පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සිටින ස්ථානයක් සොයාගත නොහැකි වූ බැවින් ඔහුගේ ආරක්ෂක නිලධාරියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ රිෂාඩ් බදුර්දීන් මහතාට සැඟවී යාමට ආධාර උපකාර කිරීම හේතුවෙන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
“මේ ඉන්නේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙක්. මන්ත්‍රීවරයා ඉන්න තැන මෙයා නොදැන ඉන්නේ කොහොමද ?“ යන පදනම මත ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත. රිෂාඩ් බදුර්දීන් මහතා භාවිතා කළ වාහන දෙකක් සහ ආයුධ දෙකක් ද රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ.
මේ අතර රිෂාඩ් බදුර්දීන් මහතාගේ අමාත්‍යංශයක ගණකාධිකාරීවරයකු වන අලගරත්නම් මනෝරන්ජන් මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අලගරත්නම් මනෝරන්ජන් මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපනේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සමගින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කළ තිදෙනා අතර මනෝරන්ජන් මහතා ද සිටී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් හයක් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සොයමින් සිටින අතර, ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට නියෝග කර තිබේ.
මහජන මුදල් සාපරාධී ලෙසත් අයථා ලෙසත් පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (13 වැනිදා) නියම කළේය.
2019 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අභ්‍යන්තර අවතැන්වූවන් පුත්තලම් සිට මන්නාරම දක්වා ලංගම බස් 222 කින් ප්‍රවාහනය කළ බවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට චෝදනා එල්ල වී තිබේ. මැතිවරණ සමයේදී අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතිය භාරව සිටි රිෂාඩ් බදුර්දීන් මහතාගේ ගණකාධිකාරීවරයා ලෙස සේවය කළ බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රිෂාඩ් සැඟවෙයි - ආරක්ෂක නිලධාරියා අසුවෙයි
නෙවිල් Wednesday, 14 October 2020 11:24 AM
ඔය ප්‍රවාහන කේස් එකට කුරුඳු පොලුකාරයාත් සම්බන්ධයිනේ... මෙයා ඇත්තේ එහේ...
gaminiWednesday, 14 October 2020 11:34 PM
මේ රටේ සිදුවන දේවල් ගැන අවබෝධයක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙනවා කියලා...
banda Wednesday, 14 October 2020 11:35 AM
මෙදාපාර බදූර්දීන්ගේ කනෙන්ම අල්ලලා හිරේ දානවා. රවීට වගේ හැංගි මුත්තන් සෙල්ලම් කරන්න දෙන්නේ නෑ.
buddhikaThursday, 15 October 2020 04:40 AM
හා හා හා නියම ඡන්ද දායකයෙක්
RaveendraThursday, 15 October 2020 06:56 AM
අද කාලයේ මේවාට කියන්නේ නරි නාටක නොව "ඌරු නාටක" කියලයි.
De Wednesday, 14 October 2020 12:10 PM
රට බේරාගත් ගෝඨාභය ජනාධිපතිතුමාට ජයවේවා.. දැන් තමයි රටට හරි පාලකයෙක් ලැබුණේ. අපිත් ගොඩ. රටත් ගොඩ.
සිරිබිරිස් Wednesday, 14 October 2020 12:14 PM
පොඩ්ඩක් බලන්න රාජපක්ෂ කෙනෙක්ගේ ගෙදර... අනිවාර්යයෙන් ඇති...
kamal Wednesday, 14 October 2020 12:21 PM
හා හා කලබල වෙන්න එපා... හිමීට කරගෙන යන්න තාම ඡන්දයක් ළඟ නෑනේ..
බැසිල් Wednesday, 14 October 2020 12:36 PM
රජයේ අමාත්‍යාංශයකින් ලබාදුන්නු දෙපාර්තමේන්තුවක නිලධාරියා අත්අඩංගුවට ගැනීම සර් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන ආත්ම විශ්වාසයයි. මෙහෙම අයද පාස්කු ප්‍රහාරයේ වැරදිකාරයින් අල්ලන්න කියලා බලය ගත්තේ.. 69 ලක්ෂයට ජය වේවා!
