(අංජුල මහික වීරරත්න)
රෝහලක් යනු ඇඳක්, ඖෂධයක්, එන්නතක්, කාර්ය මණ්ඩල සේවාවක් පමණක් නොව රෝගියාට මානසික නිදහසක් ලබාදිය යුතු ස්ථානයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ අගලවත්ත පිඹූර රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන් පිළිබඳ ව සොයා බැලීමෙන් අනතුරුව නිලධාරීන් සහ රෝහල් කමිටු සාමාජිකයින් සමග පැවැති සාකච්ඡාවක දීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සෑම රෝහලක් ම සංවර්ධනය කිරීමේ දී භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන, පරිසරයේ අලංකාරය ද ආරක්ෂා කරමින්, ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂතා ද මතු කරමින් රෝගියාට මානසික සුවය ලබා දෙන ස්ථානයක් බවට රෝහල් පද්ධතිය දියූණු කිරිමට සැලසුම් සකස් කරන බව පැවසී ය.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා සැපයීමේ දී වැදගත් ම අංශයන් වන ද්විතීයික හා තෘතීයික රෝහල් 130 කින් යුත් සේවා පද්ධතියට අවශ්‍යකරණ, පහසුකම් ලබාදීමට මූලිකත්වය ගෙන කටයුතු කරන බව ද මෙහි දී පැවසූ අමාත්‍යවරයා මෙම රෝහල් පද්ධතිය තුළ මෙරට සම්පූර්ණ රෝහල් පද්ධතිය තුළ වන ඇඳන් සංඛ්‍යාවෙන් සියයට 75 ක් ඇතුළත් වන බව ද සදහන් කළේ ය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රෝහල් මානසික නිදහස දෙන තැන් විය යුතුයි
තුෂාර Monday, 10 February 2025 01:32 PM
වැඩිහිටි අයගේ සායන දවසට ඒ අය පෝලිම් වල බාගෙට මැරෙනවා අයියෝ...!
ගුණරත්න Monday, 10 February 2025 01:46 PM
මගේ පවුලේත් ඉන්නවා සෞඛ්‍ය සේවයට සම්බන්ධ අය. ඒ අය කියන්නේ සෞඛ්‍ය සේවයේ විශාල සේවක හිඟයක් තියෙනවා කියල, නිවාඩුවක් ගන්න බැරි තරමට සේවක හිඟයක්, මේකට හේතුව පළපුරුදු නිලධාරියෝ රට අතහැරලා ගිහින්. ඉතින් අමාරුවෙන් වැඩ කරගෙන යනකොට වැඩ අධිකකම නිසා මානසිකව වැටිලා ඉන්නේ. තරහා යනවා සෑහෙන්න. මේ ආණ්ඩුව කරන උනුත් මේ තත්වයට වගකියන්න ඕන.
රනේ Monday, 10 February 2025 02:42 PM
අපේ පොහොසත් ලස්සන රට දුප්පත් වුනේ අපේම වරදින්. අපිම දැන් අපේ රට අළුතෙන් හදමු.
Prishanthi Alahakoon Monday, 10 February 2025 05:06 PM
රෝගියාගේ රෝගය පිළිබඳ දැනුවත් කර බෙහෙත් පිළිබඳ දැනුවත් භාවය වෛද්‍ය සේවයේ දී රෝගියාට සලකන ආකාරය, කතා කරන ආකාරය රෝගියාට respect කළ යුතුයි.. ඒක සිද්ධ වෙනවා private බෙහෙත් ගන්න ගියාම... ආණ්ඩුවේ ඒවගේ සද්දේ ලොකුකම බලන්න ඕනි... මාන්නක්කාරකම.