IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රුසියාවට සෙබළු පැටවූ රට රැකියා අයතන හිමිකරු - කළමණාකරු අත්අඩංගුවට

(යොහාන් භාසුර)

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ නුගේගොඩ ප්‍රදේශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා  නියුක්ති කාර්යාංශය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත් අදාල රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය ද මේ වන විට අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් කාර්යංශය කීය.

එම ආයතනය සංචාරක වීසාවලින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රී ලාංකිකයකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශ ගත කර ඇති බවත් එරටදී රැසියානු - යුක්රේන යුද්ධයේ යුධ පෙරමුණට යාමට එම ශ්‍රී ලාංකිකයින්ට සිදුවී ඇති බවත් එම කාර්යංශය කියයි.  

මෙම ඒජන්සි ආයතනය කළ ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශට ලැබුණු පැමිණිලි 7 කට අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල රුපියල් කෝටියකට අධික බව ද විදේශ සේවා  නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (4)

රුසියාවට සෙබළු පැටවූ රට රැකියා අයතන හිමිකරු - කළමණාකරු අත්අඩංගුවට

udaya Thursday, 16 May 2024 05:26 PM

උන්වත් යවන්න ඕනේ..!

:       0       0

සෙනෙවිරත්න Thursday, 16 May 2024 05:48 PM

මේක ගැන නොදන්නා මැති ඇමැතිලා මේ රජයේ නොඉන්න විදියක් නැහැ. අනිවාර්යෙන්ම මෙම මුදලින් කොටසක් ඇමැති කෙනෙකුට යන්න ඇති...!

:       0       0

යටත් වැසියා Friday, 17 May 2024 03:15 AM

අර කොම්බු චතුරගේ වැඩ සටහන බලුවාම තේරෙයි මහලොකු රණ විරුවන්ගේ තරම.... කොටින් එක්ක යුද්ධ කරලා රට බේරාගත්තු රණ විරුවා කියන්නේ අපි මේ එහේ, මෙහේ තියන කුලී හමුදා වලට බැඳෙන්න ගියේ නැහැලු... අපි ගියේ පවුල වෙනුවෙන් රුසියානු හමුදාවට බැඳෙන්නලු. රුසියානු ජනාධිපති බොහෝම හොඳයි කියලා එතැනත් පුටින්ට බටර් ගානවා... රුසියානු හමුදාවට බැදුණාට පස්සේ මෙහෙමයි, රුසියාව අතර යුද්ධයක් හට ගත්තොත් (කවදා හෝ එසේ නොවේවා කියා සිතමි) මෙහේ මිනිස්සු මරන්නද බලන් හිටියේ...? කවදාවත් මිනී මරන්නේ නැහැලු... එතකොට එහෙ යුද්ධයෙන් මරන්න ගියේ කුකුලෝද? හොරෙන් එහාට මිනී මරන්න පැනලා, වැඩේ අවුල් වුණාම ඇවිල්ලා පුටින්ට බටර් ගාන්න හදන්න එපා. වැරැද්ද පිළිඅරගෙන පාඩුවේ ඉන්න. කාලෙකට කලින් අර එකෙ 8 පාස් ආමි කාරයින් (මටත් ඒ දවස්වල ඇහුවාම සෑහෙන්න තරහා ගියා) කියපු කතාව ඇත්ත වෙමින් පවතියි.

:       0       1

JK Friday, 17 May 2024 11:51 PM

පුදුමයි... පගාව දීලා බේරෙන්න හදනවා මිසක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 124 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 91 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 100 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 491 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1003 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1071 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 808 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site