( පුෂ්පකුමාර මල්ලවආරච්චි )
රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලියක් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස දිවුලපිටිය පොලිසිය හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම කල්ලියේ සාමාජිකයින් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදෙන පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධීන් ගණනාවක් ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් ලෙස පෙනී සිටිමින් විවිධ කාරණා සඳහන් කරමින් මුදල් ලබා ගැනීමට උත්සාහ ගත් අවස්ථා රැසක් පිළිබඳ ව වාර්තා වී ඇත.
මෙම පිරිස දුරකථන ඇමතුම් ලබාදෙන අවස්ථාවේ දී මුදල් ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් අංක පවා ලබාදී ඇති අවස්ථා අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළේය .
මේ අතර දෙපාර්ශවයක් අතර ඇති වූ සුළු ගැටුමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙසට පා පැදියකින් පැමිණ දැනුම් දුන් බව කියන සිද්ධියක් පිළිබඳව ද පොලිසියට වාර්තා වී ඇති අතර දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ එසේ පැමිණිලි විභාග කිරීම සඳහා කැඳවීමේ අවශ්‍යතාවයක් නැති අතර කිසිදු නිලධාරියකු පාපැදි වලින් තම රාජකාරී සඳහා පිටත්ව ගොස් නැති බවය.
විශ්‍රාම වැටුප් හිඟ මුදල් ලබා දීීීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා බව පවසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් එම රාජකාරී ඉක්මනින් කර දීම සඳහා බව පවසා ජනතාව ගෙන් මුදල් ලබා ගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව වාර්තා වී ඇතැයි ද මේ ආකාරයෙන් දුරකථන පණිවිඩ මගින් හෝ නිවෙස් වලට පැමිණ මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා පුද්ගලයින් ගේ ක්‍රියාවලියට අසු නොවන ලෙසත් ඔවුන් නීතිය රැහැනට අල්ලා ගැනීමට අවශ්‍ය සහාය පොලිසියට ලබා දෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද පොලිසිය සඳහන් කරයි .
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්