රවී කරුණානායකට සහ අර්ජුන් ඇලෝසියස් දෙදෙනාට එල්ල වී තිබූ අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අධිචෝදනා බාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
හිටපු මුදල් ඇමතිවරයා වන රවී කරුණානායක මහතා විසින් අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ආයතනයකින් නිදහස් කරන ලද මුදලින් කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණ.
අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් කළ බවට 2020 සැප්තැම්බර් මාසයේදී අල්ලස් කොමිසම විසින් රවී කරුණානයක සහ අර්ජුන් ඇලෝසියස් දෙදෙනාට අධිචෝදනා ගොනු කරන ලදි.
අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ සමාගමකට අයත් මොනාක් නිවාස සංකීර්ණයේ 5PH2 මහල් නිවාසයක පදිංචිව සිටි හිටපු ඇමතිවරයා මහජන සේවකයෙකු ලෙස අල්ලස් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම චෝදනා කර තිබිණ.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රවීට - අර්ජුන්ට අධිචෝදනා දී ඇප මත මුදාහරී
Siri Friday, 05 February 2021 07:07 AM
රවී සමග අර්ජුන් රඟන අලුත්ම නාටකය ‘‘අනේ සර්‘‘ දැන් තිරගත වීමට ඇත.
pradeepa Friday, 05 February 2021 07:54 AM
මුදල් තියෙන අයට විතරද ඇප ලැබෙන්නේ? එයාලා මෙච්චර වැරැදි කරලා... පේන්න තිබුණත් කවදාවත් රිමාන්ඩ් කරන්නේ නැහැ. දෙවියනි, ඔබ කොහිද?
Hafeel Friday, 05 February 2021 10:26 AM
පොල් ගෙඩියකටත් තරම් වටින්නේ නැහැ මේ වංචාව. බැරි වෙලාවක් හෝ පොල් ගෙඩියක් වංචා කළා නම් තත්වය බරපතලයි. අද මේ රටේ මහ බැංකුවටත් වඩා පොල් ගෙඩියක් වටිනවා.
Raveendra Friday, 05 February 2021 07:55 AM
අනේ අම්මපා "මේ අහිංසකයෝ" දෙන්නව කොහොම හරි ඇතුළට දාන්නමනේ මේ දඟලන්නේ... බලන්නකෝ මූණුවල හැටි... පව් අහිංසකයින් දෙන්නා.
Raveendra Friday, 05 February 2021 10:24 AM
රවී අයියා නැති පාළුව මහා බැංකුව පුරා දැනේ.. රවී අයියා නැති පාළුව සැම තැනම දැනේ... රවී අයියා නැති පක්ෂය හොම්බෙන් යනවා දැනේ... රවී අයියා නැති සතොසට සැමදා කෙළ වුණා අනේ...
Hafeel Friday, 05 February 2021 10:29 AM
මේක හරියට නිමාවූ තරගයක් වගේ. ගිහින් ක්ෂණික ඇපත් ලැබුණා.
BamunuarachchiSaturday, 06 February 2021 03:09 AM
දන්නා දෙයක් කතා කරන්න. ඔබලා හිතාගෙන ඉන්නේ චූදිතයෙක් වූ පලියට හැමදාම රිමාන්ඩ් එකේ ඉන්න ඕනේ කියලද? එහෙම නැහැ... නීතියේ තිබෙන ප්‍රතිපාදන අනුව මිනිස්සුන්ට ඇප ලැබෙනවා.
Hafeel Saturday, 06 February 2021 07:44 AM
ඔන්න කන්න ලැබුණොත් කබරගොයත් තලගොයා වෙනවා වගේ. මෙයාට දැන් මහ බැංකු හොරුන් ගැන තියන අනුකම්පාව...
NaushiSaturday, 06 February 2021 05:12 PM
බමුණු උන්නැහේගේ සර් නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා වගේ.
නුවන් Friday, 05 February 2021 11:21 PM
1997 ඇප පනත සංශෝධනය කරන්න ඕන මේ හොරු ඇතුලේ තියන්න. ඕකට කවුරුවත් අත උස්සන්නේ නෑ. මොකද ඉතින් 225ටම චෝදනා තියනවා. එහෙම වුණොත් ඔක්කොම වැඩි කාලයක් ඉන්නේ ඇතුලේ...