IMG-LOGO

2025 ජනවාරි මස 27 වන සඳුදා


රසායනික ප්‍රහාරයකට මුහුණ දෙන්න පෙරහුරුවක්

(යොහාන් භාසුර)

රසායනික, න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය ප්‍රහාරයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පුහුණු අභ්‍යාසයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ කොළඹ ජාතික රෝහල එක්ව ජාතික රෝහල් පරිශ්‍රයේදී අද (11) පැවැත්වීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය පක්ශාංගය සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ එක්ව මෙම පුහුණු අභ්‍යාසය සංවිධානය කළේය.

එවැනි හදිසි ආපදාවකදී අවම කාලයක් තුළ රෝගීන් ගුවනින් හෝ ගොඩබිමින් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සහ ක්ෂණික ප්‍රතිකාර ලබාදීමේ පුහුණුව මෙම අභ්‍යාසයේ මූලික අරමුණ විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය පක්ශාංගයෙ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ කාර්ය මණ්ඩලය මෙම අභ්‍යාසයට සහභාගි වූහ.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම පුහුණු අභ්‍යාසය පැවැත්විණි. 



අදහස් (1)

රසායනික ප්‍රහාරයකට මුහුණ දෙන්න පෙරහුරුවක්

Nandasena gr Friday, 12 May 2023 05:49 AM

දැන් කවුද අපිට රසායනික අවි වලින් ගහන්න එන්නෙ.බංකොලොත් වෙච්ච රටකට රසායනික අවි වලින් ගහලා මොනා ගන්න ද?විකාර වැඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

හොර හාල් වෙළෙඳුන් අල්ලන්න රෑටත් මෙහෙයුම්
2025 ජනවාරි මස 27 0 0

වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නි


වී සහතික මිල ඉක්මණින් ඉල්ලයි
2025 ජනවාරි මස 27 25 0

වී ඇස්වැන්න පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලට ගැනීමෙන් පසුව ආණ්ඩුව වීවලට මිලක් තීරණය කිරීමෙන් ඵලක් නොමැති බවත් ආණ්ඩුව හැකි ඉක්මණින් වී සඳහා සාධාරණ


ඉලූක්පිටියගේ පෙත්සම හෙට දක්වා කල් තබයි
2025 ජනවාරි මස 27 194 0

හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා රිමන්ඩ් බාරයට පත් කළ විනිසුරු මඩුල්ල හමුවටම ඔහුගේ ඇප ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකර


UK ඉන්දු - ශාන්තිකර අමාත්‍යවරිය දිවයිනට
2025 ජනවාරි මස 27 93 0

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළඳ සබඳතා තරකර ගැනීමේ අදහසින් එක්සත් රාජධානියේ ඉන්දු - ශාන්තිකර කලාපය සඳහා වූ අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් අද (27) ස


නිදහස් දින පෙරහුරුවට පාර වහන හැටි
2025 ජනවාරි මස 27 530 2

77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙරහුරු රාජකාරී දිනයන්හිදී රථවාහන සැලැස්ම ගැන කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.



මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 33 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 584 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 665 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site