IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රසායනික පොහොර තහනම් කළාට සජබ උසාවි යයි

(තිළිණි ද සිල්වා)

රසායනික පොහොර භාවිතය හා ආනයනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය ඉකුත් අප්‍රෙල් 27 වැනිදා ගත් තීරණයෙන් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බැවින් , එම තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

එමෙන්ම මෙම පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු ඉකුත් අප්‍රේල් මස 27 වැනිදා අමාත්‍ය මණ්ඩලය සම්මත කරනු ලැබූ යෝජනාව ක්‍රියාත්මකවීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත්කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ

සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, සමගි ගොවි ජන පෙරමුණ සංවිධානයේ සභාපති හේමකුමාර නානායක්කාර සහ ලේකම් පී. හැරිසන් යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් උදිත් කේ. විජේසිංහ, ජාතික පෙහොර ලේකම් කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නීතිපතිවරයා ඇතුළ හත් දෙනෙකු නම්කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 27 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාවකට අනුව මෙරටට රසායනික පොහොර ආනයනය හා භාවිතය තහනම් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවරගත් බවත් , මෙරට කාබනික පොහොර භාවිතය නගාසිටුවීමේ අරමුණින් මෙම පියවරගත් බවට රජය සදහන් කරන බවය.

මෙම තීරණය හේතුවෙන් මේ වන විට මෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවත් , එනිසාම ගොවීන්ගේ හා වගාකරුවන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඵලදාව පහත වැටී ඇතැයි ද පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් කියා සිටී.

 



අදහස් (4)

රසායනික පොහොර තහනම් කළාට සජබ උසාවි යයි

කිරිපුතා Wednesday, 06 October 2021 04:13 PM

ඒ කියන්නෙ වහ කවන එක ජාතියම ලෙඩ කරවන එක මූලික මිිනිස් අයිතිවාසිකමක්. අපේ රටේ ඉන්නෙ උන්මත්තකයින්ද?

:       0       0

SUNIL MILANO Wednesday, 06 October 2021 06:42 PM

රටේ ජනතාවට දෙන්න හදන දායාදය.. වකුගඩු අමාරුව

:       0       0

නිමල් රජපක්ෂ Thursday, 07 October 2021 12:28 PM

රසායනික ⁣පොහොරවලින් ගන්නා අස්වැන්න කබනික පොහොර වලින් ගන්න බැහැ .අපි අත්හදා බැලුවා

:       1       0

ජල්තර Friday, 08 October 2021 08:27 AM

ඔව්, ඔව්... රසායනික පොහොර වලින් දෙන පිළිකා, වකුගඩු රෝග සරු අස්වැන්න කාඛණික පොහොර වලින් ලැබෙන්නේ නෑ. ඔබ හරි නිමල් රාජපක්ෂ.... බහු ජාතික රසායනීක බූවල්ලාගේ ඩොලර් කුට්ටියට ඉව අල්ලනවා වගේ.. හොඳා..හොඳා.. චෝයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 156 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 965 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 458 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 279 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2845 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2043 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 313 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1746 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site