(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රජයේ රෝහල් අතරේ වෛද්‍ය උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය සමබන්ධයෙන් බරපතළ විසමතාවක් පවතින හෙයින් ඒ පිළිබඳව කඩිනමි විමර්ශනයක් පවත්වා ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් අතිරික්තයක් පවතින අතර ඇතැම් ග්‍රාමීය රෝහල්වල වෛද්‍ය හිඟයක් පවතින බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 27 වැනිදා පැවති එම අමාත්‍යාංශයීිය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
මූලික රෝහල් මධ්‍යම රජයට පවරා ගැනීම මඟින් සෞඛ්‍ය පහසුකම් වඩා ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒමට හැකි වුවත්, පළාත් සභා යටතේ ඇති විෂයන් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා ගැටෙන බැවින් එය ගැටලු සහගත බව
රඹුක්වැල්ල මහතා කීවේය.
ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සුදුසු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජන රැල්ලක් පසුගිය කාලයේ විටින් විට ඇති වූ බැවින්, වැටුප් ඉහළ නැංවීමේදී පොදු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා මෙම කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
මෙරටට ඖෂධ වර්ග රැසක් පසුගිය වසර කිහිපයේදී වැඩියෙන් ආනයනය කර තිබීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු විය. ඇතැම් වර්ෂ වලදී අධි ප්‍රතිශතයන්ගෙන් මෙරටට ඖෂධ ආනයනය කර තිබූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කීවේය.
ඖෂධවලට අදාළව ජාතික තොරතුරු පද්ධතියක් ආරම්භ කරන බවත්, දිවයිනේ සියලු රෝහල් ඊට සම්බන්ධ කරගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇල්පිටිය මූලික රෝහලේ අඩුපාඩු රැසක් පවතින හෙයින් එම අඩුපාඩු සම්පූර්ණ කිරීමට ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය.
පොළොන්නරුව වකුගඩු රෝහල ඉදිකර විවෘත කළද එය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.
කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් ඇතැම් පුද්ගලයින්ගේ තොරතුරු ඊට අදාළව ක්‍රියාත්මක දත්ත පද්ධතියට ඇතුළත් නොවීම සම්බන්ධ ගැටළුවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පෙන්වා දුන්නේය. එම තත්වය කඩිනමින් විසඳීම සඳහා කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කාරක සභාවට දැනුම් දුන්නේය.
සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා 2022 වසර වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 1800 ක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
එය ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරයා පැවසූවේය.
අවම වශයෙන් තවත් මිලියන 1200 කින්වත් එම මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ජා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා කාරක සභාවට දැනුම් දුන්නේය.
මේ අතර ආයුර්වේද උපාධිධාරින් 719 දෙනකු රැකියා විරහිතව සිටින බවද ප්‍රාදේශීය වශයෙන් ආයුර්වේද බෙහෙත් ශාලා ආරම්භ කර, ඔවුන්ට පත්වීම් ලබා දීමට සැලසුමක් පවතින බවද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කාරක සභාවේදී කීවේය.
මෙම කාරක සභා රැස්වීමට මැති ඇමතිවරු 20 කට අධික සංඛ්‍යාවක්ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝහල්වල සම්පත් බෙදීයාමේ විසමතාව ගැන විමර්ශනයක් අරඹන්න