත්තයෝ. ඔබ තුමාට බුදුබව අත්වෙයි මහත්තයෝ.

:       6       50

Samitha S. Aluthgamage Friday, 28 April 2023 09:01 AM

මේ රටේ ගොවි ජනතාවට මේ උපකරණය ලබාදීමට වහාම අදාළ ඇමතිවරයා කටයුතු කිරීම වැදගත්. චීනාට රිලව් ටික ගෙනියන්න ඉඩදීම නිසා අතට යටින් ලැබෙනවා යැයි පැවසෙන සල්ලි කුට්ටිය ගැන විතරක් හිතන්න එපා.මේ රට බංකොලොත් කළ පාර්ලිමේන්තු රිලව් ටික තමයි ඉස්සෙල්ලාම චීනට ගෙනියන්න දෙන්න ඕනේ.

:       3       17

Priyantha Friday, 28 April 2023 10:37 AM

අපි ඒක කතා කරන්න ඕන

:       1       4

ප්‍රියන්ත පෙරේරා Friday, 28 April 2023 11:33 AM

මෙම උපකරණය මිලදි ගැනිමේ හැකියාවක් ඉදිරියේදී තියෙනවාද? මිල කීයද? ලබාගන්න පුළුවන් කොහෙන්ද?

:       2       5

RanmuthugalaSaturday, 29 April 2023 07:25 AM

මේකේ විස්තර මොකුත් දන්නේ නැතිව මිලදී ගන්න අහනවා. මේකේ ක්‍රියාකාරිත්වය ගැන ඔබතුමා දන්නවාද?.

:       0       1

දුනුසිංහ Friday, 28 April 2023 01:08 PM

ඕකේ සද්දෙට කොහොමද මිනිස්සු ඉන්නේ.. වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. කන්වලට ඇබ ගහගෙන තමයි අපිට ඉන්න වෙන්නේ. ඉතිං ඕකේ සද්දෙට රිලව් ගියාම කොහොමද අපි දැනගන්නේ... අනික රිලව් ගියාම ඕකේ සද්දේ ස්වයංක්‍රීයව නවතිනවාද?

:       4       5

මහින්ද අමරවීර Friday, 28 April 2023 05:17 PM

මේ... ඔය හුචක්කුව වහාම ආපහු ඉල්ලා ගන්න. මම මේ කාලයක් මහන්සිවෙලා රටේ රිලව් ටික චීනාගේ මස් කඩේට යවන්න සෙට්කරලා ගාණක් හොයාගන්න බැලුවා. දැන් ඔය හුචක්කුව ගෙනැල්ලා රිලව් එලවන්න හදනවා. රිලව් ලක්ෂ 10ක් විතර චීනාගේ මස් කඩේට යැව්වාට පස්සේ ඕනෑ මගුලක්. හැබැයි දැන් බැහැ. වහාම ඕක අයින්කර ගන්නවා. මම නරක මිනිහයි කියන්න එපා. දන්නවා නේද මගේ වැඩ කිඩ...?

:       0       4

chutta Friday, 28 April 2023 05:19 PM

බයවෙන්න එපා... රිලව් ඕක උස්සගෙන ගිහින් කෑලි ගලවනවා.

:       0       1

R.M.L.C Friday, 28 April 2023 10:15 PM

අපි ඉන්නේ ලංකාවේ... අපිට රිලව් එපා..

:       0       0

කිරිබන්ඩ Friday, 28 April 2023 11:49 PM

ඕක බැටරි වලින්ද වැඩ කරන්නේ...? කොච්චර දුර ඉන්න රිලව් පන්නන්න පුලුවන්ද දන්නේ නෑ.

:       0       1

Bamunuarachchi Sunday, 30 April 2023 08:59 AM

රිලව් පන්නන්නේ කොහාටද? මේ ඉඩමෙන් මේ ගමෙන් පන්නුවොත් එහා ඉඩමට නැතිනම් එහා ගමට යාවි. කොහේ ගියත් ඔවුන් වගාවට හානිකරනවා. අපිට ආදායමකුත් ලබාගෙන රටින්ම පන්නන්න ක්‍රමයක් තමයි දැන් ලැබිලා තිබෙන්නේ. ලක්ෂයක් ගත්තොත් විසිපන්දාහක් නොමිලේ කියන ප්‍රොමෝෂන් දාලා අපේ රිලව් ලෝකෙට පන්නමු. සමහරවිට Dog food, Cat food ටින්වල දාපු රිලව් ලංකාවට ඒවි.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

සෞඛ්‍ය
2024 නොවැම්බර් මස 19 8 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 919 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2022 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 271 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 152 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 846 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26647 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1860 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site