(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගරයට අංගසම්පූර්ණ නව රෝහලක් ඉදිකිරීම සඳහා ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථානය සතු අක්කර 5 ක භූමි ප්‍රමාණයක් රජයට බාරදීම සිදු කෙරිණි.
ඒ අනුව ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථානයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැව රාහුල නාහිමියන් විසින් දඹුල්ල රජ මහා විහාරස්ථානය පිටුපස අක්කර 05ක බිම් කොටස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත පෙන්වා දීම සිදුකරන ලදී .
දඹුල්ල නගරයේ මධ්‍යයේ පිහිටා ඇති රෝහලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා අසීරුතාවයකට පත්ව සිටි අවස්ථාවක ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලීමක් පරිදි දඹුලු රජමහ විහාරස්ථානය සතු මෙම වටිනා ඉඩම රෝහල සඳහා පරිත්‍යාග කිරීමට තමා තීරණය කළ බව ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානය ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැව රාහුල හිමියෝ පවසති.
අමාත්‍යවරයා මුලින්ම නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සමග දඹුලු විහාරය ආසන්නයේම පිහිටි මෙම භූමිය නිරීක්ෂණය සඳහා පිටව ගිය අතර අග්‍රාමාත්‍යවරයා සමග සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා මහත්මිය සමඟ සාකච්ඡා කර ජාතික රෝහලක් මෙම ස්ථානයේ ඉදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය.
දැනට දඹුල්ල රෝහල පිහිටි මධ්‍ය භූමිය ඉදිරියේදී යම් කිසි වාණිජමය කටයුත්තකට හෝ වෙනත් කටයුත්තකට අවස්ථාව අනුව ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝහලක් හදන්න දඹුලු විහාරයෙන් ඉඩමක්
Sam Saturday, 30 January 2021 05:05 AM
ඉඩමේ ගස්ටික කපන්න ඉස්සෙල්ලා රෝහල හදන්න සල්ලි තියෙනවද කියලා බලන්න හාමුදුරුවනේ...
සුනිල් වික්‍රමසිංහ Sunday, 31 January 2021 05:46 AM
ඉදිරියේදී වර්තමානයේ රෝහල ඇති ඉඩම දේශපාලකයකු සතුකර ගැනීමේ ප්‍රයත්නයකට පෙර සූදානමක් විය හැකියි...