IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


රිෂාඩ්ට දුරකතනය දුන් ජේලර්ට මාරුවක්

(ඉන්දිකා රාමනායක)

රිමාන්ඩ් බන්ධනාගාරගතව මැගසින් බන්ධනාගාරයේ සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට ජංගම දුරකථනය ලබා දී ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ රාජකාරි කරන ජේලර්වරයකු බවට හෙළිවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

බුද්ධි අංශ මගින් මේ සම්බන්ධ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විනය පරීක්ෂණයට යටත්ව වහාම ක්‍රියාත්මකවන පරිදි අදාල ජේලර්වරයා මැගසින් බන්ධනාගාරයේ සිට වව්නියාව බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කිරීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන ඇති බවද චන්දන ඒකනායක මහතා කියා සිටියේය.

 



අදහස් (22)

රිෂාඩ්ට දුරකතනය දුන් ජේලර්ට මාරුවක්

Nihal Friday, 03 September 2021 04:41 PM

ඕකද දඬුවම.?

:       0       30

Raveendra Friday, 03 September 2021 05:47 PM

ඇත්තෙන්ම මේක නම් ඇග කිලිපොලා යන දඩුවමක් අපගේ බදුමුදල් වලින් සියලු දීමනා සහිතව වැටුප් ලබනව රජයේ සේවකයකු වන "කොමසාරිස් චන්දන ඒකනායක ගෙන්" මෙසේ ඍජුවම විමසන්නෙමු. කිසියම් රජයේ සේවකයකු නීතිවිරෝධී කටයුත්තක යෙදිසිටිමෙන් පසු ඔහු නිර්දෝෂී ලෙස ඔප්පු වෙනතෙක් වැඩ තහනමකට යටත් වන බවට ආයතන සංග්‍රහයේ නොමැතිද ? අප මෙයට කොමසාරිස් චන්දන ඒකනායක ගෙන්ම පිළිතුරු බලාපොරොත්තු වෙන බැවින් රජයේ සේවකයකු වන "කොමසාරිස් චන්දන ඒකනායක " මෙම අදහස් කියවීමට හැකි වේවා.........

:       2       48

BamunuarachchiSaturday, 04 September 2021 07:35 PM

නැහැ විමර්ශනය අවසන් වෙනතුරු දුන්න මාරුවක් නේද?

:       0       0

Raveendra Friday, 03 September 2021 04:59 PM

මෙවන් කාලකන්නින්ට දඬුවම් ලබාදෙන තෙක් තාවකාලිකව හෝ මාරුකර යැවීමත් අප දකින්නේ වැරද්දක් ලෙසටයි. නිසි පරීක්ෂණයක් කරන කම් වැඩ තහනම් කළ යුතු නොවේද...? වැරදිකරු නම් නියත වශයෙන්ම සේවයෙන් පහ කළ යුතුමයි. එවිට අනෙකුත් තක්කඩින්ටත් උණ ගැණෙනු ඇත...

:       0       38

RuhunuFriday, 03 September 2021 06:02 PM

Raveendra මහත්තයෝ. මෙයාලාට හරි දඬුවමක් දෙන්න බැරි... මේවායේ ඉන්න මහ කෙනාගේ ඉඳලා පොඩි එකා දක්වා හොරු නිසා...

:       1       20

සමිත සේනක අලුත්ගමගේ. Friday, 03 September 2021 05:19 PM

අපූරු නීතිය ... දුරකථනය දුන්න ජේලර්ව වහාම වැඩ තහනම් කොට නේද පරීක්ෂනය තියන්න ඕනෑ. ඒත් මොකද එසේ නොකොට මාරුවීමක් ලබා දුන්නේ. පේනවා නේද බන්ධනාගාර ඇතුලේ තියෙන සත්‍යය.

:       0       42

Prabha Friday, 03 September 2021 05:25 PM

හිරමනේ හඳට යැව්වත් කරන්නේ පොල් ගාන එක.

:       0       46

RaveendraFriday, 03 September 2021 05:38 PM

ඔබගේ අදහස් ඉතාමත්ම හාස්‍ය උපදවුවත් එහි අර්ථ නම් මරියාන අගාධයටත් වඩා ගැබුරු බව නම් නිසැකය....

:       1       36

ROCKY Friday, 03 September 2021 05:25 PM

මාරු කෙරුවේ කාගේ බල පෑමක් නිසාද.? මොහු කර ඇත්තේ බරපතල වරදක්.

:       1       21

wimal Friday, 03 September 2021 05:25 PM

වැඩියෙන්ම වැරදි කරන්නේ මෙයාලානේ, ඉතින් කොහොමද රටක් හදන්නේ.

:       0       26

Prase Friday, 03 September 2021 05:34 PM

නියම දඬුවම.

:       0       16

දාස Friday, 03 September 2021 06:27 PM

මේවා දඬුවම්ද? මේවා විහිලු, ඔය කරපු වැරුද්ද කොයිතරම් බරපතලයිද? ඔය යෝධයාගේ මාස 3ට වත් වැඩ නැවැත්විය යුතුයි.

:       0       16

sumuduFriday, 03 September 2021 07:06 PM

මාස 03ක් මොකද ආයතනයෙන් නෙරපිය යුතුයිනේ වහාම... වැරදිකරු නම්..!!!

:       0       13

Warnakulasuriya Shirantha Friday, 03 September 2021 06:45 PM

රිෂාඩ්වත් වව්නියාවට මාරු කළා නම්, සංහිඳියාවෙන් ඉන්න තිබුණා...

:       0       14

hemantha Friday, 03 September 2021 07:52 PM

මොකටද මාරු? සේවය අත්හිටුවන්න වහාම. ලංකාවේ නීති හුරතල් වෙඩි, ඒකයි කම්කරුවගේ ඉඳන් ප්‍රශ්න...

:       1       10

sarath perth Friday, 03 September 2021 08:27 PM

බන්ධනාගාරවලට අධීක්ෂණ මන්ත්‍රී කෙනෙක් නැතිද? එයා අතේ වුණත් දූරකථන යවන්න පුළුවන්...

:       0       7

Gamini Saturday, 04 September 2021 12:19 AM

සමහරවිට මේ ජේලර්වරයාගෙ ගම වව්නියාව වෙන්න පුලුවන්.

:       0       8

Nihal Saturday, 04 September 2021 02:38 AM

වවුනියාවටත් දුරකථන ඕඩරයක් ඇවිත් තියනවා ද?

:       0       1

Perera Saturday, 04 September 2021 03:50 AM

වවුනියා ගිහිල්ලත් ඕකම කරාවි එතකොට ආපහු කොළඹ මාරු කරනවද.?

:       0       2

Mahee Saturday, 04 September 2021 08:58 AM

ඕකද කොමසාරිස් තුමාගෙ මහලොකු දඬුවම

:       0       1

එමි එමි Saturday, 04 September 2021 09:31 AM

නියම දඩුවම කියල වැඩක් නැහැ වරදකරැවෙකුට උදවි කරාම මාරැ කරන එකද නිතිය මෙවිව බලන අපිත් මෝඩයො ඇත්තටම මෙිකයි අද රටෙි නිතිය

:       0       1

sam Saturday, 04 September 2021 11:54 PM

මෙයා මේක නිතරම කරන දෙයක්. අස්කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 570 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1419 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 724 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 651 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 960 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 473 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 94 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site