( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු දින ප්‍රහාර එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් තමන් රදවා තබා ගැනීමට ලබා ගෙන ඇති රැදවුම් නියෝගය බල රහිත කර වහාම මුදාහරින නියෝගයක් නිකුත් ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය .
මෙම ත්‍රස්ත ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැති තමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි පන්සියයක වන්දි මුදලක් ගෙවන ලෙස වගකිවයුත්තන්ට නියම කරන ලෙස ද ඔහු පෙත්සම මගින් ඉල්ලා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය 111හී ස්ථානාධිපති, එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, එහි අධ්‍යක්ෂ, එහි නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පති, සහ නීතිපති මෙහි වගඋත්තර කරුවෝ වෙති.
නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මිය මගින් මෙම පෙත්සම් ගොනු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තමන් මෙන්ම සිය සොයුරා ද පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන මුදාහැර සිටි බවත්, ඒ සම්බන්ධයෙන් මුස්ලිම් විරෝධීන්ගේ විරෝධතා එල්ල වූ බව ද පෙත්සමේ සදහන් වේ.
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රිෂාඩ් ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
janith Tuesday, 18 May 2021 04:37 PM
යන්න යන්න.. සේරම දේවල් කරලා පාඩුවේ ඉන්න හැටි.
Sri Lanka Tuesday, 18 May 2021 08:55 PM
කලබල කරන්න එපා... පොඩ්ඩක් ඉවසන්න .. අලුත් නීතිපතිතුමා එනකම්.. ඔයාට අමතක වුණාද මෙතරම් ඉක්මණට.. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...
මුණසිංහ Wednesday, 19 May 2021 01:29 AM
මේ නඩුවට මෙයා කරන වියදම බැලුවොත් හොඳයි නේද? උගත් මහත්වරු ඕනතරම් ඉඳියි ඒ වෙනුවෙන්. අර බූස්සට වගේ...