IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රෝහල් ලෙඩ සුව කරන්න මන්ත්‍රී දොස්තරලා පෙරට

(සුජිත් හේවාජුලිගේ)

රටේ සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් මැදිහත්වී කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ වෛද්‍යවරුන් වන සියලු මන්ත්‍රීවරු අද  තීරණය කළහ.

ඒ අනුව රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (18) පැවැත්විණ.

මෙම සාකච්ඡාවේදී අද විශේෂයෙන්ම සාකච්ඡා කර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් විදේශ ගත වීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවී ඇති ගැටලු සම්බන්ධවයි.

විශේෂඥ වෛද්‍යවරුන් 400 දෙනකු සහ වෛද්‍යවරුන් 2000 ක පිරිසක් පසුගිය කාලයේ දී විදේශගතව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරිහු මෙහි දී පෙන්වා දුන්හ.

වෛද්‍යවරුන් විදේශගත වීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.

මෙම සාකච්ඡාවට වෛද්‍යවරුන්වන මහාචාර්ය චන්න ජයසුමන ,රමේෂ් පතිරණ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජිත සේනාරත්න, තිස්ස විතාරණ, සීතා අරඹේපොල, තිලක් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති,ගයාෂාන් නවනන්දන, කාවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරුද රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ නියෝජිත පිරිසක්ද සහභාගීවූහ.

පැයකට ආසන්න කාලයක් වන සාකච්ඡාව පැවැත්වුණු බව පැවසේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙම ගැටලු සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරු තවත් ක්ෂේත්‍රවල පිරිස් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙති.

 



අදහස් (12)

රෝහල් ලෙඩ සුව කරන්න මන්ත්‍රී දොස්තරලා පෙරට

දුන්නම කන්නා Wednesday, 18 October 2023 09:29 PM

ලංකාවට ප්‍රමිතිය නැති බෙහෙත්, ඉන්ජෙක්ෂන් ගෙනාපු ඇමැතියාට පක්ෂව ඡන්දේ දීපු මේ අයද සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්න විසඳන්න ඉදිරියට ආවේ...? වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ...

:       0       0

CHANDIMA Thursday, 19 October 2023 02:36 AM

එතකොට දොස්තර පඩියත් ගෙවනවද ?

:       0       0

chandima Thursday, 19 October 2023 02:41 AM

කාලයක්ම බොරු කියලා පුරුදු වෙලා නිසා ලෙඩ්ඩුන්ටත් බොරු බේත් ලියයිද ?

:       0       0

Perera Thursday, 19 October 2023 03:26 AM

බහුතරයක් ඇමැතිකම්, මන්ත්‍රීකම් මැටි මෝල්ලු දරන රටක උගත්, බුද්ධිමත් මිනිස්සුන්ට ජීවත් වෙන්න තරම් වාතාවරණයක් නෑ.

:       0       0

Nirmal Thursday, 19 October 2023 05:20 AM

මේ ගොල්ල මෙහෙම එකතුවෙන්නේ තමන්ගේ පඩි වැඩි කරගන්න විතරයි. වෙන කිසිම ප්‍රශ්නෙකට ඔහොම පක්ෂ විපක්ෂ එකතු වෙන්නේ නෑ. දවසක් නවනන්දන තපුල්ලුව කිව්වේ කාවින්ද ජයවර්ධන, දොස්තර කෙනෙක් නෙවේ කියලා. දැන් බලන්නකෝ දෙන්නම එකට ඉන්නේ. රටේ මේ දොස්තර මාෆියාව වහාම අවසන් කළ යුතුයි. එල් ටි ටි ඊ එකට පස්සේ දැකපු රටට වින කරන විශාලම සංගමයක්...!

:       0       1

mahinda Thursday, 19 October 2023 08:21 AM

මේ ඇමැතිට විරුද්ධ විශ්වාස භංග යෝජනාවේදී ඊට පක්ෂව ඡන්යද දීපු අයම නේද? මොවුන් අපට පශ්චාත් භාගය පෙන්වනවාද?

:       0       0

aberathna Thursday, 19 October 2023 08:54 AM

225 පට්ට හොරුන්ගෙන් බහුතරයක් බැලුවම දොස්තරලමනෙ.

:       0       0

prasanka Thursday, 19 October 2023 08:57 AM

රට යන එක නවත්වන්නේ නැතුව රටේ ඉන්න පුළුවන් විදියට රට හදන්න ඕන

:       1       0

sanka Thursday, 19 October 2023 08:58 AM

මේ ගොල්ලො රටට පෙන්නන්නෙ රටේ ලොකුම ප්‍රශ්නය තියෙන්නෙ මෙයාලට කියල. එදා වෙල කන්න නැති, වැඩ කරල වැටුප් මාස ගානකින් ලැබුන නැති, රැකියා අහිමිව පාරට වැටුන පිරිස් ඉන්නව තමන්ට පුලුවන් විඩියට ගොඩ එන්න බලනමින්. රටේ ඉහලම වැටුප් ලැබෙන, වෙලාවට වැටුප ලැබෙන, හොරට අතිකාල ගන්න, චැනලින් වලින් කෝටි ගනන් උපයන ඒවගෙන් බදු වලින් රිනගන පිරිසකට තම බැලුවම ලොකුම අමාරුව. මෙයලා රට යනවනම් යන්න දීල වෙන රටකින් ණයට හරි දොස්තරල ගෙනත් මේ ත්‍රස්තවාදය අවසන් කල යුතුමයි. නැත්තම් මෙයලට කොච්චර දුන්නත් මදි

:       10       13

Aponsu Thursday, 19 October 2023 09:01 AM

රෝහල් වල ලෙඩ සුව කරනව කිව්වට දොස්තරලගෙ පඩි සහ වරප්‍රසාද වැඩි කිරීම ගැනනනෙ කට්ටියම කතා කරල තියෙන්නෙ. එයාලට ඒව වැදි කලාම එ බරත් අහින්සක ජනතාව පිටම තමයි. ආර්ත්මර්තකමි කුහකයො

:       7       11

sashika Thursday, 19 October 2023 09:13 AM

මටනම් හිතෙන්නෙ ගොම සංගමය කියන්නෙ බොරු. ඔච්චර ගිය ගියා කිව්වට මෙයාල යන්නෙ නැ. යන එකා කිය කිය ඉන්නෙත් නැ. එවගේ ගිහින් මෙහෙම රඟන්නත් බෑ. ඇත්තටම බලුවොත් දොස්තර හිගයක් නැ. මෙයාල රොඉහල් වල නැති එක තමා හේතුව. දොස්තරල 22 ක් ඉන්න රෝහලේ හැමදාම පෙන්න ඉන්න 7 ක් 8ක්. අනිත් ඔක්කොම පුද්ගලික සේවයේ හො ගෙදර. හරියට බැලුවොත් බහුතරයක් දොස්තරල සේවය කරන්නෙ මාසෙට දවස් 10 ක් වගේ.

:       4       13

අරවින්ද මොනරවිල Thursday, 19 October 2023 11:18 AM

රාජිතා සේනාරත්න, චන්න ජයසුමණ හා සීතා අරඹේපොල වගේ අය එක්ක සාකච්ඡා කරලා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය මොනවද බලාපොත්රොත්තු වෙන්නෙ, ප්‍රශ්ණ වලට විසදුම්ද එහෙම නැත්නම් ඊළගට ආණ්ඩුවක් හදන හැටිද ?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1128 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 8 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 85 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 344 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1218 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 280 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site