(අංජුල මහික වීරරත්න)
පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයේ ව්‍යාපෘති ආධාර ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල යන රෝහල් වල සූර්ය බල ශක්ති උත්පාදන පද්ධති ස්ථාපිත කිරීම මගින් විදුලි පහසුකම් සපයා ගැනීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය හරහා ජපන් යෙන් මිලියන 1230ක ව්‍යාපෘති ආධාරයක් (රුපියල් බිලියන 2.8ක) ලබා දීමට ජපන් රජයේ එකඟතාවය පළ කර ඇත.
සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ පුනර්ජනනීය නොවන බලශක්ති භාවිතය අවම කිරීම ,සෞඛ්‍ය සේවයේ සමස්ත කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම හා තිරසර සංවර්ධන ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වේ.
ඒ අනුව එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාලව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රෝහල්වලට හිරුගෙන් විදුලිය දෙන්න ජපන් ආධාර
prasanna Tuesday, 06 February 2024 02:31 PM
දැන් ඇමැති ඕකෙන් හොරාකන හැටි ප්ලෑන් කරනවා ඇති... හැමදාම කළේ සංවර්ධන වැඩවලට දෙන මුදල්වලින් ඇඳක් හොරකම් කරන එක... ඕවා ගැන පිටරට සුද්දොත් දන්නවා ලංකාවේ දේශපාලුවන්ගේ කෙරුවාවල්...
Aravinda Monarawila Tuesday, 06 February 2024 02:57 PM
හිතාගන්නවත් බැරි පුදුම යෝජනාවක්...! අපේම විදුලිය අපිටම ගන්න අදානිට, ඒකකයට ඩොලර් සත 50කට ගිවිසුම් ගැහුව පිනාගේ ආණ්ඩුව මේ වගේ හොඳ යෝජනාවක් ගෙනාව එක පුදුම සහගතයි. ජපානයෙන් එන ආධාර හෝ ණයවලින් කොමිස් ගහන්න හොරකම් කරන්න බැරි නිසා ඇත්තටම ව්‍යාපෘතිය ප්‍රෙයා්ජනවත් වෙයි.
චන්දන Tuesday, 06 February 2024 03:48 PM
මොවුන්ට කවදා ඥාණය පහළ වෙයිද? රජයේ රෝහල් විතරක් නෙවෙයි. පාසල් ඇතුළු සියළු රජයේ ගොඩනැගිලි.. අධිවේගී මාර්ගය.. විතරක් නොවෙයි පුද්ගලික නිවාස පවා මේ වැඩේට ගන්න පුළුවන්... මිනිස්සුන්ට වියදමට සල්ලි නැති නිසයි සෝලා පැනල් හයි කරන්නේ නැත්තේ... මොවුන් ඒකටත් වැට් ගැහුවා... මේ රට දියුණු කරන්න පුළුවන්ද?