(අංජුල මහික වීරරත්න)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පක්ෂ වල කිසිදු අනුමැතියකින් තොරව අත්නෝමතික ආකාරයකට බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී ඇත.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පෙරමුණේ සියලු පක්ෂ හෙට (19) පෙරවරුවේ කොළඹ දී රැස්වී තීරණයක් ගැනීමට නියමිතව සිටි බව කියා ඇති හිටපු ජනාධිපතිවරයා එම තීරණය ගැනීමට පෙර පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව ක්‍රියා කර තිබෙන බව සඳහන් කළේය.
රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් වන අතර සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සියලු පක්ෂවල නියෝජිතයන් රැස්වී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමට නියමිතව තිබියදී මෙලෙස අත්තනෝමතිකව කටයුතු කිරීම අනුමත කළ නොහැකි යැයි ද හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මොහොමඩ් නිසාම් කාරියප්පර් මහතා අද දිවුරුම් දුන්නේය.
පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කෙරිණි.
මහරගම සහ මිරිහාන ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් දෙකකින් අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ පනහක් වටිනා ජංගම දුරකථන හා ලැප්ටොප් යන්ත්‍ර සොරාගත් පුද්ගලයෙකු අත්අඩ
යතුරු පැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පියා මරණයට පත්වී දියණිය රෝහල් ගත කර ඇතැයි තොඩුවාව පොලිසිය කියයි.
ඉන්දියාවේ තෙදින නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
හෝමාගම පනාගොඩ පැලෑදගොඩ ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියන නිවසකට අද (18) අලුයම වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි මීගොඩ පොලිසි
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්රීඝ්ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
Chinthaka Monday, 18 November 2024 02:31 PM
අත්තනෝමතික වැඩක් නොවෙයි, තවමත් පක්ෂයට ලැදි සුළු පිරිසට කරන ගෞරවයක් හැටියට කියලා කියන්න පුළුවන්...!
samMonday, 18 November 2024 09:48 PM
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව රවී කරුණානායක ඔහුගේ නම මැතිවරණ කොමිසමට යවා තිබේ නම් ඔහු විසින් තනතුරු සහ බලයට තණ්හාව නිසාවෙන්ම සාමූහික (පක්ෂ සමුහයේ එකඟත්ව) එකඟත්ව, විශ්වාසය බිඳ තිබිම හේතුවෙන් නිදහසට කරුණු නොව ඔහුව එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කර පක්ෂයේ සමාජිකත්වයෙන් ඉවත් කළයුතුවේ. එම නිසා ජාතික ලැයිස්තුවෙන් දක්ෂයින් නොමැති නම් National list හි සිටිනා දෙදෙනෙකු ඉවත් කර අලුත් මුහුණු "දෙදෙනෙකු" පාර්ලිමේන්තුවට පත් පත්කළ යුතුවේ. දැනට National list හි සිටිනා පිරිසද පක්ෂය කදිමට හෝ දායකත්වය ලබාදී ඇත. මේ වනවිට පාර්ලිමේන්තුවට මාලිමාවෙන් අලුත් පිරිසක් පත්ව ඇත. නැවත එක්සත් ජාතික පක්ෂයට චෝදනා ලද පුද්ගලයින් National list මගින් පාර්ලිමේන්තුවට පත් කළහොත් මාලිමාවෙන් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළදී දැඩි විවෙච්නයට ලක්කරනු ඇත. එම විවේචනය සමස්ත unp පාක්ෂිකයින්ට දැඩි බලපෑමක් වනු ඇත.
JanahithaTuesday, 19 November 2024 10:33 AM
මොකක්ද ඔය පක්ෂය...? අපි දන්නේ නැහැ. නමුත් බැංකු කොල්ලය, එයාර් ලංකා වන්දි මුදල් සාහසික ලෙස හවුල් වුණු බව මේ රටේ හැමෝම දන්නවා.
MMSB Monday, 18 November 2024 02:37 PM
ඔය තවත් කොස් ඇට බැවීමක් බළල්ලු ලව්වා...
රම්බොඩ Monday, 18 November 2024 02:42 PM
පිනට දෙන එකටත් පොරේ. තක්කඩි දේශපාලනයේ හැටි තමයි. මෙහෙම කිව්වේ මාලිමාව සුදෝ සුදු කියලා හිතාගෙන නෙවෙයි. ඒකට තව කල් තියෙනවා...!
චින්තක Monday, 18 November 2024 02:56 PM
කොහොමත් ඉතින් මෙයාගේ හිතේ ඉන්නේ සාගල ආර්යවනේ...!
වික්‍රම විදුර Monday, 18 November 2024 02:58 PM
වරායේ ගුදමට කෙලියාට මහබැකුවට කෙලියාට හිරේ යන්න කලින් පොඩි සැපක් ගන්න ආසවෙලා... වගේ නරුම ලේ පිපාසිත කාලකන්නි, මිනීමරු, හැතිකරය...!
බකල ජයා Monday, 18 November 2024 03:07 PM
අපාර්ට්මන්ට් එකක් වගේ සාක්කුවේ දාගෙන යන පොඩි දේවල් ඔය ලැයිස්තු නමට අමතක වෙන ලෙඩක් තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවට ගිහින් ලෙඩේ වැඩිවෙන්න පුළුවන්. ඒක හින්දා යවන්න නම් එපා...!
