IMG-LOGO

2025 මාර්තු මස 26 වන බදාදා


රැකියා කණ්ඩායම් දෙකක් අද ඊශ්‍රායලයට

(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් දෙවැනි   කණ්ඩායම අද (24) දිවයිනෙන් පිටත් වන  බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. මෙම කණ්ඩායමට රැකියාලාභීහු 20 දෙනෙක් ඇතුළත් වෙති. 

මෙම පිරිසට ගුවන් ගමන් බලපත්‍ර ලබාදීම  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

පසුගිය වසරේ නොවැම්බර් මස පැවති ප්‍රායෝගික පරීක්ෂණ වලින් තෝරාගත් මෙම පිරිස මේ වසරේ ජනවාරි මසදී ඊශ්‍රායලයට විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්නා ක්‍රමය වන ලොතරයි ඇදීම මගින් තෝරාගෙන තිබේ.

මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකියාලාභීන් 38 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ද අද (24) කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම පිරිස ද අද දිනම ඊශ්‍රායලය බලා පිටත් වීමට නියමිතව ඇත.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 1266 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.



අදහස් (5)

රැකියා කණ්ඩායම් දෙකක් අද ඊශ්‍රායලයට

DHARMATILEKE Monday, 24 March 2025 10:43 PM

ඔබලා උපයන මුදල් වල අහිංසක පලස්තීනේ ළමයින්ගේ ලේ තැවරි ඇත , මෙය හොදින් මතකයේ තියාගන්න විශේෂයෙන් ඔබ පියෙක් නම්

:       0       1

Nature Tuesday, 25 March 2025 06:32 AM

Interview 3ක් pass වෙලා අවසානේ lottery ඇදිමකින්ලු ගන්නේ. 21000ක් විතර ගන්නවා interview 2ට.මුන් මිනිස්සුන්ගෙ සල්ලි ගසාකන වැඩක් කරන්නේ රට යවනව කියල. Interview එකෙන් pass නම් lottery එකෙන් fall උනොත් ආයේ වෙන අංශයකින් try කරන්න කියනවලු. හොරු හැමතැනම ලංකාවේ.කාලකන්නි තිරිසන්නු

:       0       2

Nature Tuesday, 25 March 2025 06:32 AM

Interview 3ක් pass වෙලා අවසානේ lottery ඇදිමකින්ලු ගන්නේ. 21000ක් විතර ගන්නවා interview 2ට.මුන් මිනිස්සුන්ගෙ සල්ලි ගසාකන වැඩක් කරන්නේ රට යවනව කියල. Interview එකෙන් pass නම් lottery එකෙන් fall උනොත් ආයේ වෙන අංශයකින් try කරන්න කියනවලු. හොරු හැමතැනම ලංකාවේ.කාලකන්නි තිරිසන්නු

:       0       0

fairoosmr Tuesday, 25 March 2025 11:56 AM

ඊශ්‍රායලය වගේ රටකට ගිහින් හම්බකරනවාට වඩා හොඳ හිඟාකන එක

:       1       0

Saman Tuesday, 25 March 2025 05:28 PM

සාර්ථක වූ සියලුම දෙනාට සුබපැතුම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

ලංකාව - චෙක් ජනරජය අතර අධ්‍යාපන සහයෝගීතා ගිවිසුමක්
2025 මාර්තු මස 26 43 0

ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි ආචාර්ය Eliska Zigova මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදු විය.


යුද්ධයේ වගකීම මහින්ද බාර ගනී
2025 මාර්තු මස 26 1 0

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන මහත්වරුන්ට බ්‍රිතාන්‍ය රජ


’’ගුවන් යානා අනතුරේ සම්පූර්ණ වාර්තාව මෙතෙක් පිටවෙලා නෑ’’
2025 මාර්තු මස 26 167 0

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටීමේ ගුවන් අනතුර සම්බන්ධ වාර්තාව මෙතෙක් පිටවී නැතැයි කැබිනට්


පාසල් සිසුවා පොලිසියේ දෙදෙනා යට කරලා
2025 මාර්තු මස 26 6 0

පාසල් ශිෂ්‍යයකු පැදවූ ත්‍රී රෝද රථයකට වතුපිටිවල නගරයේ දී අද (26) පස්වරු 1.00ට පමණ පොලිස් නිලධාරීන් දෙදෙනකු යට වීමෙන් තුවාල වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ


දේශබන්දු නෙරපන දිනය කියයි
2025 මාර්තු මස 26 678 1

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


බ්‍රිතාන්‍ය සම්බාධක ගැන රජයේ ස්ථාවරය අද
2025 මාර්තු මස 26 741 4

හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) සවස දැනුම්දෙන බව කැබිනට් ප්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 367 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 632 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1300 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site