IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


’’රවී - ශානි’’ තනතුරුවලින් ඉවත් කරන්නෑ

(ආරියරත්න රණබාහු සහ අංජුල මහික වීරරත්න)

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුද කිසිදු හේතුවක් මත එම තනතුරුවලින් ඉවත් නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

උදය ගම්මන්පිල මහතා ඊයේ ඉදිරිපත් කළ කමිටු වාර්තාව පිළිනොගන්නා බව පැවසු අමාත්‍යවරයා එය හුදෙක් දේශපාලනය පදනම් කර අදාළ නිලධාරීන් ඉලක්ක කර පැවැත්වු පරික්ෂණ කමිටු වාර්තාවක්  යැයිද කීය.

රජයක් ලෙස සියලු වාර්තා වල කරුණු පූර්ණ විමර්ශනයකට ලක්කර අසාධාරණයට ලක් වූ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කවුරුන් හෝ නිලධාරියෙක් වගකීම් පැහැර හැර තිබේ නම් එහි හංගන්නට කිසිම කාරණයක් නැති බව කී විජිත හේරත් මහතා සාධාරණ පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

අනේ ගම්මන්පිල ඔබට වෙච්ච දේ යැයිද හේරත් මහතා  කිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදිය.



අදහස් (12)

’’රවී - ශානි’’ තනතුරුවලින් ඉවත් කරන්නෑ

ඇන්ඩ්රු සෙබඩවිල Tuesday, 22 October 2024 01:47 PM

නීතිය නැවීමේ අත්දැකීම් සපිරි මෙවන් නිලධාරින් ඉවත් කරන්නට අපට පිස්සුද නේද සහෝදර ඇමතිතුමා?

:       25       30

Nelu Tuesday, 22 October 2024 02:10 PM

කියන දේ පිළිගන්නේ නෑ වගේම මොන හේතුවක් නිසා හෝ ඉවත් කරන්නේ නෑ කියන්නේ බොහොම දරුණු කතා. හොයා බැලීමක් කරන්නේ නෑ කියලා කියන්නේ ඒකාධිපති පාලනයක් කියන එකයි. ඕකෙන් වෙන්නේ මේ දෙන්නෙක් නිසා මාලිමාව කිරි කලේට ගොම අරන් දාගැනීමක්.

:       24       30

AkilaTuesday, 22 October 2024 03:25 PM

අනේ නෙලූ , UNP කාරයෝ නාහෙන් ඇඬුවට මේ නිලදාරීන් දෙන්න කවුද කියලා මාලිමවට ඡන්දෙ දුන්නු අය දන්නවා. එක එක හොරුන්ට ඕනේ විදිහට දක්ෂ නිලදාරීන්ව අයින් කරගන්න දෙන්න බැහැ.

:       4       1

JayasekaraTuesday, 22 October 2024 04:00 PM

ඒකාධිපති පාලනේ තිබ්බේ. පුතානෝගේ තාත්තගේ කාලේ බව ඒ කාලේ හිටපු අය හොඳටම දන්නවා.

:       4       3

විපරමා Tuesday, 22 October 2024 02:50 PM

ෂානි,රවී කියන්නේ අවංක නීලදාරීන්. එනිසා පසුගිය කාලයේ නොයෙකුත් අසාධාරණකම්වලට පවා ලක් වුණා.

:       21       32

මංගල Tuesday, 22 October 2024 02:54 PM

මේ දෙන්නා තනතුරුවල තියාගෙන කොහොමද සාධාරණ පරීක්ෂණයක් කරන්නේ? ඔය පරීක්ෂණයෙන් සහාරානුත් පූස් පැටියෙක් කරයි.

:       24       25

Asela Tuesday, 22 October 2024 03:22 PM

රනිල්ගේ තක්කඩි කොමිසමෙන් හැදුවේ මේ අවංක නිලදාරීන් දෙන්නව අයින් කරගන්න. ඉතිහාසයේ මොකක් හරි තක්කඩි වැඩක් වුණා නම් රනිල් එතනට නායකත්වය දීලා තියෙනවා.

:       5       1

බණ්ඩා Tuesday, 22 October 2024 03:40 PM

ශානිගේ අවංකකම බලන්න පොඩ්ඩක් යූ ටියුබ් එකේ තියෙන රංජන් එක්ක කරන කෝල් එක පොඩ්ඩක් අහන්න. කොච්චර අවංකද කියනව නම් තනතුර වෙනුවෙන් වළං හෝදන්න වුණත් ලෑස්ති උත්තමයෙක්. අනිත් කෙනා පොඩ්ඩක් වැටෙන්න බීලා වාහනේ අමතක වෙලා පැදලා පොඩි අනතුරක් වෙලා අහු වුණ කෙනෙක්. කොහොමද මේක වෙන කෙනෙක් කලා නම් මෙයාලගේ කියවිල්ල අද එහෙනම්. තමන්ගේ මිනිස්සු ඉන්න නිසා ඒ වාර්තාව වැරදියි ලු.

:       1       10

සෙනෙවිරත්න Tuesday, 22 October 2024 03:57 PM

මෙතන සමහර අය අර ගම්මන්පල වගේ පුද්ගලයෙක් කියන කතා පිළිගන්නවා කියන්නෙ ඒ අයගෙ මොළාය තරම පේනවා. මේ අභිරහස සොයන්න බලවත් ලෙස උනන්දු වෙන්නෙ කතෝලික සභාව, ඒ අය නැත්නම් මේක අතීතයට ගිය තවත් අපරාධයක් වෙයි. ඒක නිසා කතෝලික සභාව මේ සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය බලන්න එතකොට සත්‍ය වැ⁣ටහේවි. ගම්මන්පිලගෙ රංගනයෙ විකාරය වැටහේවි.

:       5       2

dasun Tuesday, 22 October 2024 03:58 PM

ගම්මන්පිල කියන්නේ දැන් ත්‍රීවිල් පක්ෂයක නායකයා. කෝ අර පච යුද්ධය?

:       5       5

සෙනෙවිරත්න Tuesday, 22 October 2024 04:07 PM

ගම්මන්පිල හරිය කියල හිතන අයත් සමඟ කවර කතාද?

:       4       1

sampath Tuesday, 22 October 2024 04:25 PM

නියමයි විජිත. ගම්මන්පිල කියන්නෙත් රටටම ත්‍රස්තවාදීයෙක්.

:       4       0

ඔබේ අදහස් එවන්න

දියත

ආනවිළුන්දාව පරිසර පද්ධතිය
2024 ඔක්තෝබර් මස 22 40 0

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් ආනවිළුන්දාව පරිසර පද්ධතිය දරුණු ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතී.


සහල් පාලන මිලේ කිසිම වෙනසක් කරන්නේ නෑ
2024 ඔක්තෝබර් මස 22 547 0

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජොන්ස්ටන් හෙට සී.අයි.ඩියට
2024 ඔක්තෝබර් මස 22 431 0

හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ”ගරාජ් අංක තහඩුවක්” සහිත බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාල


ලංකා - පකිස්ථාන යාලුකම සමරන්න මුද්දර දෙකක්
2024 ඔක්තෝබර් මස 22 155 0

ශ්‍රී ලංකා - පාකිස්ථානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රජයේ දේපල පාවිච්චි කරන විට ඉස්සර නරක පුරුදු එපා
2024 ඔක්තෝබර් මස 22 2387 2

පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට (22) දැනුම් දුන්නේ


දුම්රිය පරණ යකඩ දේශීය කර්මාන්තවලට
2024 ඔක්තෝබර් මස 22 2240 3

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site