Prabha Wednesday, 14 October 2020 12:40 PM
එහෙමනම් ගෙදර උන්දැත් අත්අඩංගුවට ගන්න. යන තැනත් හාමිනේටත් කියන්න ඇතිනේ.
suresh Wednesday, 14 October 2020 12:48 PM
ආණ්ඩුව මේ අනාගෙන ගාගෙන තියෙන වෙලාවේ ජාතිවාදීන් පිනවලා ප්‍රශ්න ඔක්කොම අමතක කරලා, ඉතිරි ඉඩම් ටිකත් චීනාට විකුණන්න යන වෙලාවේ මේ මනුස්සයාව බයිට් එකට ගන්න හදන්නේ රජයේ මුදල් අවභාවිතා කළා කියලා. එතකොට ගෝඨාභය රාජපක්ෂ රජයේ මුදල් අවභාවිතා කරලා තමන්ගේ දෙමව්පියන්ගේ සොහොන් කොත් හදලා කටුගෙයක් හදපු නඩුවට මොකද වුනේ? ලැජ්ජයි...!! ඒ විතරක් නොවෙයි මේ පාර මානව හිමිකම් නඩු ගොඩකින් අපේ රට හිරවෙනවා බෙල්ලටම...
සෑම් Wednesday, 14 October 2020 12:52 PM
එතකොට මහා පරිමාණයෙන් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරපු රාජපක්ෂලා අත්අඩංගුවට ගන්නේ කවද්ද?
සිරාWednesday, 14 October 2020 02:18 PM
අවුරුදු 4ක් හිටියා නේද..? මහාපරිමාණ කෙසේ වෙතත් මහා බැංකුව නම් සුද්ද කරා.. තවත් ඔය බයිලාව ගහලා මෙතන කොමෙන්ට් පුරවන්න එපා.. වෙන බනින්න දේවල් තියනවා මීට වඩා... කඩොලාන කපපු ඒවා, මණ්ඩප කඩපු ඒවා.. අන්න ඒවට ගහන්න. නිකන් ආපහු හෝටල්, ඩුබායි ගිණුම්, අශ්වයෝ, කාර් ගැන කතා කරලා වැඩක් නෑ..
රාජේශ් ඛන්නාThursday, 15 October 2020 03:11 AM
මහ බැංකුව ගැන කියන කතාව අනිවාර්යෙන්ම නවත්වන්න වේවි ඇත්ත එළි වුන දවසට.. මේවා සර්වලෝක ඡන්ද ගුණ්ඩු.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 14 October 2020 12:54 PM
මේ රටේ එදා මෙදා තුර සැමදාම කෙරෙන්නේ ප්‍රෝඩාව.. වෙන දියුණු රටවල වගේ නෙමෙයි. අත්අඩංගුවට ගන්නවා නම් අරගෙන ඕනෑ මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කරන්න. ඉස්සෙල්ලාම කවුරු කවුරුත් විස්තරේ ප්‍රසිද්ධ කරලා මාධ්‍ය සංදර්ශන තියනවා. පස්සේ යනවා අල්ලන්න. අවශ්‍ය මිනිහා හැංගෙනවා. පස්සේ ඔය ඉන්න කාවහරි අල්ලන් එනවා. මාධ්‍ය වලත් ඉහළින් යනවා. හෙංචයියන් හා තවත් අය කයිය ගහනවා හිටියා නම් අද බේරෙන්නේ නැහැ. එයාව අනිවාර්යයෙන්ම අල්ලනවා කියා. අම්මේ, මෙහෙමත් නරි නාටක... මේ රටේ මේ ක්‍රියාවට වගකිවයුතු කිසිම කෙනෙකු මේ වැනි නිරවුල් දේ දැන සිට නැහැ. අනේ මෙහෙමත් උන්මත්තකයන් රැළක්. අපේම පව තමයි..
