IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


රුසියාන් විදේශ ඇමැති‌ගෙන් පොරොන්දුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලීම මත රුසියානු හමුදාවට තවදුරටත් ශ්‍රී ලාංකිකයන් බඳවා නොගැනීමට රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහතා එකඟතාවය පළ කර ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

බ්‍රික්ස් සමුළුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා සහභාගී වීමට රුසියාව බලා ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍යවරයා රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහතා හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම කළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසුවේය.

එහිදී රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් පිළිබඳ මතුව තිබෙන ගැටලුව සම්බන්ධයෙන් සබ්රි මහතා රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයාගේ අවධානය යොමු කළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී ලබන 26-27 දෙදින පැවැත්වීමට නියමිත ඉහළ පෙලේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සහ රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡාවේදී මෙම ගැටළුව සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමටත් ඒ පිළිබඳ සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමටත් දෙපාර්ශවය එකඟ වූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේය.

එසේම අමාත්‍යවරුන් අතර පැවැති හමුවේදී සංචාරක, උසස් අධ්‍යාපන සහ ආර්ථික මෙහෙයුම් අංශවලින් දෙරටේ සබඳතා පුළුල් කර ගැනීමට එකඟ වූ බව තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය .

 



අදහස් (2)

රුසියාන් විදේශ ඇමැති‌ගෙන් පොරොන්දුවක්

de silva berlin Tuesday, 11 June 2024 06:33 PM

යුක්‍රේන හමුදාවේත් අපේ SF සෙබළු විශාල ප්‍රමාණයක් සිටිනවා , නමුත් ඔවුන්ගේ වැටුප මාසේ අන්තිමට ලංකාවේ එකවුන්ට් එකට වැටෙනවා , ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ පැරණි ලංකාවේ 8 මෑන් ටීම් වල සගයන් ගෙන්වා ගන්න , ඔවුන් සටන් කරන්නේ පරණ කණ්ඩායම් වශයෙන් , එම නිසා උතුරේ මානුෂික මෙහයුම් වල පුරුදු සටන් ක්‍රම යොදාගෙන සතුරාට පහර දෙන්න , ආරක්ෂාවෙන්න පුළුවන් එම නිසා ඔවුන්ගේ ආත්මශක්‌තිය වැඩි , යුක්රෙනේ ඔවුන්ව බිලිබොඉල වගේ නිතරම ඉස්සරහට දමන්නේ නැහැ , මානුෂිකව සලකනවා , හොදට කන්න බොන්න දෙනවා , තුවාල වුනොත් පොලන්තේ වගේ අසල්වැසි යුරෝපා රටවල ප්‍රතිකාර කරනවා , යුක්රේන පිරිමි සැහෙන ප්‍රමාණයක් යුධෙන් මැරිලා , තුවාල වෙලා , යුක්රෙනේ දන්නවා යුධෙන් පස්සේ රට ගොඩනගන්න පිරිස් අවශ්‍යවෙනවා කියල එම නිසා විශේෂ දක්ෂතා දක්වන සහ වසරක යුධ සෙවා කලේ අවසානේ යුක්රේන පුරවැසි භාවය ලබාදෙනවා , යුක්රෙනේ යුරෝපා රටක් නිසා මේක වටිනවා , එමනිසා අපේ සෙබළුන්ට මාධ්‍ය ඉදිරියේ වැළපෙන්න අවශ්‍ය නැහැ ,රුසියන් කාරයෝ හරියට කන්න , බොන්නවත් දෙන්නේ නැහැ , වැටුප් ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට

:       0       0

Srinath priyantha Tuesday, 11 June 2024 10:58 PM

රුසියන් ආමි එකට යන්න දෙන්නේ නෑ... ආණ්ඩුවෙන් නමුත් ඊශ්‍රායලයට යවනවා. මොකක්ද මේකෙ තේරුම?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 72 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 336 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 6 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 400 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 42 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2521 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 615 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site