(සුජිත් හේවාජුලිගේ )
ඉදිරි ජනාධිපතිවරණයට තමා ද ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ පදනම් ආයතනයේ දී අද(11)දා පැවති රැස්වීමකදී ය.
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ අත්දැකීම් මත සකස් කෙරුණු ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත එළිදැක්වීම සඳහා මෙම උත්සවය සංවිධාන කෙරිණ.
සරත් නන්ද සිල්වා මහතා මෙම වගකීම බාරගන්නැයි තමාගෙන් ඉල්ලීමක් කළ බවත් මම ඉදිරිපත් වන්නේ ජනාධිපති ධූරය භාර ගැනීමට නොව එය අතහැරීමට බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ රටේ ජනතාව තමාට සහාය දෙන බව විශ්වාස යැයි සඳහන් කළ මන්ත්‍රීවරයා මාතෘ භූමිය බේරා ගැනීම සඳහා තමා ඉදිරිපත් වන බවද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ
ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ
ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රොෂාන් රණසිංහත් ජනපති සටනට
මහසෙන් Sunday, 11 August 2024 08:04 PM
නියමයි..තව ඕනා. අතහරින්න නේ ඉල්ලනේ.ඒ හින්දා අවුලක් නෑ.
වත්සි Sunday, 11 August 2024 09:29 PM
මෙයාට කලිනුත් ජනාධිපති ධුරය අත අරින්නෙයි කියලා පොළොන්නරුවෙන් ආපු හාදයා කරපු හරිය රටට මතකයි.
රත්නායක Sunday, 11 August 2024 11:43 PM
ජනාධිපති වෙන්නේ නැති නිසා මේ මනුස්සයට ඕනෑම පොරොන්දුවක් දෙන්න බැරියැ.
sunimal Monday, 12 August 2024 02:04 AM
ඔන්න අපේ පැත්තේ චුන් පාන් කාරයත් චන්දෙට එනවලු . පවු මිනිහ හිතනවා සුවර් එකටම මිනිහ ජනාධිපති වෙන්ව කියල . අනිතිමට ඉල්ලා අස්වෙලා පුතානෝට චන්දෙ දෙන්න කියල කියන්නලු මිනිහගේ ප්ලෑන් එක .
Lankabarana Monday, 12 August 2024 05:10 AM
මෙහෙම ඉදිරිපත් වුනාම රටේ ජනතාව විවිධාකාරයෙන් බෙදීයාමක් ඇතිවෙනවා කියලා හොදින්ම පැහැදිලියි ඔය අතරේ තියෙනවා බෙදීගියොත් රට යයි සුන්වී කියලා ඒ අනුවත් මේ කරන්නෙ සමාජයේ බෙදීමක් ඇතිකිරීම තමයි ඔය අනෙක් කෙනා ගැන ජනතාව දන්නවා එහෙම කෙනෙකුත් මෙහෙම දේවල් කිරීම ගැන කණගාටුවක් පමණයි තියෙන්නෙ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියලා තියෙනවා ඉදිරිපත් වෙන කෙනෙක් වෙනුවෙන් ජනතා මුදලින් රුපියල් මිලියන 200 ක් අමතරව වැයවෙනවා කියලා ඒ අනුවත් මොහුත් ඔහු සමග සිටිනා කෙනත් කරන්නෙ ජනතා මුදල් බරපතළ ලෙසට නාස්ති කිරීමක් පමණයි
සෞභාග්‍යයේ පෙරට Monday, 12 August 2024 08:33 AM
නායක හාමුදුරුනමක් එක දවසක් වදාරා තිබුනා දේශපාලනය කියන්නෙ මොකක්ද නොදන්නා අයත් රටේ ජනතාව කිසිවකු නොදන්නා අයත් පුද්ගලික ලාභ ප්‍රයෝජන සදහා හෝ නම ප්‍රචාරය කර ගන්න මැතිවරණය සදහා ඉදිරිපත් වෙනවා කියලා .එක රූපවාහිනී නාලිකාවක විකාශය කරන ටෙලිනාට්‍යයක සිංහල ක්‍රමයට භාවිතා කරන නෑකම් වරදවා කියවනවා
fairoos Monday, 12 August 2024 11:00 AM
ජනතාව හරියට ඡන්දෙ භාවිතා කරේ නැතිනම් මේ පාර ඔක්කොම ඉවරයි...