IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රිලව් රට යවන්නේ කැබිනට් නිර්දේශය ලැබුනොත් පමණයි

(අංජුල මහික වීරරත්න)

චීනයට ලංකා රිලවුන් ලබා දියහැකි වන්නේ  ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත් කරන කමිටුව  නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

චීනයේ පුද්ගලික සත්වෝද්‍යාන දහසක් පමණ පවත්වාගෙන යන සමාගමක් විසින් ඔවුන්ගේ සත්වෝද්‍යාන සඳහා ලාංකික රිලවුන් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බවද එම ඉල්ලීම සම්බන්ධව මේ වනවිට විවිධ පාර්ශව  අදහස් පළ කර තිබෙන බවද අමාත්‍යවරයා  කීය. 

බොහෝ පරිසරවේදීන් හා පරිසර සංවිධාන වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධව වගකීමක් සහිතව කටයුතු කරන අතර  තවත් සමහරුන් වල්ගය පාගා ගෙන කතා කරන බවක් පෙනෙන්නට ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

ලංකාවෙි රිලව් ලබා දෙන ලෙස චීනයෙන් ඉල්ලිමක් ඉදිරිපත් වුනත් ඒ සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද මෙම කටයුතු පිළිබඳව පවතින නීත්‍යානුකූල භාවය ගැනත් අපි සලකා බැලිය යුතු අතර ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුව , සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම  දෙපාර්තමේන්තුව ඇතුළු අංශවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන බව අමාත්‍යවරයා පැවසීය.



අදහස් (9)

රිලව් රට යවන්නේ කැබිනට් නිර්දේශය ලැබුනොත් පමණයි

පිටිගල මිලානෝ Monday, 17 April 2023 01:46 PM

නිර්දේශ ලියුමට මයිනාවත් ඇතුල් කරන්න. ලැබුණු අවස්ථාවන් පැහැර හැරපු ජාතියක් වන අපි මේ අවස්ථාවේවත් චීන අවන්හලකට පටවමු.

:       10       9

ගමේ එකාලා Monday, 17 April 2023 02:18 PM

තවත් මොකටද රිලා කමිටු පත් කරන්නේ? තමුන්ගේ වාසියට, පැවැත්මට එහෙට මෙහෙට පනින රිලව් ඉන්නේ ඕනතරම්?

:       1       11

කසුන් Monday, 17 April 2023 03:00 PM

තමන්ගෙ කෙනෙකුට හරියනවාට එයාලා අකැමැති වෙන එකක් නෑ. රට පැනගන්න ලැබෙන එක මොනතරම් චාන්ස් එකක්ද?

:       3       9

fairoos Monday, 17 April 2023 04:03 PM

චීනට මොනදේ එව්වත් සුනේ සුන් තමයි.

:       3       2

Mahasona Monday, 17 April 2023 05:30 PM

කැබිනෙට්ටුවේ ඉන්නෙත් රිළව්. උන්ගෙන් අහන්න ඕනෑ නැහැ. උන් රට යන්න කොහොමත් කැමැතියි.

:       0       6

Don Monday, 17 April 2023 06:32 PM

වඳුරුමස් සාම්ප්‍රදායිකව චීන ආහාරවල "ප්‍රණීත (ප්‍රණීත ආහාරයක්)" ලෙස සලකනු ලබන අතර, ඖෂධීය ගුණ ඇති බව ද විශ්වාස කෙරේ.

:       2       3

Rata Perata Monday, 17 April 2023 08:49 PM

ලස්සන වචන සහ අපේ බදුමුදල් මේ කමිටුවලට වියදම්කරන එක විතරයි වෙන්නේ. චීනෙ ඉල්ලුවා නම් මොවුන් අම්මා වුණත් දෙනවා. අපි බලමුකෝ ඔය අනු කමිටුව මොකද කියන්නේ කියලා... ඔට්ටුවක් අල්ලන්න ඕනෑ නම් කියන්න.

:       0       0

Thushara Monday, 17 April 2023 09:50 PM

රිලව් මොකද කියන්නේ? උන් කැමති ද?

:       0       0

R. Wanduragala Tuesday, 18 April 2023 08:20 AM

කරුණාකරලා කැබිනට් ඇමැතිවරු ටිකක් අපනයනය කරලා ඒ අයගේ පුරප්පාඩුවලට වඳුරන් ටිකක් පත් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site