IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රොෂාන් රණසිංහට ජනපතිගෙන් ප්‍රශ්න දෙකක්

(අංජුල මහික වීරරත්න)

ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරි මාර්ග අමාත්‍යාංශයට අදාලව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී  යොමු කළ ප්‍රශ්න දෙකකට රොෂාන් රණසිංහ මහතාට නිසි පිළිතුරක් නොවූ බවද ඉන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාරදී තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ක්‍රිකට් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කර තිබිදී ක්‍රිඩා ඇමතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලය වෙත ගොස් සජිත් ප්‍රේමදාස හා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ ක්‍රිකට් අර්බුදය විසදීම සඳහා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය හා කතා කළේ ඇයිදැයි ජනාධිපතිවරයා විමසා ඇත.

දෙවෙනි පැනය ලෙස ජනපති විමසා ඇත්තේ  මහවැලි ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඇමතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතී මිත්‍රාදීන් වූයේ ඇයි ද යන්නයි. 

එසේ කළේ මන්දැයි විමසා ඇති ජනපති ඉඩම් හිමි අහිංසක ජනතාව සිටියදී මෙලෙස කිරීම ගැටළුවක් බවද පෙන්වා දී තිබේ.

එම ප්‍රශ්න දෙකටම ඇමතිවරයා නිරුත්තරවීම නිසා  කැබිනට් මණ්ඩල සාමුහිකත්වය කඩ කිරීම පිළිබඳව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා විසින් ඔහුව ඇමතිධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාරදී ඇත. 

කැබිනට් සාකච්ඡාවකින් පසු ඇමතිවරයෙක් සිය ධූරයෙන් ඉවත් කළ පළමු ජනාධිපතිවරයා ලෙස මෙය ඉතිහාසගත වනු ඇතැයි දේශපාලන විචාරයකයෝ පවසති.



අදහස් (16)

රොෂාන් රණසිංහට ජනපතිගෙන් ප්‍රශ්න දෙකක්

sukitha Monday, 27 November 2023 08:13 PM

ප්‍රයෝග භාවිතා කළ යුත්තෙ යම්කිසි අරමුණකට ලඟා වීමට මිස ආරක්ෂා වෙමින් එකතැන පල්වීමට නොවේ. ජනාධිපති වරයාට සහජයෙන්ම පිහිටා තිබෙන්නේ අරමුණකට ලඟා නොවී (රට දියුණු නොකොට) එකතැන පල්වීමට ප්‍රයෝජනවත් ප්‍රයෝග සම්පත්තියකි. රටට ජනතාවට සෙතක් නැත. අවසානයේ ජනතාව පෙලා ඔහුද පරාජයට පත් වේ.

:       0       0

Amal Monday, 27 November 2023 08:25 PM

පිනා ඉන්නකන් හොරු එළවන්න ලැබන්නේ නැහැ. අපි පිo ජනපතිව ලබන ජනාධිපතිවරණයේදී ධූරයෙන් ඉවත් කරමු !!! නිසි පිළිතුර එයයි. මෙය ඉතිහාසගත වනු ඇත !!!

:       0       0

විපරමා Monday, 27 November 2023 08:27 PM

ආර්තික ගාතකයෝ ,දූෂිත දේසපාලුවෝ රකින එකේ අවුලක් නැතුව ඇති .

:       0       0

Ratne Monday, 27 November 2023 08:40 PM

ජන්ද 30,000ක් ගන්න බැරි පිං ගොනෙක් ගිය උඩ.