විජිත් Wednesday, 14 October 2020 03:03 PM
සමිත, අපේ රටේ මිනිස්සු ඔක්කොම එක ආත්මයක මහා පවක් කරලා තියෙනවා. ඒක තමයි මේ අපි ගෙවන්නේ... අවුරුදු 71 සිට අද දක්වා මේ රට පන අදිනවා.. එදා ඉඳලා අද වෙනකම් දේශපාලකයෙක්, දේශපාලනඥයෙක් මේ රටේ ඉඳලා නැහැ. ඉන්න තරම් ඉන්නේ නූගත්, මෝඩ දේශපාලකයෝ. ඒ අය කරපු එකම දේ තමයි රට සංවර්ධනයේ නාමයෙන් විදේශයන්ට ණයට උකස්කර මුදල් හොරකම් කිරීම. ඒ වගේම ඒ අයට ගැති මෝඩ හැතිකරයක් හෙවත් බයියන් රැසක් බිහිකරගෙන ඉන්නවා. මේ කියන රිෂාඩ් බදියුර්දීන් කියන්නෙත් තවත් එක දේශපාලුවෙක් පමණයි. හෙට මෙයා කිව්වොත් 20ට කැමතියි ඡන්දය දෙනවා කියලා ඔය නීතිපතිගේ මහා ලොකු අාඥාවන් පහතට දමලා, කොන්ද කඩලා තියෙන නඩුකාරයින් කියනවා නැහැ නැහැ එයාව අල්ලන්න එපා" කියලා. සමිත, අපේ රටේ ව්‍යවස්ථාව, නීති හදලා තියෙන්නේ දේශපාලුවන්ව රැකගන්නත්, අවශ්‍ය විටෙක අමාරුවේ දමන්නත් මිසක රටේ පොදු ජනතාවට සෙතක් සැලසෙන්න නොවෙයි. ඒවගේ වටිනා ව්‍යවස්ථාවක් මම දැක්කා පසුගිය කාලේ නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා ඉදිරිපත්කළා. අවාසනාවට මෝඩ බයියෝ, බයියන්ටම ඡන්දය දීලා නොමිලේ දුන්නු අරක්කු වීදුරුව බීලා අතපිහදාගෙන ගෙදරගියා...
සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 14 October 2020 03:35 PM
ස්තූතියි ... විජිත්.
PereraThursday, 15 October 2020 12:34 AM
ප්‍රෝඩාව කරන අය යන්නේ එන්නේ ප්‍රාඩෝවෙන්.
amila Wednesday, 14 October 2020 01:04 PM
20ට ජනමත විචාරණයක් එනවද?
Nuwan Wednesday, 14 October 2020 01:05 PM
මහ රජාගේ ඇඳ යට බැලුවා නම් හරි..!!!
[email protected] Wednesday, 14 October 2020 01:58 PM
මේවා බොළඳ කතා පුතේ...
Sk Wednesday, 14 October 2020 02:30 PM
පුදුම පොලිසියක්නේ. කතාව විතරයි වැඩ නැහැ.
sugath Wednesday, 14 October 2020 02:35 PM
එකම දෙයයි කියන්න තියෙන්නේ. අර රංජන් රාමනායක කිව්ව කතාව ‘‘මල්ලි ඔය කවුරුවත් හොරු අල්ලන්නේ නැහැ. එයාලා යාලුවෝ‘‘ පොඩි මිනිහෙක් පොඩි වැරැද්දක් කළොත් බඩුම තමයි. නීතියක් නැති ශ්‍රී ලංකාවක්.. දුකයි.
sugath Wednesday, 14 October 2020 02:35 PM
ඕක පුදුම වෙන්ට දෙයක්ද? අපි ජාතියක් හැටියට හැමදාම කරේ කැලේ ඉන්න මුවා අල්වා ගන්නට බැරි වුණාම, ගෙදර තියෙන මුව හමට තඩි බාන එකනේ..
upali Wednesday, 14 October 2020 03:01 PM
ඔය කියන පදනම රවීට සහ රාජිතට වලංගු වුණේ නැත්තේ ඇයි?
chandima Wednesday, 14 October 2020 03:12 PM
මෙදා පාර නම් නීතිපතිත් ගෙදර යයි වගේ..
Mahesh Wednesday, 14 October 2020 03:30 PM
ආරක්ෂක අංශවලින් මෙහෙම පළිගැනීම අනුමත කරන්න බෑ. කිව්වේ මොනවද දැන් මොකද කරන්නේ...? සිරිසේනට වඩා ජොකර් කෙනෙක් වෙනවා මෙහෙම ගියොත්..
සංජීව Wednesday, 14 October 2020 03:33 PM
හැංගිමුත්තෝ හැංගියෝ නොපෙනන තැනක හැංගියෝ...
chandima Wednesday, 14 October 2020 03:41 PM
මේ සද්දන්ත බදූර්දීන්ව හොයාගන්න බැරිනම් නොපෙනෙන කෝවිඩ් වයිරස් කොහේ හොයන්නද?
pradeepa Wednesday, 14 October 2020 03:48 PM
20ට වෝට් කරන්න අනිවාර්යයෙන්ම එනවා.. මම මොකද මල්ලිව නිදහස් කරගත්තේ 20 උගස් තියලා , දැන් එන්නේ මෙයා ආණ්ඩුවේ ඉහළම මහත්තයෙකුගේ ගෙදර... ඒක ශුවර්.. පොලිසිය පැත්ත පළාතේ යන්නේ නැහැ. යන්න බැහැ..
lLal Wednesday, 14 October 2020 04:09 PM
මේක නම් මිනිස්සු චූන් කරන්න කරන පොඩි හැංගිමුත්තං සෙල්ලමක්..
