(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැය පහකට ආසන්න කාලයක් පවත්වාගෙන යාම ගැන එහි සභාපතිනියට දොස් කියා රාජ්‍ය නිලධාරියෙක් අද (17) ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමෙන් පිටව ගියේය.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ සභාපතිත්වයෙන් ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරායේදී මෙම රැස්වීම පැවැත්විණි.
පෙරවරු 10 ට පමණ ආරම්භ වූ රැස්වීමේ වැඩිම වේලාවක් ගතවූයේ 2021 ගම සමග පිළිසදරක් ව්‍යාපෘති යෝජනා අනුමතකර ගැනීම සදහා සහ ග්‍රාමීය මාර්ග සංවර්ධන හා නවීකරණ යෝජනා අනුමත කර ගැනීම සදහා සහකාර අධ්‍යක්ෂතුමිය (සැලසුම්) විසින් කමිටුවට ඉදිරිපත් කළ යෝජනා හේතුවෙනි. ඒවා එකින් එක ගෙන ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ හා නිලධාරින්ගේ අදහස් විමසා ඒවා අනුමත කිරීම මෙහිදී සිදුවිය.
සියළු රාජ්‍ය ආයතනවල ගැටළු ප්‍රශ්න හා යෝජනා ගැන සාකච්චා කිරීමෙන් අනතුරුව සභාව අවසන් කිරීමට සූදානම්ව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිලධාරියාගෙන් ඊට අයත් ඇල්පිටිය ප්‍රදේශයේ ඇති ඉඩම් පිළිබද වාර්තාවක් කමිටුවට ලබාදිය හැකිදැයි සභාපති ගීතා කුමාරසිංහ මහත්මිය ඉල්ලා සිටියේය.
එම නිලධාරියාගෙන් කමිටු සභාපතිනිය කළ ඉල්ලිම ඔහු ප්‍රතික්ෂේප කළේය. එවිට ඔහුට අසුන් ගන්නැයි සභාපතිනිය ඉල්ලා සිටිවිට තමන්ට තවත් කාරුණික ඉල්ලීමක් කිරීමට ඇතැයි පැවසූ ඔහු තමන්ගේ නමද පවසා පෙරවරු දහයේ සිට පස්වරු තුන දක්වා රාජ්‍ය නිලධාරින් මෙහි රදවා තබාගෙන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සමග සාකච්චා කිරීම නොකළ යුතු බව පැවසීය.
එම අවස්ථාවේදී මන්ත්‍රීවරු ඔහුට දොස්නැගූ අතර පසුව ඔහු සභාපතිනිය ඉදිරියට පැමිණ යළිත් ඊට දෝෂාරෝපනය කරමින් සභාවෙන් පිටව ගියේය. ඉන්පසු සභා රැස්වීමේ කටයුතුද නිමා විය.
එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකුද ඊට පෙර සභාව පවත්වාගෙන යන ආකාරය ගැන දොස් කියමින් සභාවෙන් පිටව යන අයුරු දැකගත හැකිවිය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රැස්වීම පැය 5 ක් වුණැයි ගීතා කුමාරසිංහට දොස්
විපරමා Wednesday, 17 February 2021 05:20 PM
එයාගේ දේශපාලන කෙරුවාව ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
Bamunuarachchi Thursday, 18 February 2021 05:45 AM
රැස්වීමෙන් පසුව විස්කි, බයිට් සමග කෑම වේලක් දෙනවා කියන්නකෝ. සෝඩා එපා කියයි. ඒ වැඩේට පැය 6-7 ඉඳියි.
AsankaThursday, 18 February 2021 08:24 AM
හැම රජයේ සේවකයාම එහමෙ නැහැ. කොන්ද පණ තියෙන අයත් ඉන්නවා එක්කෙනෙක්, දෙන්නෙක්...
samira Thursday, 18 February 2021 06:11 AM
කොන්ද පණ තියෙන නිලධාරියෙක්..
kamal Thursday, 18 February 2021 06:50 AM
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිව්වලු. රූප සුන්දරී විභාගෙ පාස් අය රටේ නායකයෝ කළාම ඔහොම තමයි.
BamunuarachchiThursday, 18 February 2021 11:57 AM
හලෝ රැස්වීම පැය 5ක් තිබුනේ සාකච්ඡා කළයුතු දේවල් තිබුණු නිසයි. නැතුව ඉස්කෝලේ බෙල් ගැහැව්වාම පන්ති රැස්වීම නවත්වනවා වගේ නවත්වන්න බැහැ. කොහෙද රැස්වීම්වලට සහභාගි වූ අයනේ ඒවා දන්නේ. හලෝ යාලුවා කොළඹ මහනගර සභාවේ නගරාධිපති වෙලා ඉන්නෙත් රූප සුන්දරියක් බව ලෝකේ ගැන නොදන්නා ඔබට කියා දෙන්නම්...
Gamage Thursday, 18 February 2021 10:55 AM
ගම සමග පිළිසඳරක් ද වියාපෘතියකි. මරු නේද? එ්කනේ පැල්පත් ගස් උඩ හදලා මයික් FM දෙන්නේ..
pakeer Saturday, 20 February 2021 08:49 AM
මොනවා වුණත් ගීතා තමයි ලංකාවේ යුරෝ්පීය පෙනුමෙන් හිටපු එකම නිළිය. හැබැයි මෙයාට දේශපාලනය නම් බැහැ.