:       0       0

senaka Monday, 27 November 2023 09:05 PM

අම්මෝ අහිංසක ජනතාව අනේ මේ ජනාධිපති අපි දන්නවනේ ඔබතුමාගේ හැටි කෝ දුන්න බෙස්ලට් කෝ වයිෆයි පාර්ලිමේන්තුවට ආපු කලේ ඉදලම බොරුව කලේ රටට සත පහක දෙයක් කරලා කරලා තියන එකම දේවල් තමයි අපේ බදු මුදලින් බොරු රාජ්‍ය සම්මන්ත්‍රණ සහ තවත් ඒවා කිය කිය රට සවාරි ගිය එක හිගා කෑම ණය ගැනීම රාජ්‍ය දේපල විකිණීම බදු ගහන එක තමයි මෙයා කලේ, අහිංසක මිනිස්සු ගැන ඔයා බැලුවා, ගිය පාර චන්දය දිනන්න තිබුනනේ ඇපත් නැතුව පරදුනානේ, 2024 චන්දයට ඔබ එනකම් තමයි අපි මේ බලාගෙන ඉන්නේ, අපි දැන් හැම දෙයක් ගැනම හොදින් තේරුම් අරගෙනයි ඉන්නේ

:       0       0

Prabha Monday, 27 November 2023 09:29 PM

ඇයි සගාට බැන්නේ කියලත් අහන්න තිබුනානේ

:       0       0

ජගත් ලියනගේ Monday, 27 November 2023 09:31 PM

ඒකාධිපති කෙනෙකුගේ මූලික ලක්ෂණ.

:       0       0

Rata Perata Monday, 27 November 2023 09:57 PM

ඔය වාර්තා මොනාද හලෝ .චන්දෙන් පරාද වෙලා පක්ෂෙට එක ආසනයක්වත් දිනාගන්න බැරුව .එක එකාගේ පස්සේ ගිහිල්ලා ජනපති ගත්ත එක තමයි ලෝක වාර්තාව .ඒ වගේ අපතයෙක් මේ කරනා වැඩ ගැන ඉතින් කියන්න ඕන නෑනේ

:       0       0

කමල් Monday, 27 November 2023 10:05 PM

''රනිල් ඔයා දිනුම්.'' හැබැයි ඔයාට හිතවත්ව හිටපු මහින්දගේ ජනතාවගෙන් ඔයා දැන් ෆේල්...... වෙරි සොරි.....

:       0       0

Chandra Monday, 27 November 2023 10:14 PM

නිදන් සල්ලි වලින් කොටසක් අරගෙන කරපු කුමත්‍රණයක් .

:       0       0

Mirjana Majstorovic Monday, 27 November 2023 11:39 PM

ශම්මි අයියලාගෙන් සහ සමාගමෙන් කිසිම උපුටා දැක්වීමක් කිරීමට ඔහුට ධෛර්යයක් නැත, ඔබට ලැජ්ජයි ජනාධිපතිතුමනි!!!

:       0       0

Demuni de Silva Tuesday, 28 November 2023 05:04 AM

ඔබේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස සාගල රත්නායක බඳවා ගැනීමට ඔබට දුන් රනිල්. ඔහුගේ අධ්‍යාපනික හෝ වෘත්තීය සුදුසුකම් මොනවාද, එසේ නම්, කරුණාකර එම තොරතුරු ජනතාවගේ අවධානයට යොමු කරන්න!,

:       0       3

Lal Tuesday, 28 November 2023 06:42 AM

හොඳ වැඩක් ජනාධිපති තුමනි

:       2       1

Perera Tuesday, 28 November 2023 06:44 AM

දෙවැනි ප්‍රශ්නෙන් පිලිබිගු වන්නේ කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ටික ටික තියනවා කියලානේ

:       0       1

Anura Tuesday, 28 November 2023 08:08 AM

තමන්ගේ සහ රාජපක්ෂලාගේ වැඩ නිසා තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල දුක්විඳලා මියගිය මිනිස්සු වෙනුවෙන් පර්ලිමෙන්තුවෙදිවත් වචනයක් කතනොකරපු රනිල්ට දැන් මේ ඉඩන් නොලැබුණු දුප්පත් මිනිස්සු ගැන කැක්කුමක් ඇති කියල හිතනවද ?

:       0       4

fairoos Tuesday, 28 November 2023 12:31 PM

රනිල් දන්නේ හොරු රකින්න විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1177 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1398 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 89 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 886 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 389 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1256 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39489 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site