( ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
රෝහල් සුළු සේවිකාවකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විශේෂඥ වෛද්‍යවරයා අද (18) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි.
කෙසේ වෙතත් මෙම වෛද්‍යවරයා යම්කිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ඇති හෙයින් දැනට පොලිස් ආරක්ෂාව යටතේ ඔහු පසුවන බව පොලිසිය කියයි.
මෙම කරුණු සම්බන්ධයෙන් අදාල සේවකයන් සහ කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා අතර සාකච්ඡාවක් අද (18) උදෑසන පැවති අතර රෝහල් අධ්‍යක්ෂකවරයා මෙහිදී සේවක සේවිකාවන්ට පවසා සිටියේ අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බැවින් දැනට ඔවුන් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින ලෙසයි.
කෙසේ වෙතත් සේවක සේවිකාවන් පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පැමිණ පරීක්ෂණයක් ආරම්භ කරන තුරු මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයත් නොහරින බවයි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රෝහල් සේවිකාවට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට
Siripala Thursday, 18 January 2024 11:12 AM
මේ දොස්තර පිටින් බෝධි සත්වයෙක් වගේ පෙන්නුවට ඇතුලතින් යක්ෂයෙක්. අවස්ථා ගානකදී ගැටුම් ඇති කරගත් පුද්ගලයෙක්. අනිවාර්යෙන්ම රිමාන්ඩ් බන්ධනාගාර ගත කල යුතුයි
රංබොඩ Thursday, 18 January 2024 12:19 PM
සුළු සේවක සේවිකාවන් හොඳයි කියනව නෙවෙයි. ඔවුන් ගේ හැසීරීමත් බොහෝවිට නරකයි. මොකද ගොඩක් දෙනා දේශපාලන පත්වීම් වලින් ඇවිත් ඉන්නෙ . ඒ අතර අහිංසක අයත් ඉන්නවා. වෛද්‍ය වරුන් ඉහළට යන්න යන්න මානසිකව අසම බර වෙනවා. පොත් සහ රෝගීන් සමඟ විතරක්ම ඉන්න නිසා වෙන්න පුලුවන් .සියලු දෙනා පාගගෙන අසාමාන්‍ය මාන්නයකින් පෙළෙනවා.ඒ අතර ඉතා හොඳ මිනිසුන් ඉන්නවා. ඔවුන් මානසිකව නිරෝගී අය.
Lal Thursday, 18 January 2024 07:57 PM
කක්කුස්සි හෝදන කෙනෙක් නිසා වෛද්‍ය වරයෙක් සිරගත කිරීම අනුමත කළ නොහැක...