IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


රිෂාඩ්-රියාජ් ගොනු කළ පෙත්සම් සළකා බැලීමෙන් තෙවැනි විනිසුරුත් ඉවත්වෙයි

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍ර සහ හිටපු අමාත්‍යවරයෙකු වන  රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් තමා ඉවත් වන බව  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා  අද (23) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

නීතිවිරෝධී ලෙස රැදවුම් බාරයේ තබා ගෙන සිටින තමන්ව වහාම මුදාහරින්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් වෙන වෙනම ගොනු කල මෙම පෙත්සම් ඊ  ප්‍රීති පද්මන් සූරසේන, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා දැනුම් දුන්නේ පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බවය.

ඒ හේතුවෙන් මෙම පෙත්සම් වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ   සලකා බැලීම සදහා ලබන ජූලි 6 වැනිදාට කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙරිණි.

ඒ අනුව මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූ තෙවැනි විනිසුරු වන්නේ ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් මහතාය.මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ද පෞද්ගලික හේතූන් මත ම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූහ

කිසිදු නීතිවිරෝධී කටයුතු වලට සම්බන්ධ නොමැති තමන්  අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් රැදවුම් බාරයේ  රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර සිටිති.‍එහි වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිස් අධ්‍යක්ෂවරයා , මහජන ආරක්ෂාව පිලිබද අමාත්‍යවරයා , එම අමාත්‍යාංශය ලේකම් , ආරක්ෂක ලේකම්වරයා , පොලිස්පති සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා පෙනී සිටියේය.

 



අදහස් (4)

රිෂාඩ්-රියාජ් ගොනු කළ පෙත්සම් සළකා බැලීමෙන් තෙවැනි විනිසුරුත් ඉවත්වෙයි

chandana Wednesday, 23 June 2021 03:31 PM

කියන්න ඕනෑ නැහැ වෙන්නේ මොකක්ද කියලා... තේරෙනවනේ ඕනෙ කෙනෙකුට.

:       0       64

කිරිපුතා Wednesday, 23 June 2021 04:23 PM

දැන් අපිද නඩු අහන්න ඕනෑ?

:       0       32

fairoos Wednesday, 23 June 2021 08:08 PM

නඩු තීන්දු ආණ්ඩුවට අවාසි නම් ඒකෙන් ඉවත් වෙන එක හොඳයි. නැතිනම් දන්නවනේ අපේ සර්ගේ වැඩ...

:       74       172

BamunuarachchiFriday, 25 June 2021 11:31 AM

අපිට ඕනේ මිනිහව එල්ලුම් ගස් යවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 533 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .



ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 339 1

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1554 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 902 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 712 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 405 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site