මැක්ස් Monday, 18 November 2024 03:08 PM
කංචන, රමේෂ් පතිරණ හෝ සාගල වඩාත් සුදුසුයි. ඔවුන් ඡන්දය ඉල්ලා පරාද වූ බව හැබැයි, නමුත් මාලිමා සවලට හසු වූ පමණින් ඔවුන් අදක්ෂයින් වන්නේ නැහැ...!
හසක Monday, 18 November 2024 03:14 PM
ඉතාම ආත්මාර්ථකාමී වැඩක්. රටේ මිනිස්සු වෙනුවෙන් පරාර්ථකාමීව කැපවෙලා වැඩකරයි ලොකුවට නේද?
PATTA hora Monday, 18 November 2024 03:14 PM
මේ වගේ වසල, විලි ලැජ්ජාව නැති, බල ලෝභී නාකි හිවලෙක් මේ සක්වලේම නැතිව ඇති. අර ගල් සාගලයා පත් කරන්න මොන තරම් දහම් ගැට දානවාද?
ananda Monday, 18 November 2024 03:28 PM
රවීට බැරි නම් ඕන කෙනෙකුට දෙන්න. අපිට මොකද...?
ama Monday, 18 November 2024 04:03 PM
මේ කණු අතුගාල දාන්න දෙන්නෙම නෑනේ සමහර මිනිස්සු
උකුස්සා Monday, 18 November 2024 04:13 PM
කොහොමද සූත්තරපුන්චාගේ හීන් නූල...?
Srinath priyantha karunarathna Monday, 18 November 2024 04:23 PM
ඔය හදන්නේ රනිල් ඇතුළට පනින්න, අපි දන්නවා ගොනා හැරෙන්නේ පාර්ලිමේන්තුවේ මැරෙනකම්ම ඉන්න.
fairoos Monday, 18 November 2024 04:23 PM
එහෙනම් ඉතින් මේ සැරේත්එයි වගේ තමයි.
Kazi Shajahan Monday, 18 November 2024 04:46 PM
රනිල් මාර කපටියි. බොරු කියන්නේ.. එයාගේ කැමැත්ත ඇතිව තමයි පාර්ලිමේන්තු යන්නේ...
අන්දරේ Monday, 18 November 2024 05:58 PM
සීයට තියං හිටපු චාන්ස් එක රවිය, මහ ලේකම් එක්ක එකතුවෙලා පොකට් ගහලා... බැලින්නම් වැල් පාලමෙන් එගොඩවෙලා තියෙන්නේ රවී...
Hasith Monday, 18 November 2024 07:49 PM
මෙයා ඇතුළින් රවීව දාලා, රටට පේන්න වෙන එකක් රඟපානවා.. අපි නොදන්න චෙස්...
sam Monday, 18 November 2024 09:49 PM
එමනිසා අලුත් මුහුණු පත්කිරීම තුළ මාලිමාවට හෝ කිසිඳු විවේචනයක් එල්ල කළ නොහැක සහ unp පාක්ෂිකයින්ට පක්ෂය පිළිබඳ නැවත බලාපොරොත්තු ඇතිවේ. පක්ෂය තුළ සිට පක්ෂය ආරක්ෂා කරන බව පෙන්වමින් පක්ෂය විනාශ කිරීම සහ සජිත් මෙන් පක්ෂය විවේචනය කරමින් හානි කිරීම නිසා පක්ෂය විනාශ විය...
Chathuri Monday, 18 November 2024 11:47 PM
මේ නාකින්. තවත් හැප්පෙනවා. ලැජ්ජවක් නැත්ද. ඕකත් මාලිමාවෙ වැඩි මනාප කෙනකුට දීලා අයින් වෙන්න. උබලට පුලුවන් හිඟා කන්න,ජාතින් කොටවන්න විතරයි. ඒක ඔප්පුවෙලා තියෙනවා දැන්. නාකියා 14 පස්සෙ වැඩ පටන් ගන්නවා කිව්වා නේද. දැන් තියෙන්නෙ හිරේට ගිහින් පොතක් ලියන එක විතරයි. ජනතාවට බදු පටවමින් නාකීයා ගොබ්බයන්ට සැප දුන්නා. නාකියා දන්නෙ ම නැතිව ඇති සැපවාහන සෙල්ලම. නාකියා. දැන් මාලිමාව අතින් මේ රට ගිලිහෙන්නේ නැහැ. ඕන. සෙල්ලමක් දාලා බලන්න. වව්ලෙක් වගේ ඉදියි අත්තක් උඩ
chandimaa Tuesday, 19 November 2024 03:14 AM
මිනිස්සුන්ට අමතක වෙනවට චොප්පෙ අයිය හන්දියෙ අඩිපුඩි පෙන්නනව වගේ මේගොල්ලොත් මිනිස්සුන්ගෙ අවදානෙ දිනාගන්න පොඩි වලියක් දාගන්නව වගේ ?
Wije Tuesday, 19 November 2024 09:12 AM
පලපුරුදු තක්කඩි
ranjith Tuesday, 19 November 2024 09:42 AM
ඉතින් ඊට පස්සේ මේ අර්බුදය විසදන්න රනිල් තනතුර බාරගත්තලු !!!!
sam Tuesday, 19 November 2024 10:18 AM
ජොලි සීයාගේ හොඳම ගෝලයා නේ .පළපුරුදු අය ඕනි කිව්වේ සීයා නේද .නියමයි හොඳට පළපුරුදු හොරෙක් යවලා