(ඩයනා උදයංගනී)
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හෙද, අතුරුවෛද්‍ය සහ පරිපූරක සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18ක් එක්ව ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා ප්‍රතිකාර ගැනීමට පැමිණි අසාධ්‍ය රෝගීන් රෝහල් කොරිඩෝව තුළ දැඩි අපසුතාවයෙන් සිටිනු එහි ගිය අපට දැක ගත හැකියි.
ෙරෝහල් සේවකයන්ගේ වර්ජනයට අදට (14) ට සතියක් සම්පූර්ණ වේ.
මෙම වෘත්තීය සමිති විසින් ඉකුත් 7 වැනිදා උදෑසන සිට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රටපුරා රෝහල්වල කටයුතු අඩාල වී රෝගීහු දැඩි පීඩාවට පත්වූහ.
වැටුප් විෂමතා ඉවත්කිරීම, ඖෂධ මිල අඩුකිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල්කරගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත.
හෙද හෙදියන්, ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, විද්‍යුත් ඛන්තු රේඛන ශිල්පීන්, දන්ත කාර්මික ශිල්පීන්, ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සේවා 18 ක් මෙම වැඩවර්ජනයට එක්ව සිටිති.
එසේ වුවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නියෝජනය කරන හෙද හෙදියන් සුපුරුදු පරිදි රාජකාරී කටයුතුවල නිරතව සිටිනු ද දක්නට ලැබිණි.
රෝහල්වල බාහිර රෝගී අංශවලින් හා සායනවලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන්ට වෛද්‍යවරුන් විසින් ඖෂධ නියම කළත් ඖෂධවේදීන් විසින් ඖෂධ නිකුත් නොකිරීම නිසා රෝගීන් දැඩි පීඩාවකට පත්ව සිටි අතර රාජ්‍ය ඔසුසල්වලින් ඔවුන් වෙනුවෙන් නොමිලයේ ඖෂධ නිකුත් කෙරේ.
ඒ හේතුවෙන් ඔසුසල් ඉදිරිපිට දැඩි පෝලිම් තිබෙනු ද දක්නට ලැබිණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ඔසුසල ඉදිරිපිට
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රෝහල් සේවකයෝ මහ පාරේ:රෝගීහු කොරිඩෝවේ
suboda Monday, 14 February 2022 03:58 PM
ඉල්ලන්නේ නැතුව නිකන් රුපියල් 5000 වැඩි කරලා ආණ්ඩුව ඉල්ලන් කනවා.. හොඳ වැඩේ. මේ වෙලාවට තමයි ප්‍රේමදාස මහත්තයා හරි.. ජයවර්ධන මහත්තයාගේ හරි අගේ තේරෙන්නේ..
බද්රානි Monday, 14 February 2022 04:30 PM
ලෝකයේ හොඳම, උසස්ම ප්‍රමිතිගත සෞඛ්‍ය සේවයක් තියෙන්නේ අපේ මේ සිරි ලංකාවේ කියලානේ කියන්නේ? ඉතින් මේ ප්‍රදර්ශනය වන්නේ එහි ගුණාත්මක භාවය නොවේද? මෙවැනි ගුණාත්මක සෞඛ්‍ය සේවයක් රැකගන්න නේන්නම් අපේ රටේ ලෙඩ්ඩු එදා සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨයට එරෙහිව සටන් කරලා එය විනාශ කළේ... එවැනි පෞද්ගලික අධ්‍යාපන ආයතන විනාශ කරලා මෙන්න මේ වගේ දිනයක පෞද්ගලික රෝහලකින් මුදල් ගෙවා බෙහෙත් ටිකක් අරගෙන බීපුවාම, ඇඟට දැනෙන සනීපය, සුවය හා සතුට නම් ඉතින්, කියලා නිම කරන්න බැහැ.
chathu Monday, 14 February 2022 04:54 PM
දියුණු රටවල් සෞක්‍ය නිකන් දෙන්නේ නැහැ. ඒ සඳහා හැමෝටම රක්ෂණ ක්‍රමයක් තියෙනවා. 30%ක් තමනුත් 70%ක් රක්ෂණ ආයතනෙනුත් ගෙවනවා. ඒක නිසා සෑම රෝහලකටම සල්ලි තියෙනවා. අලුත් උපකරණ ගන්න, ඉන්න සේවකයින්ට ප්‍රමාණවත් වැටුපක් ගෙවන්ඩ පුළුවන්... උද්ගෝෂණ කරන්න ඕනෑ වෙන්නේ නැහැ. නිකන් බෙහෙත් සහ අධ්‍යාපනය දෙනවා කියලා මිනිස්සු ලංකාවේ ඉන්නේ නැහැ. අසාවෙන් ගෙවලා ජීවත් වෙන්න ඕනි රටවල් වලට යනවා. දුප්පත් මිනිස්සුන්ට ගෙවන්න බැහැ කියලා... පුළුවන් අයත් ගෙවන්නෙත් නැහැ. හැමදාම නිකන් බෙහෙත් අරගන්නවා. ලංකාව කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ ඒක නිසා... දුප්පත් අයට කිසියම් ක්‍රමවේදයක් සහ අනිත් හැමෝටම සාධාරණ ගාස්තුවක් අයකරා නම් ලංකාව දියුණු රටක් වේවි.