IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


රහීම්ට විරුද්ධව මැති සබයට තවත් යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රුපියල් කෝටි අටක් වටිනා රත්රන් සහ ජංගම  දුරකතන තොගයක් නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 75ක දඩ  මුදලක් නියම කෙරුණු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි  රහීම් මහතා පාර්ලිමේන්තුවේ සියලු කමිටුවලින් තාවකාලිකව ඉවත් කරන ලෙසටවූ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට අද(22) ඉදිරිපත් කරනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂනායකවරයා පැවසුවේ මන්ත්‍රීවරයාගේ ඒ ක්‍රියාව  පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට  යොමු කර ඇති හෙයින් ඔහු පාර්ලිමේන්තු  කමිටු නියෝජනය කිරීම සදාචාරාත්මක නොවන බවයි.

ඒ ක්‍රියාව වෙනුවෙන් ඔහුට නියම කර ඇත්තේ රුපියල් ලක්ෂ 75 ක දඩයක් පමණක් බවත් රත්රන්  කිලෝ හතරක් ගෙනා ප්‍රංශ ජාතිකයකුට  කෝටි 7 ක දඩයක් නියම කෙරුණු බවත් ඔහු ප්‍රකාශ කළේය.

දඩය නියම කිරීමේදී යම්කිසි බලපෑමක් සිදුවී ඇති බව පෙනී යන්නේ යැයි පැවසූ විපක්ෂනායකවරයා මේ ගැන සොයා බලන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

මේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිටීමට නුසුදුසු පුද්ගලයකු බවත්  ඔහු එළියට දැමීමට හැකි නම්  එළියට දාන බවත්  සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.



 



අදහස් (2)

රහීම්ට විරුද්ධව මැති සබයට තවත් යෝජනාවක්

Bamunuarachchi Saturday, 23 September 2023 12:29 AM

ඔය සෙට්එකම ප්‍රභාකරන් උතුරෙන් පන්නා දැමුවා. ඕන කුණුගොඩක් බාර ගන්න සිංහලයෝ ඒ උතුරෙන් එළියට දාපු කුණුගොඩ දකුණට ගත්තා. පාර්ලිමේන්තුවෙන් නොවෙයි මොවුන් ගොඩම ලංකාවෙන් එළියට දාන්න ලැහැස්ති කරන්න... අපේ සිංහල මැට්ටෝ තේරුම් නොගත්තාට ප්‍රභාකරන් තේරුම් ගත්තා හම්බයින් සතේකට විශ්වාස කරන්න බැරි අවස්ථාවාදීන් කියලා...!

:       0       0

de silva Saturday, 23 September 2023 12:15 PM

මොන යෝජනාව ආවත් මොහුට කිසිම දෙයක් කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් හොරු...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 280 0

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2162 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2830 6

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1742 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 9477 4

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2604 7

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40134 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25982 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 260 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site