IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රෝහලේ වලිය බිළිඳකු පිටින් යවලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම මූලික රෝහලේ නව ජන්ම ළදරු ඒකකයේ වෛද්‍යවරුන්  සිටියදී වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව හුවා දක්වමින් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සති තිස් හතරක බිළිඳකු අත්තනෝමතික ලෙස  අවිස්සාවේල්ල මූලික රෝහලට මාරු කර යවා ඇතැයි එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙම බිලිඳා ස්වසනාධාර උපකරණ සහිතව (vantilater) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවද ඔහු කීවේය.

හෝමාගම මූලික රෝහලේ නව ජන්ම ළදරු ඒකකය  විශේෂඥ  වෛද්‍යවරියන් දෙදෙනකු යටතේ පාලනය වන අතර එම ඒකකයට අනුමත සාමාන්‍ය වෛද්‍යවරුන් පස් දෙනකු සේවයේ නිරතව සිටින බව රෝහල් ප්‍රකාශකයා කීය.

එසේ තිබියදී වෙනත් ඒකකයක සේවය කළ සාමාන්‍ය වෛද්‍යවරයකුද මෙම ඒකකයට අනුයුක්ත කර ඇති අතර එහි අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබිණි.  රෝහලේ වෙනත් ඒකකයකට වෛද්‍යවරයකුගේ අඩුවක් තිබූ බැවින් මෙම ඒකකයේ වැඩිපුර සිටි වෛද්‍යවරයා නව උපත් ළදරු ඒකකයෙන් ඉවත්කර වෙනත් ඒකකයකට යොමු කිරීමට රෝහල් බලධාරීන් පසුගිය දා පියවර ගෙන ඇත.

පළිගැනීමක් ලෙස මෙසේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව හුවා දක්වමින් ස්වසනාධාර සහිතව දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටි සති 34ක බිලිඳකු කිලෝමීටර් 32ක් දුරින් පිහිටි අවිස්සාවේල්ල මූලික රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන  තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම බිලිඳා මාරුකර යැවූ අවස්ථාවේදී  තවත් දරුවන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර වෛද්‍යවරුන් නොමැති නම් එම දරු දෙදෙනා රඳවාගෙන එක් බිලිඳෙකු පමණක් මාරු කර යැවීමට පියවර ගත්තේ කුමන හේතුවක් නිසාදැයි රෝගීහු ප්‍රශ්න කරති.

දැඩි සත්කාර ඒකකයට අනුයුක්ත සාමාන්‍ය වෛද්‍යවරුන් පස්දෙනාගේ සේවය නොපිරිහෙලා ඉටු කිරීමට කැමැත්ත පළ කර ඇති පසුබිමක වෛද්‍ය හිඟයක් බව පවසමින්  බිලිඳකු මාරු කර යැවීම රෝහල තුළද දැඩි කතාබහට ලක්ව ඇත.

මෙවැනි අත්තනෝමතික ක්‍රියා සිදු කිරීමට මැදිහත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන්   අවධානය යොමු කර වහාම අවශ්‍ය පියවර ගන්නැයි රෝගීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.



අදහස් (3)

රෝහලේ වලිය බිළිඳකු පිටින් යවලා

C.K.Lankaputhra Friday, 30 June 2023 07:39 AM

වෛද්‍ය වරුද? වෛද්‍ය හොරුද? ඔක්කොම කැඳ හැලියක්. රටට වෙච්චි දෙයක්...

:       1       1

නිහාල් Friday, 30 June 2023 12:52 PM

බලධාරීනුත් ඒ ගොඩේම තමයි

:       0       2

Ishara Friday, 30 June 2023 08:08 PM

හේතුව තමා, එක් වෛද්‍යවරයෙකුට අමාරු දරුවන් තුන් දෙනෙකු බලා ගැනීමට නොහැකි වීම...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 120 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 394 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 266 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 4570 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 375 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 865 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 411 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1904 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site