අප්පුහාමි Wednesday, 14 October 2020 06:07 PM
මේ ළඟදී එයාගේ කරට අතදාගෙන ගිය කෙනෙක් හිටියා. එයාගෙන් නම් හෝඩුවාවක් ගන්න පුළුවන් වේවි...!!!
බද්රානි Wednesday, 14 October 2020 08:43 PM
ඔබ තුමා රටක් වටිනා පුද්ගලයෙක්. මේ රටේ මහා ජාතිය කියා ගන්නා රැලක් ඔබ තුමාව ඔවුන්ගේ බලය වෙනුවෙන් ඔබව පාවිච්චි කරනවා.
Ratnamalala Wednesday, 14 October 2020 10:02 PM
කොහොම හරි මාස 03කට වඩා හැංගිලා ඉන්න දෙමු පාර්ලිමේන්තු නොඑන විදිහට.. මේ අයගේ මන්ත්‍රීකම නැතිකරන්න ඕනේ.
විජේ Wednesday, 14 October 2020 11:25 PM
නරි නාටක...
jagath Wednesday, 14 October 2020 11:55 PM
අච්චර ලොකු කාලෙක හැංගිලා හිටිය ප්රභාකරන් අල්ලාගන්න පුළුවන් වුනානම් මේ වගේ කෙනෙක් අල්ලාගන්න තියෙන අමාරුව මොකක්ද.?
Buddika Thursday, 15 October 2020 12:14 AM
රිෂාඩ් ගේ වැරදි ඇති. ඊටත් වඩා මෙතන තියෙන්නේ විරුද්ද පාක්ෂික දේශපාලන දඩයමක්.
BamunuarachchiFriday, 16 October 2020 11:56 AM
වැරැදි තිබෙනවා නම් වෙන දෙයක් අදාළ නැහැ. හිර බාරයට ගන්න.
Bamunuarachchi Thursday, 15 October 2020 02:17 AM
සාමාන්‍ය ජනතාවට කරනවා වගේ කරන්න බැරිද.?
BamunuarachchiFriday, 16 October 2020 11:55 AM
ඒ කියන්නේ ගෙදර ළමයි හරි, නෝනව හරි.. එයා බාරවෙනතුරු හිරභාරයට ගන්න එක..
සිසිල් සුදේශ් Thursday, 15 October 2020 02:38 AM
ඇයි ගෙදර බල්ලයි පූසයි දෙන්නවත් ගත්තේ නැත්තේ..?
BamunuarachchiFriday, 16 October 2020 11:58 AM
මේ ගොල්ලෝ බල්ලන්ට, පූසන්ට ආදරයෙන් සලකන කට්ටිය නොවේ.
john Thursday, 15 October 2020 02:58 AM
වැරැදි කරලා නැතිනම් මොකට හැංගෙනවද? අහුවුණොත් බෝම්බ පෙන්නන්න අරන් යමු.
Asanga Thursday, 15 October 2020 03:00 AM
කවදද මේ නාට්‍ය ඉවරවෙන්නේ.?
thushara Thursday, 15 October 2020 03:01 AM
කොරෝනා හැදුන මිනිහෙක්ගෙ හත් මුතු පරම්පරාවම, මාස ගානක ඉදන් සම්බන්දකම් පවත්වපු අය හැම කෙනෙක්ම හොයාගන්න පුලුවන්. පොලිස් කණ්ඩායම් 6ක් දාලත් මන්ත්‍රීකෙනෙක් හොයා ගන්න බෑ. මෙයා විතරක් නෙවෙයි, රවී, රාජිත, ජොන්ස්ටන්... මම හිතන්නෙ මෙයාලට ඉර්දි බලයක් තියෙනවා.
Wca Friday, 16 October 2020 05:14 PM
මෙහෙම බලන කොට පාස්කු ප්‍රහාරය දවසේත් මේ ආණ්ඩුව හිටියත් ඔච්චරයි. පස්සේ කියයි කණ්ඩායම් 12ක් විතර දැම්මා සහරාන්ව හොයාගන්න බැරිවුණා කියලා. රටේ මන්ත්‍රීවරයකු හොයාගන්න බැරි ආණ්ඩුව සහරාන්වම හොයයි කියලා තමයි බය...