IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි

(හේමන්ත ද සිල්වා)

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා අම්බලන්ගොඩදී පැවසීය.

නියෝජ්‍ය ඇමතිවරයා එසේ පැවසුවේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති අම්බලන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මුලසුන හොබවමිනි.

මෙම  15 වැනිදා රිලවුන් හා වඳුරන් වැනි වගා හානි කරන වන සතුන් පිළිබඳ සංගණනයක් රට පුරාම පැවැත්වෙනවා. වගා අස්වනුවලින් සියයට තිහක් හතළිහක් අතර ප්‍රමාණයකට වන සතුන්ගෙන් හානි වෙනවා. මේක අද හාස්‍යයට ලක් කරන අයගෙන් විසඳුමක් ඇහුවාම ඒවාට පිළිතුරු නැහැ.

බල්ලන්ගේ ප්‍රශ්නයක් තියෙනවා.මේ වගා හානි කරන රිලව් වඳුරන් වැනි සතුන් දූපතකට හරි ගෙන ගොස් දමා මිනිස්සු අර අවුරුද්දකට සැරයක් දානයක් දෙනවා වගේ දවසක් දවසක් ගාන ගොස් ඒ සත්තුන්ට කෑම ටික දෙන වැඩපිළිවෙලකට අප යා යුතුයි.

මොනවා හරි විසැඳුමක් වැඩපිළිවෙළක් මේ ප්‍රශ්නය විසඳීමට අවශ්‍යයි. මේ වන සතුන්ගේ ප්‍රශ්නයට මීට වඩා හොඳ උත්තරයක් දෙන්න සූදානම් එය පිළිගන්න අපි කැමතියි.මේකට විසඳුමක් තියෙනවා නම් ඒක අහන්න අපි කැමතියි.

 



අදහස් (8)

රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි

sakra Wednesday, 12 March 2025 06:07 AM

නියම උතරයක්නේ උන්නැහේ හොයාගෙන තියෙන්නේ .බලාගෙන උන්නැහේ පරිස්සමට වාඩිවෙන්න . මොකද මොලේ තැලෙන්න පුළුවනි .

:       2       2

Chandra Nagasena Wednesday, 12 March 2025 06:21 AM

රිලවුන් වැනි සතුන් දූපතකට ගෙනගොස් දානය දෙනවා වගේ කරනවානම් උන්ට එම ආහාර දීමට පිරිසකුත් අවශ්‍ය වෙනවා .ඒ අඩුපාඩුව ගෙවතුවලට පැන හොරෙන් පොල් කඩන කෙසෙල්කැන් කපන භවභෝග හොරකම් කරන පිරිස ලවා කරවනවා නම් අවශ්‍යම කටයුතු දෙකක් වෙනවා. එම හොරු ප්‍රමාණවත් නොවේනම් හොර බඩු ගබඩාකර ගැනීම සදහා පහසුකම් සපයන අයගෙනුත් ඒවා මිලට ගන්නා අයටත් පැවරීම කරනවා කියලත් කියන්න රටට ලොකුම සේවයක් වේවි

:       0       0

Roshan Wednesday, 12 March 2025 06:41 AM

වදුරා, රිළවා, බල්ලා, පූසා පරිසරයට හානිදායකද ? බල්ලාගේ සේවය ගැන දන්නවාද? එවැනි සතුන්ගේ සේවය ගැන දැන ගැනීමට කැමතිද? Roshan

:       1       1

ගුණරත්න Wednesday, 12 March 2025 07:42 AM

ඔය කිසි දෙයක් හරි යන්නේ නැහැ, කරන්න තියෙන එකම දෙය තෝරාගත් ප්‍රදේශවල සතුන් ඝාතනය කිරීම පමණයි, ඉතා ධනවත් රටවල් වලත් ඔය දේම කරනවා,

:       2       3

සංජීව Wednesday, 12 March 2025 08:02 AM

පරිසරයේ සමතුලිතතාව නැති වන ලෙස සතුන් ගාල් කරල විසඳුම් හොයන්න බෑ. එහෙම කළොත් පැටවුන් හා දුර්වල සතුන් සියල්ල මැරිලා යන අමානුෂික තත්වයක් ඇති වේවි. කල යුත්තේ සතුන්වන්ධ්‍යකරණය වැනි විසඳුමකට යාමයි ගැහැනු සතුන්ට උපත් පාලන ලූපයක් දැමීම නියමු ව්‍යාපෘතියක් ලෙස විශ්ව විද්‍යාලයක් මගින් සිදුකලා. එය සාර්ථක වූ බවත් ජනමාධ්‍ය වල පලවුනා. එවැනි යම් වැඩපිළිවෙළක් ඉදිරියට ගෙනයාම දැනට ඇති හොඳම විසඳුමක්.

:       1       2

සිරිපාල - අම්බලන්ගොඩ Wednesday, 12 March 2025 08:04 AM

කට වහගෙන ඉන්නකම් මෝඩයත් පණ්ඩිතයෙක් කියල කියමනක් තියෙනව. නලින් මහත්තය පාර්ලිමේන්තුවේදීත් කියන්නෙ ඔන්න ඔය වගේ කථා. ඉතිං ගමට ඇවිල්ලත් කියන්නෙ ඔය වගේ මෝඩ කථා. අනේ මන්ද අපිත් මේ මිනිහට ඡන්දෙ දුන්න. ඇත්තටම අපිට බරිදි අපි මේ මනුස්සයට දීපු ඡන්දෙ නැවත ගන්න. නලින් මහත්තය,ඔයා හොද උපදේශ කවරයො කිහිප දෙනෙක් පත්කර ගන්න. මොකද දැන් ඔයා නියෝජ්‍ය ඇමතිවරයෙක්. ඇත්තටම මේ හිතවත් කමටයි කියන්නෙ. පව් ඔයා වැඩි කල් යන්න කලින් දේශපාලන කුණු බක්කියට යන කෙනෙක් හැරියටයි මට නම් පේනනෙ.ඔයා වාචාල කමට දෙඩෙව්වට මෙලොව දෙයක් ගැන අවබෝධයක් නැහැ. ඒ බව ඔවාගේ කථා වලින් හොදටම පේනවා.

:       0       2

aponsu Wednesday, 12 March 2025 08:36 AM

දූපතකට ගිහින් දාල දානෙ දෙන්න ඕනි 159 ට.

:       1       1

යෝගා Wednesday, 12 March 2025 09:38 AM

මෙච්චර කල් යට ඇඳුමෙ ඉඳන් වඳුරන්ට පිනට දීපු ජයශාන්ත අයියට කියමු මින් ඉදිරියට රිලවුන්ට වියදම් කරන්න කියලා. වඳුරන්ගේ පක්‍ෂ අරමුදලත් දැන් සරු ඇතිනේ. උන්ට දැන් නත්තල්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

අනුරපුර දූෂණ සැකකරුට කරන දේ මහජන ඇමති කියයි
2025 මාර්තු මස 12 322 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක


කතානායකගේ පාසලේ දරුවෝ අද මැතිසබයේ
2025 මාර්තු මස 12 115 0

තමා අධ්‍යාපනය ලැබූ පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් පාර්ලිමේන්තු මහජන ගැලරියේ සිටින බවත් ඒ අය උණුසුම් අයුරින් පිළිගන්නා බවත් කතානා


දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 1468 7

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 1232 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 266 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 2012 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 111 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 284 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 205 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site